Wednesday, October 26, 2016

ශ්‍රී පාදය රැකගන්න ඕනෙද..?


ඔව් විල්පත්තුව වගේම ශ්‍රී පාද රක්ෂිතයත් රාජපක්ෂලාගේ පූර්ණ සහයෝගයෙන් පටන් අරන් යහපාලනේ ඇතුලෙදිත් විනාශ වේය....
ඉස්ලාම් අන්තවාදීන් එතන ව්‍යාප්තවාදය ගොඩනගමින් සිටිති...
දැන් උන්ව සහජීවන කතා කියා බබා කළ යුතු නැත. කළ යුතු එකම දේ නීතිය ක්‍රියාත්මක කිරීමයි... ( අන්තවාදීන් යනු හැම මුස්ලිම් එකාටම යොදන සමාන පදයක් නොවේ. )

දැං එතකොට කළ යුත්තේ මේකෙ එක එකාගෙ සිම් කඩ කඩා පොටෝ දාන එක අරූට මූට වීරයො වගේ කීබෝඩ් එක උඩ නැගලා බැන බැන ජාතිය අමතන එක නෙමේය.. සිම් කැඩුවා කියා උන් මේක නවත්තන්නේ නැත.. කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමයි..
අර සේනා මේ සේනා අහවල් බලය හදාගෙන ප්‍රශ්ණය ජාතිවාදී කරගෙන මරාගැනීම නෙමේය..
කඩු පොලු මන්න කැති ගෙන අහවල් ජාතිය කඩු ගෑමද නෙමේය..
මොකද ලංකාවේ කැලෑ කපන්නේ එක ජාතියක උන් විතරක් නෙමේය.. ඒ නිසා කොයි කැලෑවත් කැලෑවය.. මොකා කැලෑ කැපුවත් වැරදිය.. ප්‍රශ්නයට ජාති පක්ෂ ගාවා ගැනීමෙන් වෙන්නේ ඇත්ත යට ගොස් වෙන ජාති පක්ෂ පාට කතා ඉලිප්පී විය යුතු දේ නොවීමයි... විල්පත්තු ප්‍රශ්ණයටත් උනේ ඒකමය...
අන්තවාදය කොයි ආගමෙන් කළත් කොයි ජාතියෙන් කළත් වැරදිය... එම නිසා එයට සියළු මිනිසුන් විරුද්ධ විය යුතුය...



ප්‍රශ්ණයට පිළිතුරු දිය යුත්තේ නීතියයි...
ප්‍රශ්ණයට පිළිතුර නීතියයි.. එබැවින් කළ යුතු වන්නේ ඔක්සිජන් වලින් හුස්ම ගන්නා උන්... වතුර බොන උන් සියල්ලෝම විනාශයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙස බලධාරීන්ට හා  නීතියට බලපෑම් කිරීමයි...
වෙනත් විසඳුමක් නැත..

බුකියේ කීබෝඩ් වීරයෝ වැඩක් නැත.. අවශ්‍ය වන්නේ නීතිය රකින්න බලපෑම් කළ හැකි නීති ගරුක පුරවැසියන් පමණි.. එයට එක් වීමට ජාතියක් පක්ෂයක් පාටක් ආගමක් අවශ්‍ය නැත... එකම සුදුසුකම ඔබ මනුෂ්‍යයෙක් වීමයි..

අපි විල්පත්තුව වෙනුවෙන් ජනාධිපතිට සංදේශ භාර දෙන්න කොටුවේ ගිනි අව්වේ උද්ඝෝෂණ කරන විට එක්වරක්  හිටියේ දොළොස් දෙනෙකි...

 විරෝධතාවයකට එන්න කී විට වීරයෝ ගෙවල් වලය... කුරුණෑගල ගිනි අව්වේ  අත්සන් කරන විට පහළොවකට වඩා හිටියේ නැත...
ඒ වගේම සැබෑ නීතිගරුක පරිසරයට ආදරය කරන පුරවැසියන් ඒවාට එක්වුණ අතර එයට බයි ටොයි ජාති ආගම් භේද නොතිබූ බවත් මතක් කළ යුතුය..

 විල්පත්තු සංහාරයට එරෙහිව ඕනෑතරම් මුස්ළිම් උන් ද සිංහල උන් ද දෙමළ උන් ද බයියෝ ද ටොයියෝ ද ජෙප්පෝ ද මගේ ඇස් ඉදිරිපිටම අත්සන් කරනවා මා දැක ඇත... එම නිසා සැබෑ මිනිසුන් වැරැද්ද වැරද්ද ලෙස දකින අතර එකෙක් වැරදි කල විට අනෙක් හැම එකාවම මරාගෙන කන්න හැදීම මනුෂ්‍ය ලක්ෂණයක් නොවේ..

අවාරයේ දින තුනක් එක දිගට වැටෙන වැස්සෙ බෝතල් කටු වලට කකුල් අතපය කපාගෙන.. කූඩැල්ලෝ කවාගෙන අපි ශ්‍රී පාද කන්ද සුද්ද කරද්දී ඔය සිම් කඩන කවුරුත් ආවේ නැත.. කන්දේ ඉහළ සිට පහළට කරතබා ගෙනෙන ලද ටොන් ගණනක අරක්කු බෝතල් ප්ලාස්ටික් පොලිතින් යට ඇඳුම් වැනි කුණු සියල්ලම වඳින්න ආ බැතිමතුන් සැදැහැ සිතින් අත අරින ලද ඒවාය...තවත් ටොන් ගණනක් මිනිස්සුන්ට ළඟා වෙන්න බැරි තැන්වල නොදිරමින් තවමත් ඇත... එම නිසා කතාවෙන් වගේම ක්‍රියාවෙන්ද පරිසර හිතකාමී වෙනවානං තවත් වටිනා බව කිව යුතුය...

ශ්‍රී පාද සමනල රක්ෂිතය ලංකාවෙ හදවත වෙච්ච මධ්‍යම කඳුකරේ වටිනම තැන කිව්වොත් මම වැරදි නැතුව ඇති
අක්කර 12000ක් පුරා පැතිරිලා තියන රක්ෂිතය, රටේම සිංහල දෙමළ මුස්ලිම් අනිත් හැම එකාටම බොන්න වතුර දෙන ජල පෝෂක ප්‍රදේශයක්.. ගංගාවල ආරම්භක ස්ථාන වලින් එකක්.. ඒ වගේම හැම එකාටම හුස්ම දෙන රටට ආවේණික දුර්ලභ ගණයේ ශාක පැළෑටි වලින් පිරිච්ච වනාන්තරයක්.. ආවේණික සත්තු ඇතුළු දුර්ලභ සතුන් සිය ගාණක නිවහනක්..
ඒක හින්දා සමනල වනාන්තරේ රකින්න ටොයියෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් සිංහලේවත් දෙමළේවත් මරක්කලේවත් වෙන්න ඕනෙ නෑ.. ශ්‍රී පාද ලෝක උරුමය අපි හැමෝගෙම උරුමයක් ඒක රකින්න ජාතියක් ආගමක් පක්ෂයක් අදාල නෑ..

වනාන්තර විනාශවෙනවනං රකින්න එලියට බැහැපන්. මහින්ද රාජපක්සලා මේව ලියලා දුන්නා උන්ට කපන්න... හෝටල් හදන්න.. සිරිසේන ජනාධිපති පරිසර ඇමති සද්දයක්වත් නෑ උඩ  බලාගෙන ඉන්නව... උන්ව නලෝනවා...

ඒක හින්දා උඹ මම හුස්ම ගන්න ගස් ටික රකින්න උන්ට ඕන කමක් නැත්තං උන්ව පැත්තකින් තියලා ජාති ආගම් පක්ෂ අමතක කරලා එකතු වෙයන්..
නීතිය ක්‍රියාත්මක කරන එක තමයි එකම විසඳුම.. ඒක ක්‍රියාත්මක වෙනකන් බලපෑම් කිරීම තමයි පුරවැසියාගෙ වගකීම..රක්ෂිත වනාන්තර එළි කරන්න කාටවත් බෑ.. ඒක නිසා නීතියට බලපෑම් කරන්න එකතු වෙයන් ...!! පරිසරය වෙනුවෙන්... නිතිගරුක පුරවැසියන් ළෙස...!!!



-චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. ඇයි ඔතන හෝටලයක් හැදුනම මක්කා වෙනවද...?

    කන්ඩලමටත් ඕහොම තමයි කෑ ගැහුවේ...

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ hotel එකක් හැදුවට අවුලක් නැත. කල යුත්තේ පරිසරයට අවම හානි වෙන ලෙසත්, වෙන හානියට ඊට වඩා වැඩි පරිසරය සුරකින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත්ය.

      Delete
  2. ලංකාවේ නීතියක් තියෙනවද බන්

    ReplyDelete
  3. ජාතියෙන් වැඩක් නෑ මොකා උනත් කඳු ටිකට කැලෑ ටිකට කෙලින එකටනම් එකෙන්ම විරුද්ධයි!

    /ඔක්සිජන් වලින් හුස්ම ගන්නා උන්... වතුර බොන උන්/
    +++++++++

    ReplyDelete
  4. රටටම ජලය සැපයෙන ජල මූලාස්‍ර තියෙන්නෙ, ඔය ඒරියා එකේ විතරයි.වෙන කොහේ හෝටල් හැදුවත්,ඔය පරිසරය විනාස කරගත්තොත්,අපිට වතුරත් පිටරටින් ගෙන්නන්නවෙයි.මේ හදන්නෙ ඒ ටික කරගන්න තමයි.

    ReplyDelete