Saturday, February 6, 2016

බුදුන්ද හූනියමද


ඡන්දෙ දවස තීරණය මන්තරකාරයො
ඡන්දෙන් දිනනව කියලා ඡන්දෙ ඉල්ලපං කිව්වෙ සුමනෙ කේන්දරේ බලලා
නාමයෝජනා අස්සං කලේ මතුරපු පෑනෙන්
අස්සං කරන්න ගියේ කොමසාරිස්ගෙ අස්සෙන් රිංගලා සුභ දිසාව බලාගෙන
අස්සං කරන්න එළියට බැස්සෙ සුභ මොහොතින්
ඡන්දෙ දාන්න එළියට බැස්සෙ සුභ මොහොතින්
ඡන්දෙ දිනන්න කියලා අරලියගහ මන්දිරේ ඇතුලේ සිරිසේනගෙ පඹයො පුච්චලා මලයාලම් හූනියං කළා...
මිනිස්සු වසී කරගන්න බෝලයක් අතේ තියං උදේ හවා මිරිකුවා..
තිරුපති ගියා
.
ඡන්දෙ පරාදයි.. හුකෑස්
.
අගමැති වෙන්න ආව..
නූල් බැන්දා
හූනියං කළා..
ගෙදර දොර ජනෙල් තියන තැන් මාරු කළා
පූල් වලට වැලි පිරෙව්වා..
මුට්ටි වැළලුවා..
.
ඡන්දෙ පරාදයි..
.
මහා සිංහල බෞජ්ජයා..
බැලුවොත් පන්සලේ බණ කියනවා..
ජනවාරි පළවෙනිදා ආවා..
12.01 ට පවුල පිටින් පොට්ටු තියන් පූජා වට්ටි උස්සගෙන දේවාලෙ අස්සෙ රිංගලා..
දැං බලේ ගන්න හොරෙන් පොල් කඩලා පිං පෙට්ටිය ගෙනිච්ච එකාව හොයා ගන්න බැරි සීනිගම දෙයියො ගාවට ගිහිං ගලේ ගහනවා..
පොල් ගහනව කියන්නෙ ව්‍යාපාදය.. අනුන්ට අයහපත පැතීම
.
මම බෞද්ධ අපෙ හාන්දුරුවනේ කියාගෙන බුදුන් ප්‍රතික්ෂේප කරපු තිරස්චීන විද්‍යා ( යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්,ග්‍රහතරු කේන්දර ) පස්සෙ බඩගානව..
ධර්මයේ හරය අමු අමුවෙ විනාස කරනව
මිත්‍යාව වපුරනව...
.
අනුගාමික ගොන් බයියො එතුමගෙයි අනිත් මැට්ටන්ගෙයි පස්සෙ යනවා..
.
හැබැයි පට්ට බෞද්ධ..
බුද්ධාගම රැකගන්න කඩු පොලු අරං එළියට බහින්න බලාගත්ත ගමං ඉන්නෙ..
බැලුවොත් ඇඟ පුරා බෞද්ධකම බේරෙනවා..
.
අනේ උඹලෑ බෞද්ධකම..
.
උඹලා ඉන්දියන් කාරයන්ට හිනා වෙනවා.
පිළිම කිරි වලින් නාවන උන්ගෙයි උඹලෑයි වෙනසක් තියනවද...
.
මෛත්‍රී ද මහින්ද් ද අනුරද කියලා අපිට වැඩක් නෑ..
ගොන් පාට් ගොන්පාට්ම තමයි මොකා කළත්
.
ඕන මගුලක් කරගනිං අපිට කමක් නෑ හූනියං බැරිනං අප්පච්චි වෙනුවෙන් ලෙමන් පෆ් එකක් කාගෙන උපවාස කළත්
සිරිසේන මෙසේ හූනියම් කළද මහින්ද කළද අනුර කළද මොකා කළද අපිට කමක් නැත..
කැමති ආගමක් අදහන්න නිදහස මේ රටේ තියනවා.
හැබැයි ඒකට ඔය ගොන් පාට් වලට වැඩිය ආලෝක වර්ෂ ගාණක් ඉස්සර තියන බුදුන්ගෙ දර්ශනේ ගාවගෙන අපි බෞද්ධ යකෝ කියලා දඟලල බුද්ධාගම ජෝක් එකක් කරන්න එපා..
අත්තෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සන්ති තාරකා කියපු බුදුගෙ ධර්මෙ උඹලා විකුණං කන්නෙ.. හූනියං කර කර....
ගෝත්‍රික මිත්යා දෘශ්ඨිකයො තියා මොන නිගන්ඨයෙක් උනත් අපිට කමක් නෑ... උඹලා ලෝකෙම පිළිගත්ත බුදුන්ගෙ ධර්මෙ විකුණං කන් නැතුව හිටපල්ලා..
අපිට බුද්ධාගම උගන්නන්න එන්නත් එපා..

No comments:

Post a Comment