Wednesday, October 19, 2016

සජිත් විතරද වැරදි..??



ආසියාවේ ප්‍රථමයෙන් සර්ව ජන ඡන්ද බලය ලැබූ රටවල් වලින් එකක් වන ශ්‍රී ලංකාවේ මහජනයාට සේවය කිරීමට පත් කරන ලද මහජන සේවකයෙක් වන සජිත් ප්‍රේමදාසගේ ලැජ්ජා නැති ගහයට රස්සා දන්සල දෙස බලා පුදුම වූවාද..? එහි කිසිදු පුදුම වීමට දෙයක් නොමැත, අවුරුදු 68 ක් තිස්සේ ලංකාව පවතින්නේ ඔයිටත් වඩා අන්ත පහත් තත්වයක බව එසේ සිතුණානම් ක්ෂණිකව මතක් කර ගන්න..
         රැකියාවක් නොමැතිව පූර්ණ කාලීන දේශපාලනය කරන සජිත් ට ද ඔහුගේ බිරිඳටද පවුලේ අනෙක් අයටද කන්න අඳින්න දෙන්නේ ඒ ගහට පොඩ්ඩක් එහා පැත්තෙන් අව්වේ කරවූ මහජනතාවයි.. යන්න ප්‍රාඩෝ මොන්ටේරූ ද.. විදේශ සංචාර ද.. නවතින තරු හතේ හෝටල් වල බිල් ගෙවන්නේද ඒ අව්වේ කර වූ වැඩකර කඹුරා බදුගෙවනා මේ රටේ මහජනතාවයි.. ඒ මහජනතාව සිරියාවේ යුධ අනාථයන් පිරිසක් සේ ප්ලාස්ටික් පුටුවල කට්ට අව්වේ ඉන්දවා.. තමන්ට කන්න දෙන මිනිසුන් ඉදිරියේම සුවපහසු කැරකෙන පුටුවක් තබා පඬුපුල් ආසනයේ විරාජමානව වැඩහිඳින ශක්‍රයා මෙන් ඉඳගෙන.. බල්ලන්ට පාන් දමන්නාක් සෙ



 රස්සා බෙදන සජිත් ප්‍රේමදාසට ලජ්ජාවක් කියා නාමයක් තිබෙනවා නම් ඒ හැඳසිටි කොට කළිසමද ගලවා දමා මහජනතාවගෙ වැඳ සමාව ගත යුතුය..
කතාවක් කළොත් මහජනතාවගේ යටහත් පහත් සේවකයා ය... ජනතාව සුඛිත මුදිත කරනවාය කියා කියවන.. පිය උරුමය නිසා දේශපාලනයට පැමිණ. පියාගේ නම කියා තවමත් ඡන්ද ඉල්ලන.. සජිත් ප්‍රේමදාසගෙන් වසර දහතුනක් පාසල් ගොස් විශ්වවිද්‍යාලයකින් පිළිගත් උපාධියක් ලැබූ දරුවන් හාමු මහත්තයාගෙන් ණය ඉල්ලන්න ආ ගැමියන් මෙන් රස්සා හිඟා කෑයුතුද..??
''මම මේ රටේ ප්‍රධාන මහජන සේවකයා ය.. නැවත රජවරු ඕනෑ නැතැයි...'' කී සිරිසේන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ නිවාස ඇමතිවරයාගේ මේ නින්දාසහගත හැසිරීමට ආණ්ඩුවම ජනතාවගෙන් සමාව ගත යුතුය...
මෙය මෙතරම් කාලයකට සිදු කළේ සජිත් විතරද...? නැත නමුත් යහපාලනයේ නාමයෙන් දිවුරූ අයම මේවා කරද්දී එතැන විශාල ප්‍රශ්ණයක් ඇත...
ප්‍රශ්ණය  ඇත්තේ කොතනද... සියල්ලන්ටම මතක ''උසනම් සිකුරුටි - මිටිනම් කම්කරු'' කතාවයි,,.. නමුත් ඊට එහා ගිය පුළුල් සමාජ දේශපාලනික කතිකාවක් මේ විනාඩි තුන ඇතුලත සැඟවී ඇති බව ඔබ සිතුවාද..?
මෙයින් එළියට එන්නේ වසර 68ක් තිස්සේ ලංකාවේ කොඳුනාරටි බිඳූ සමාජ දේශපාලන ආර්තික ක්‍රමයයි... මහජනතාව සහ මහජන සේවකයාගේ වෙනස නොදත්. තම අයිතිවාසිකම් , තම යුතුකම්, තම වගකීම්.. ,නොදත් ජනතාවගේ පිළිඹිබුවයි.. ආත්ම අභිමානය.. ස්වාධීන චින්තනය බිඳහෙලා වහලුන් නිවටුන් බවට ජාතියක් පත්කළ ක්‍රමයක නිරුවතයි... පොලීසි තිබෙන්නේ මහජනයාට සේවය කිරීමටයි.. නමුත් ලංකාවෙ මිනිසු පොලීසියකට ගිය විට සිටින්නේ OICමහත්තයාගෙන් ගත් ණයක් ගෙවීමට ආ ආකාරයටයි.. ග්‍රාම සේවකගේ සිට ප්‍රාදේශීය ලේකම්, දිසාපති මෙන්ම සියළු රජයේ ආයතන වල ශාතිශය බහුතරයක් නිලධාරීන් ද හැසිරෙන්නේ ඔය ආකාරයටයි.. ඔවුන් තමන් වෙනුවෙන් සේවය කරන්නන් බව ජනතාව දන්නේ නැත..බහුතර රජයේ පත්වීම් දෙන්නේද සජිත්ගේ ක්‍රමයටමය..'' ඒඇමති එයාගෙ උන් පුරෝනවා.. මං මගේ උන් පුරෝනවා..'' සජිත් ගේ වචන මේ සම්පූර්ණ සිස්ටම් එක පැහැදිලි කරයි.. එසේ යන නිලධාරීන්, සේවකයන් ඉන්පසු ආයතනයේ රාජකාරි කරන්නේ නැත.. ''මං ඇමතිගේ මිනිහෙක්.... මිනිස්ටර් මගේ යාළුවෙක්..'' කියා කියා ලොක්කාවද යටත් කරගෙන සිටියි.. අනිත් සේවකයන් ඔවුන්ගේ බරද ඇදිය යුතුය..දේව මණ්ඩලය මෙන් එකසිය ගණනින් සිටින හැම ඇමතියාගෙම මන්ත්‍රියාගෙම හෙන්චයියන්ගෙන් රටේ අමාත්‍යාංශ, සංස්ථා, ඇතුළු රාජ්‍ය ආයතන පිරී ගිය විට බිලියන ගණනින් පාඩු ලබා ඒවා මේ තත්වයෙන් තිබීමගැන හෝ අප සතුටු විය යුතුය..
''පෝලින් බූත්, මීටින් වල වැඩ කරපු අය මෙහෙ එන්න..'' මේ කතාවද එසේමය.. රැකියාවක් ලබා ගැනීමට කාට හෝ කඩේ යා යුතු වහල් ක්‍රමය සජිත් මෙසේ පහැදිලි කරයි...කැපුවත් අපි නිල් කොළ රතු පාටට වහල් වූ සමාජයක් බිහිකර රටක ස්වාධීන චින්තනය දණගැස්සවූ පාදඩ දේශපාලනයේ යථාර්තය මෙයයි.. ස්වාධීනව සිතීමට නොහැකි, වහල් නිවට ජාතියක් සිටින රටක සංවර්ධනය යනු තවත් එක් හීනයක් පමණි... රස්සාවක් වෙනුවෙන් ඕනෑම කුඩුකාරයෙක්ට හොරෙක්ට මිනීමරුවෙක්ට කඩේ යන තරුණ පරපුරක් බිහිවුණේද, කැපුවත් නිල් කොළ රතු කියා මරාගන්නේද.. තාත්තා දේශපාලකයෙක් වීම නිසා දේශපාලය පිළිබඳ කිසිදු අවබොධයක් නොමැති ඔලමොට්ටලයන්ට ඇමතිවරු වෙන්න ලැබුණේද.. මෙගා නාට්ටියක චිත්‍රපටයක රඟපෑ නළුවෙක්ට නිලියෙක්ට.. ක්‍රිකට් ක්‍රීඩකයන්ට.., නිවේදකයන්ට පාර්ලිමේන්තු එන්න ලැබුණේ ද.. දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට විදුහල්පතිවරයා සමග මවග යහන්ගත වීමට සිදු වූයේද.. විත්තිකරුගේ බිරිඳව දූෂණය කරන විනිසුරුවන් බිහිවුණේ ද.. කොයි තරම් සුදුස්සෙක් උගතෙක් ගුණවතෙක් වුවත් අට පාස් තක්කඩියන්ට සර් කියා පුටුවෙන් නැගිටීමට සිදුවුණේද ලංකාවේ පවතින මේ වහල් චින්තනය නිසාවෙනි... එබැවින් ආණ්ඩු පෙරළුවා කියා ලියුම් වලින් රස්සා වලට මිනිස්සු දමනා නාමල් රාජපක්සලා ද සජිත් ප්‍රේමදාසලා ද වෙනස් වන්නේ නැත... මොන ආණ්ඩුව ආවත් ජනතාව වහලුන් වී සිටිනා තාක් රටම නිවට ජාතියක් ලෙස දණනමා සිටිනු ඇත..  එබැවින් වැරදි කරුවෝ අපමය...!!
මේ සියල්ලටම බලය ඇත්තේ මහජනතාවටයි.. ඔබේ වහල් භාවය භාවිත කර ඒ බලයත් නැති කිරීමට පෙර ස්වාධීන වෙන්න.. කැපුවත් අහවල් පාට.. අහවල් එකාගෙ මිනිස්සු .. පරම්පරාවම අරූගෙ.. හොරා උනත් මිනීමරුවා උනත් ඌ අපිට හොඳා කියන චින්තනය කුඩු කර නිවහල් නිදහස් මිනිසුන් ලෙස දෙපයින් නැගී සිටින්න.. එවිට සජිත්ලා නාමල්ලා ඔබේ දෙපාමුළට පැමිණෙනු ඇත... අපට නැති වුවත් උපදින්න උන්ට හෝ නිවහල් නිදහස් රටක් උරුම කරදිය හැක..


චමල් අකලංක පොල්වත්තගේ

14 comments:

  1. සම්පූර්ණයෙන්ම එකඟයි. මෙයාගේ තාත්තා රජයේ සේවයට බඳවා ගැනීමට තරඟ විභාග ක්‍රමය නැවත ක්‍රියාත්මක කලා. චන්ද්‍රිකා එය නැති කරන තුරු. සිවිල් සමාජය මෙය නැවත ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

    ReplyDelete
  2. සහතික ඇත්ත. ෆුල් සැලියුට්..

    අප්පිරියයි හැසිරීම. මුන් රටක නායකයෝ වුනොත් ඉතින් අබ සරණයි. එදත් එහෙමයි....අද තාමත් එහෙමයි. ඔය කවුරුත් එකයි.

    ///////බල්ලන්ට පාන් දමන්නාක් සෙ රස්සා බෙදන සජිත් ප්‍රේමදාසට ලජ්ජාවක් කියා නාමයක් තිබෙනවා නම් ඒ හැඳසිටි කොට කළිසමද ගලවා දමා මහජනතාවගෙ වැඳ සමාව ගත යුතුය..
    කතාවක් කළොත් මහජනතාවගේ යටහත් පහත් සේවකයා ය... ජනතාව සුඛිත මුදිත කරනවාය කියා කියවන.. පිය උරුමය නිසා දේශපාලනයට පැමිණ. පියාගේ නම කියා තවමත් ඡන්ද ඉල්ලන.. සජිත් ප්‍රේමදාසගෙන් වසර දහතුනක් පාසල් ගොස් විශ්වවිද්‍යාලයකින් පිළිගත් උපාධියක් ලැබූ දරුවන් හාමු මහත්තයාගෙන් ණය ඉල්ලන්න ආ ගැමියන් මෙන් රස්සා හිඟා කෑයුතුද../////////////////

    ReplyDelete
  3. Hat off to brother.....!

    A u nidahase swarga rajayata
    Apage deshaya avadikaranu mana..
    Sanni Male....!!!

    ReplyDelete
  4. ** you

    Hat off to you brother...!

    ReplyDelete
  5. ** you

    Hat off to you brother...!

    ReplyDelete
  6. Hat off to brother.....!

    A u nidahase swarga rajayata
    Apage deshaya avadikaranu mana..
    Sanni Male....!!!

    ReplyDelete
  7. මහජනතාව හා මහජන සේවකයාගේ වෙනස නොදත් .....දහස් වරක් එකඟයි ! ඒත් ප්‍රශ්නේ මහජනතාවගේ ඇස්වල අඳුරු පටල ඉවත් කරන්න ජනමාධ්‍යවලින්වත් කිසිම උදව්වක් නැති එක . ඒ අය කරන්නෙත් මිනිස්සු ගොනාට අන්දලා එයාලගෙම සාක්කු පුරවා ගන්න එක .අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ !

    ReplyDelete
    Replies
    1. අනිවා මොනා කරන්නද ඉතිම්

      Delete
  8. සහතික ඇත්ත! මොකා බලයට ගෙනාවත් කරන්නෙ එකම දේ

    ReplyDelete