Tuesday, January 31, 2017

විජිත රෝහණ රාවණා




දන්න අඳුරන මෑන්ස් කෙනෙක් හිටියා.. කොල්ලා තද සිංහල.. රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදන්න බලන් ඉන්න වීරවංශ වගේ එල කොල්ලෙක්.. මිනිහා හිතන් හිටියෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියලා.
මෑන්ස් ලංකාවෙ ඉතිහාසෙ ගැන එහෙම හොඳට දන්නව. ආයෙ ඉතින් ඇහැවොත් ජැකා වගේ රාජාවලියම එක හුස්මට කියන් එයි විජයගෙ ඉඳන් මහින්ද රාජපක්ස වෙනකන්.
සෙට් වුන වෙලාවට කතා කරන්නෙ රාවණා ගැන.. හම්මෝ කොල්ලා දන්න දේවල්. කවුද පෙප්සිද මිරැන්ඩද කියලා මහාචාර්ය තුමෙක්ගෙ පුස්කොළ පොතක තිබ්බා කියලා මූ කියන කතා ඇහුවනං අම්මප ස්පිල්බර්ග් රාවණාගෙ ෆිල්ම් එකක් ගහනව. දවසක් උතුරු කොරියාවෙ ඉන්න සුදු බූතයා නියුක්ලියර් මෙව්වා එකක් අත්හදා බලපු නිව්ස් එකකට මූ කියපි අඩෝ උඹ දන්නවද රාවණා රජතුමා තමයි මුලින්ම රාමට ගහන්න නියුක්ලියර් වෙපන්ස් හැදුවෙ කියලා.. ඒ කතාව අහලා හිනාවෙන්න හොඳ නැති හින්දා මං ඉතින් ඇහුවා යුරේනියම් එහෙම කොහෙන්ද බං හොයාගත්තෙ කියල.
සිංහරාජෙ ඇතුලෙ තියෙන්නැතිලු. අර පුස්කොළ පොතේ තියනවලු හදන විදිහ. ඒව එලියට දෙන්න බෑලු. මං ඉතින් හා කියලා හිටියා..
පාරෙ බයික් එකක් ගියත් කාර් එකක් ගියත්, අහසෙ ප්ලේන් එකක් ගියත් ඒ පසුපස සැඟවී ඇති රාවණා ටෙක්නොලොජිය ගැන විදග්ධ දේශනයක් අහන්න මට සිද්ධවුණා ඉතින්.
රාවණා ලෝකෙම අල්ලගෙනලු හිටියෙ ඒ කාලෙ. අත්ලාන්තික් කියන්නෙ ඇත් + ලංකාව කියන එකලු..‍රාවණාගෙ ඇත් ගාලක් තිබ්බලු එහෙ.



කොටින්ම කියනවනං ඇමරිකාවයි රුසියාවයි කෝල්ඩ් වෝ එක කාලෙ තරග කලේ රාවණාගෙ තාක්ෂනේ බෙදාගන්නලු..
ඒක තිබ්බෙ පිටසක්වල ජීවීන් ගාවලු.. ඒක අරන් එන්නලු දෙගොල්ලො රොකට් හැදුවෙ. ඇමරිකාව පිටසක්වල ජීවීන්ගෙන් ඒක අරගත්ත හින්දලු රුසියාවට කෙල වුනේ. දැන් ඇමරිකාව යුද්ධ කරන ටෙක්නොලොජිය රාවණාගෙලු..
රාවණාට ඔලු දාහක් තිබ්බ කතාව ඇත්තද බං කියල ඇහුවම පොර කිව්වෙ එහෙම නෑලු.. රාවණා එක එක සබ්ජෙක්ට් දාහක් දන්න හින්දලු එහෙම කිව්වෙ..
පොර කියපු හැටියට රොකට් සයන්ස්.. නියුක්ලියර් වෙපන්ස්, කාර් හදන්න බස් හදන්න, ෂටල් හදන්න, ගෙවල් බිල්ඩින් හදන්න, බොඩි බිල්ඩින් කරන්න, චිත්‍ර අඳින්න, අහසෙන් යන්න, පාවෙන්න, සින්දු කියන්න, නටන්න, ගිටාර් ගහන්න, නැනෝ තාක්සනය , යුද්ධ කරන්න වගේ ඕනම දෙයක් පොරට පුළුවන්ලු..
අනාගතේ පේනවලු
ඉස්සරහ ඉන්න එකාගෙ හිත කියවන්න පුළුවන්ලු..
කලින් වෙන දේවල් ඉස්සර වුන දේවල් හැම එකම බලන්න පුළුවන්ලු..
ඕන එකෙක් මැරෙන ජීවත්වෙන දවස කියන්න පුළුවන්ලු..
ඉතින් මං ඇහුවා බැරිම තැන එහෙනං කොහොමද බං මෑන් යුද්ධෙ පැරදුනේ කියලා.

වැඩක් නෑ බං කතා කරලා උගෙම මල්ලි ( විසේසණද කවුද එකෙක්ගෙ නමක් කිව්වා ) රාවණාව පාවල දුන්නා..

හෑ.. ඒ මොකෝ බං..

රාවණාව මරන්න පුළුවන් එක ඊතලයයි බං තිබ්බෙ.. අර යකා ඒක රාමට දීලා රාවණාව සිහිනැති කළා බං..

හම්මට එහෙමද
පව් නේ බං..

ඔව් බං හිටියනං අපි අද හඳට යන්නෙ ලිෆ්ට් එකේ.

දැං මට මේක ඇති වෙලා තිබ්බෙ..

බැරිම තැන ඇහුවා..

ඉතින් යකෝ ඌට අනාගතෙත් පේනවනං.. අනිත් උන්ගෙ හිත් කියවන්නත් පුළුවන්නං.. ඌව මරන්න පුළුවන් ඒ ඊතලෙන් කියලත් දන්නවනං
ඌ මැරෙන දවස බලාගෙන මල්ලි පාවල දෙනව කියල දැනගෙන ඊතලේ උගෙ සාක්කුවෙ දාල හරි තියාගන්න තිබ්බනෙ කියල..

එහෙම තමයි යකො බුදුන්ටත් ගල් පෙරලුවෙ.. ඉතිහාසෙ ගැන අගයක් නැති උඹල වගේ උන් හින්ද තමයි මේ රට එකතැන පල්වෙන්නෙ. උඹලට හොඳ බටහිර විද්‍යාව විතර*@%@*#%@%@@ බ්ලා බ්ලා බ්ලා...

කියලා මට දේසණාවක් දුන්නා...


මේ ළඟදි සිරිසේන ජනාධිපති මැරෙනව කියලා අනාගතේ බලලා පොර ටෝක් එකක් දීපු විජිත සාත්තර උන්නැහෙ ඌව අත්තඩංගුවට ගන්න දවස දැක්කෙ නැති සීන් එක දැකලා පස්වාන් දහසින් සිනා පහළ වෙලා මට අර පොරවත් මතක් උනේ..

# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

9 comments:

  1. හම්මට යකෝ... කිව්වත් වගේ උෟ ඒක දැක්කෙ නැද්ද දන්නෑ...

    ReplyDelete
  2. දුර දැක්කට ළඟ පේන්නෙ නැතිලු ඒ සොෆ්ට්වෙයා කෑල්ලට.

    ReplyDelete
  3. රෝහණ, රාවනා, වී'ර', රාජ, රා, අ'ර'ක්කු... සක්.. මට පේන්නේ ජාති ආලෙයි රා වලයි (මං කියුවේ ර අකුරෙයි) මොකක් හරි සම්බන්ධ සින් එකක් තියෙනවා..

    ReplyDelete
  4. හා හා ඇත්තම ඇත්තයි

    ReplyDelete
  5. නාත දෙය්යො හීනෙන් කිව්වෙ නැද්ද රාවණා නැගිටින එක ගැන?

    ReplyDelete
  6. අපේ උන් ඉතින් ඕන එකෙක් කතන්දර ශෛලියෙන් බොරුවක් කිව්වොත් විශ්වාස කරනවනේ.

    ReplyDelete
  7. https://nokieekatha.blogspot.com/2017/02/blog-post.html

    ReplyDelete