Monday, January 23, 2017

තනිවී සිටින්නයි මා අදහස් කළේ ගීතයේ අරුත


== ==
.
.
ඔව් අද දින අකලංකාරයෙහි ගීතයටාරුතක් විශේෂාංගයෙන් අප කතා කරන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ තනිවී සිටින්නයි මා අදහස් කළේ ගීතය පිළිබඳවයි..

"
තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ

මගෙ පාළු ලෝකයේ තනිවූයෙ මා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතිවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා.....

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...

"

මේ ගීතය විශේෂ වන්නේ බොහෝ ගීත පෙම්වතියන් පෙම්වතුන් අරභයා ලියූවත් මෙය ලියැවී ඇත්තේ විවාහක යුවලක් පිළිබඳව වීමයි..
මෙහි සත්‍ය කතාවෙහි එන යුවල ප්‍රේම සබඳතාවයකින් විවාහ වූවන් දෙදෙනෙකි.  ඔවුන් දෙදෙනාට පෙර පාසල් යන වයසේ දරුවෙක්ද සිටියා..
නමුත් බිරිඳගේ වරදක් නිසා ඔවුන් දෙදෙනා අතර ඇතිවන මත ගැටීමක් දුර දිග යාමෙන් විරසකයක් හටගන්නවා..



මේ නිසා සැමියා නිවසින් පිට වී යහළුවෙකුගේ නිවසට යන්න තීරණය කරනවා.. නමුත් බිරිඳ නැවත නැවතත් යහළුවාගේ නිවසටම ගොස් සැමියාව තම ඉල්ලීම් සඳහා බලහත්කාරයෙන් කැමති කරවාගෙන ඔහුවත් ඇගේ මතයට කෙසේ හෝ නම්මා ගන්නවා..
දුර දිග නොබලා අකමැත්තෙන් ගත් ඒ තීරණය නිසා පසුතැවෙන සැමියාගේ ශෝකාලාපයයි පළමු කොටසින් කියවෙන්නේ..

""
තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ...""

"ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ.."

 යනු තනිවම සිටි සැමියාව සොයාගෙන  පැමිණ ඇගේ මතයට නම්මා ගත් ආකාරයයි.. එය නැවතත් නොකලයුතු දෙයක් බව පැවසූවත් බිරිඳගේ බලකිරීම නිසා එකඟ වීමෙන් ඔවුන්ගේ පවුලටම වේදනා විඳින්න වූ බවයි මේ පද වලින් විස්තර වන්නේ...

මෙහි රචකයාගේ දක්ෂතාවය යනු ශ්‍රාවකයාට මේ විශාල අර්බුධයට හේතුව මුලින් පැහැදිලි කර නොදී කුතුහලය ජනිත කිරීමයි..

සත්‍ය සිදුවීම පැහැදිලි කරන්නේ ගීයේ දෙවන කොටස තුලයි..

""
මගෙ පාළු ලෝකයේ තනිවූයෙ මා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතිවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා.....""

එනම් බිරිඳ සැමියාට ඇවිටිලි කර ඇත්තේ වැඩි පොළියට මුදල් තැන්පතු භාර ගන්නා සක්විතිගේ බැංකුවේ මුදල් ආයෝජනය කරන ලෙසයි.. මෙසේ ලක්ෂ ගණනක් මුදල් තැන්පත් කර අවසානයේ ඒ සියල්ල ඔවුන්ට නැති වී අසරණ වෙයි. මෙය සිදුවන්නේ බිරිඳගේ වැඩි තණ්හාව නිසාය..
සක්විති රජුන් හමුවේ නැත හිස නමා යන්නෙන් අදහස් වන්නේ සක්විති ගැන බිරිඳ කුමක් කීවත් තමන් හිස නොනැමූ බව හෙවත් එයට එකහෙලාම අකමැති වූ බවයි..

නමුත්

"සිතිවිලි මගේ ගත හැක නමා.."

 ලෙස ඔහු පවසයි.. එනම් පවුලක් වූ විට බිරිඳගේ මතයටද ඇහුම්කම් දී තමන් නම්‍යශීලී වී ඇගේ මතයට ඉඩදුන් බවයි.. නමුත් ඇය ගැන දුක හිතෙන්නේ ඔහු ඇයට ඇහුම්කම් දුන්නද ඇය එසේ නොකල නිසා ය..

මෙසේ සිදුවීම පැහැදිලි කරන රචකයා අවසානයේ සමාජයට පණිවුඩයක් දෙන්නේ කතාව සාරාංශ කරමිනි..

"
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී..."

මොවුන්ගේ දරුවා පෙරපාසල් ගියේ කාල්ටන් පෙරපාසලටය. එයට පැමිණි මවක් වන චේතනා හා මේ ගීතයේ කියවෙන කාන්තාව මිතුරු විය. පෙර පාසල නිමා වන තෙක් ඔවුන් ඕපා දූඔඅ කතා කරමින් සිටියි.. සක්විතිගේ බැංකුවේ මුදල් තැන්පත් කරන්නේ ඇගේ කීමටයි..

"ඔබෙ චේතනා අගනා මා සිත දනී.."

 යනු චේතනාගේ හැටි තමන් හොඳින් දන්නා බවත් ඇය ඕපා දූප සොයන පවුල් ආරවුල් ඇතිකරන cctv පන්නයේ විසකට්ටක් බවයි..
ඇය ගේ වහසි බස් නම් විස කටු නිසා ඔවුන්ගේ පවුලටම අවසානයේ අසරණ වන්නට සිදුවුනේ මුදල් සියල්ල අහිමිව හා පවුල් ප්‍රශ්ණත් ඇතිකරමින් රුධිරය වන් දුකක් ඉතිරි කරමිනි..
එය
"
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී..."

දෙපදයෙන් පැහැදිලි වෙයි..

මේ ගීතය තුළින් රචකයා සමාජයට..

පවුලේ සමගිය
තණ්හාව නිසා විනාස වන ආකාරය
සැමියාට බිරිඳට ඇහුම්කම් දීම
අසත්පුරුෂයන් ළංකර ගැනීමෙන් පවුල් පිටින් විනාශයට පත්වන ආකාරය
නිවැරදිව විශ්වාසනීය බැංකුවල ආයෝජනය කිරීම
ඕපා දූප නොකීම..

 ආදී බොහෝ ආදර්ශ ගත හැක..

තවත් ගීතයක් තුළින් හමුවෙමු..

ස්තුතියි

#ගීතයටාරුතක්
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

8 comments: