Friday, February 12, 2016

වීරයා සහ මෝඩයා


මේ ඉන්නෙ හමුදා නිලධාරීන් දෙන්නෙක්
හැබැයි වෙනසක් තියනව
එකෙක් හිනාවෙනවා.. එකෙක් අඬනව
රෝද පුටුවෙ ඉන්න මනුස්සය රට වෙනුවෙන් තම අවයව පූජා කරලා දැන් ආබාධිත වෙලා ඉන්න සැබෑ වීරයෙක්..
අඬන එකා රටේ සල්ලි හොරා කාළා බන්ධනාගාර ගත වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයෙක්..
රෝද පුටුවෙ ඉන්න මනුස්සයට පදක්කම් නෑ.. ලොකු රෑන්ක් නෑ.. සම්මාන නෑ.. ලොකු වැටුපක් නෑ..
හැබැයි රට වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් යුද්ධෙට ගිහින් තමන්ගෙ පාද අහිමි කරගෙන ඉන්නෙ..
නමුත් ඒ මනුස්සය හිනා වෙනව..
ඒ ඇයි.. තමන්ගෙ ජීවිතේ පරදුවට තිබ්බත් වදපු අම්මටයි හදපු ලක් අම්මටයි ණය නෑ කියන අභිමානෙ හිතේ තියන හින්දා...
.
ඔය හොටු පෙරන් අඬන එකා තමයි හමුදාවෙ හොඳම නිලධාරියට දෙන ප්ලැටිනම් සම්මානෙ ගත්තෙ..
හොඳම වෙඩික්කරු
හොඳම පිහිණුම් ශූරයා
රග්බි කණ්ඩායමේ නායකයා..
හැබැයි පොඩ්ඩ ඇත්තං හොටු පෙරන් අඬනවා..
සුදුසුකමක් නැතුව නේවි එකට බැඳිලා ලුතිනන් කෙනෙක් උනා..
යුද්ධෙට තියා යුද්ධෙ තියන කාළෙ අනුරාධපුරේටවත් ගිහින් නෑ..
හැබැයි නේවි එකේ හොඳම නිලධාරියට දෙන සිස්සත්වෙ අරන් එංගලන්තෙට වෙලා රටේ සල්ලි කාබාසිනියා කරලා සැප ගත්තා...
රග්බි මැච් එකක් වෙලාවෙ නුවර මැච් එකක් පැරදිලා අනිත් ටීම් එකට සප් කරන්න ආපු කෙල්ලන්ටත් ගහපු අමනයෙක්..
මූ හිටපු මැච් එකකට බලන් හිටපු ආමි කොල්ලො චියර් කළේ නෑ කියලා උන්ව ග්‍රවුන්ඩ් එකට දාලා පනිශ් කරපු වීරයෙක් කියලා හිතන් හිටපු මෝඩයෙක්..
නේවි පඩිය විතරක් ලැබුණට කෝටි ගාණක් දීලා ටීවී චැනල් එකකුත් පටන් ගත්තා..
ඒක ඔප්පු කරගන්න බැරුව බන්ධනාගාර ගත උනාම තමයි ඔය හොටු පෙරන් අඬන්නෙ..
.
මෙහෙම වැඩ කරලා වීරයෙක් වෙන්න හමුදාවෙ ජීවිත පූජා කරපු වීරයන්ගෙ නම විකුණන් කන මේ වගේ උන්ට ඔයාලා වීරයො කියනවද..??
මුන්ව බේර ගන්න කියලා කොළ අස්සන් කර කර දඟලන උන් ඇත්තටම රටට ආදරේ උන්ද..??
.
ඒක හින්දා ඔයාලත් මේ වගේ ගොන්නුන්ට කඩේ යන් නැතුව නියම වීරයා කවුද කියලා තේරුම් අරන් නියම වීරයෙක් වෙන්න..
.
( ප.ලි- රට වෙනුවෙන් යුද්ධෙට ගිහින් අතපය දන් දීලා ආබාධිත වුණු අයියෙ.. ඇත්තටම මට සමාවෙයං ඔයා වගේ නියම වීරයෙක්වයි මේ හොටු පෙරන මූසලයවයි එක පොටෝ එකට දාලා සන්සන්දනය කරන්න උනාට.. )

No comments:

Post a Comment