Thursday, April 27, 2017

සමනලීගේ කුණු කන්ද

===  ===

" අපි කුණු කන්ද ගැන කතා කරන්න චම්පික රණවක මුණගැහෙන්න ගියාම චම්පික සාකච්ඡාවෙදි එයාගෙ පම්පෝරිය කියවලා.. රට අස්තාවර කරන්න උද්ඝෝෂණ කරන්න විතරක් ලෑස්ති වෙන්න  එපා.. "  කියලා සාක්ච්ඡාව ඉවර කලා.. ""

මේ ඊයේ (26) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ නීතිඥ නුවන් බෝපගේ මහතාගේ වචනයි..

ඕක ඔහොම මතක තියාගන්න

තමන්ගේ මොකකට හෝ අපහාසයක් වූවානං එයට විරුද්ධව නීතිය ඉදිරියට කවුරු ගියත් අපට ඇති මෙව්ව එකක් නැත.. එය හොඳය..
නමුත් මට හිතාගන්නට බැරි සිද්දිය වන්නේ shares 109 ක් ඒ නිර්මාණයට තිබියදී සමනලී share කිරීම පමණක් අර උරුමයේ උන්නාන්සේලාට පෙනුනේ මොන මාතාවගේ වස්ත්‍රයටද කියාය..
පැමිණිල්ලේ share කළවුන්ගේ ලින්ක් දානවානම් එය 109 ම දැමිය යුතුය. එයින් සමනලීගේ share වීම පමණක් සුවිශේෂ වීමේ පදනම ඩක්වත් ලුවිස් නියාය තරන්වත් මට තවම හිතාගත නොහැක.
 සමාජ ජාල හා අන්තර්ජාලය පුරා සමනලී  විසින් කුණු පිරවීමට කීවේයැයි අසත්‍ය මඩ ප්‍රචාර පතුරවා විකෘති අදහසක් සමාජගත කර ඇයට අපහාස කිරීම සම්බන්ධයෙන් අර උරුමය වගකීම බාර ගන්නවාද..??
ඒ අනුව සමනලීටද නඩු පැවරිය හැක..

සරලවම කියනවානම් ලංකාවේ උන්ට ඇත්තේ ලිංගික ඇරියස් එකකි. පින්තූරය දැමූ එකා පැත්තක තියා බොදු බැතිය දෝරෙ යවමින් සමනලීගේ අම්මා මුත්තා මතක් කර සිංහලබෞද්ධයන් ( තනිවචනයකි ) විසින් ජාතිය අමතන්නේ ඒකය.. ගෑනි කුනුමුල්ලේ හිටපිය. ළමයි හදාගෙන උයාගෙන කාපන්. දිගට ඇඳපාන්.. වහල්කන් කරපාන්....  මට්ටමේ ගෝත්‍රික අයියලාගේ ආතල් සමනලී කඩන නිසා උන්ට ඇත්තේ ඇරියස් එකකි.. වැලන්ටයි දාට පතිවත රැකපන් නංගී.. රූම් යන්නෙපා අක්කේ.. ගගා පටලයක් ඇති

කෙල්ලෙක් හා විවාහ වීමේ ගෝත්‍රික මෙව්වා එකෙන් පෙළෙන කාන්තා විමුක්තිය වෙනුවෙන් කතා කරනවායැයි පෙන්වන එක්සත් කන්‍යාපටල සුරක්ෂිතකරුවන්ගේ සංගමේ දෙදාස් පන්සීයේ දායක සබාවේ පොර ටෝක් කරුවන් විසින් සමනලීගේ ඇඳුම් සෝෂල් මීඩියා වල ගලවන්නේ ඒ නිසාය..
අලුත් පරපුරේ හෝ සමනලීගේ හෝ මතවාද හා මගේ මතවාද 100% ක්  සමපාත වන්නේ නැත..  උන් ගැන විශාල විවේචනයක් ඇත. නමුත් තවත් මතවාදයකට තර්කයකින් කරුණකින් තම මතවාද හප්පන්න බැරි මන්ද මානසික කැන්ද හැලපයන් විසින් මේ කවර් කරන්නේ ඇරියස් එකකි.. අනේ තොපේ කාන්තාවට ගරු කරන අපේ කම.. ඕක දීපන් තලේබාන් එකෙක්ට.

අර උරුමයද මොකක්ද එක තාම තියනවා කියා දැනගත්තේ මේ කුණු ලිවුම නිසාය..
මහින්දගෙ ආණ්ඩුවෙ පරිසර ඇමතිකම තිබ්බේ.. බස්නාහිර පළාත් පරිසර ඇමතිකම තිබ්බේද.. දැන් මෙගාපොලිස් මෙව්ව එක තියෙන්නේද උය උරුමයේ අයියලාටය.
එතකොට මීතොටමුල්ලේ මිනිස්සු කුණු කන්ද ගැන කීමට ගියවිට උද්ගෝෂණ කරන්න එපා කීවේ ද ඒ අයියලාය..  ( ඔව් අර මුලින්ම කියල තියෙන්නෙ ඒක )
දැන් අපි අරක කරන්න හැදුවා මේක කරන්න හැදුවා කියා අත පිහදාගෙන මගුල් කතා කර තේරුමක් නැත.. කන්ද ඔලුවට කඩා වැටි අවසන් ය..

කුණු කන්දට මිනිස්සු යට වෙලා මැරෙනකන් බුදියගෙන හිටපු උන්ට වතුර ගසා ඇහැරවීමට සමනලීම පැමිණිය යුතුය..
රටේ මිනිස්සු කුණු කන්දට යට වෙලා තාම වන්දියක්වත් නැතුව ගිනි රස්නෙ වී ගබඩාවල ඉද්දී.. මැරිච්ච මිනිස්සුන්ට වන්දි නොලැබී තියෙද්දි.. ගෙවල් ගැන තක්සේරු නොකර තියෙද්දි.. ( ඔව් මම දන්නව ඒ ගැන.. ඒ මිනිස්සු එක්ක ගිහින් කතා කරපු හින්දා ) ඒ ගැන වචනයක්වත් කතා නොකරන එවුන්ට කුණු කන්ද ගැන ඇතිවුණ ලොකුම ප්‍රස්නේ පොටෝ එකක් එඩිට් කර නිලියක් එය සෙයා කිරීමය..

ඥානසාර ඇතුලු චීවරධාරීන් විසින් ත්‍රස්තවාදී ලෙස  මරාගෙන මැරෙන්න හදද්දී අර උරුමය සද්ද නැත.. අවිහිංසාවාදි බෞද්ධ දර්ශනය අමු අමුවේ විකෘති කර මහ පාරවල් මැද හම්බයන් කැති ගෑමට කතා කරන විට ඒවා බුද්දාගමට කරන අපහාස ගණයට වැටෙන්නේ නැත්තේ මොන ලොජික් එකකින්ද කියා මට තේරෙන්නේම නැත..
අන්තරේ වහන්සේලා බුද්ධ චීවර දරාගෙන පාරවල් මැද පොලීසියට කඳුලු ගෑස් විසිකරද්දී.. ඒකාබද්ද විපක්සෙ උද්ඝෝසන වලට නාලක බ්‍රිගේඩ් බහිද්දී... සමන්තභද්‍ර විසින් තමන් රහතෙක් යැයි රැස් වළලු දමා රඟපාද්දී..චීවරධාරීන් විසින් හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් කරද්දි.. ඒවා අපහාස නොවී මේක පමණක් අපහාස වන්නේ ඇයිද කියා නොතේරේ..

පහත දැක්වෙන්නේ ලියුමේ ඡේදයක  උපුටනයකි..

" සිත් රිදීමට ලක්වූ බෞද්ධයන් නීතියට පිටින් ගොස් අදාල චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැලැක්විය හැක්කේ පොලීසිය මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණි... "

මෙය රටේ නීතියට කරන ලද තර්ජනයකි..
මෙහි සරල අර්තය වන්නේ තොපි අල්ලනවද නැත්තන් අපි උන්ට වැඩේ දෙන්නද කියාය..

කීමට ඇත්තේ සියලු සත්වයෝ නිදුක් වේවා.. තෙරුවන් සරණයි පින්වතුනී... කියා පමණි..

නබි තුමාගේ පින්තූරක් ඇඳිම නිසා චාලි හෙබ්දෝ පුවත්පතට බෝම්බ ගැසූ is උන් හා මේ ප්‍රකාශය අතර වෙනසක් නැත..

තමන්ට මන්නය උස්සා ආ අංගුලිමාලට බුදුන්වහන්සේ මෙත් වැඩූහ.. අර උරුමය සිටියානං තොපි අල්ලනවද අපි ඕකව කපලා දාන්නද කියා කොසොල් රජතුමාට පයින්ඩ යවනු ඇත..

තමන්ට අපහාස කළ චිංචිමානවිකාවට බුදුන් වහන්සේ මෙත් වැඩූහ..
අර උරුමය සිටියානං අපි ඔය පර හු&@&@ අරන් ඇවිල්ලා @&@*@ ලා මරලා දාන්නද තොපි අල්ලනවාද කියා තර්ජනය කරනු ඇත..

ආගම ඇදහුවේ නැත්තං බෙල්ල කපන අන්තවාදී උන්ගෙන් බෞද්ධයා වෙනස් වන්නේ සතුරා මිතුරා ඇතුළු සියලු සත්වයන්ට මෛත්‍රී කිරීම නිසාය.. මා දන්නා බුද්ධාගම එයය.. වෙන තලේබාන් පන්නයේ අප්ඩේට් ඇත්නම් දැනුවත් කරන්න..

ඒ නිසා ඇයි අරුන් බෙල්ල කපන ඒවා පේන් නැද්ද අපි කරන එක විතරද යකෝ පේන්නේ කියා sf ලොක්කා සරණ ගිය බුදුබණට හීලෑවුණ යකුන් මන්දබුද්ධික ප්‍රශ්ණ ඇසීමෙන් වළකින්න.. ඒක තමයි යකෝ අපිත් කියන්නෙ තොපිත් උන් වගේ වෙන්නෙ මොකද කියා ය ඒකට දෙන පිළිතුර..
බුද්ද දර්සනය රැකීමට මන්න ගන්න උන් දාහක් ඇතත් පිළිපැදීමට එකෙක් නැත..

උරුමයට හා ලංකාවේ දෙදාස් පන්සීයේ දායක සබාවේ උත්තමයන්ට අනුව බුද්ධාගම යනු සමනලී පොටෝවක් සෙයා කිරීම නිසා නැතිවන එකක් වන අතර එය නීතියට තර්ජනය කර තග දැමීමෙන් රැකගත හැක..

අපහාස උනානම් නීතියට යාම කළ යුතුය. එහි ගැටළුවක් නැත..
අනිවාර්‍යයෙන් මම එයට එකඟය..
නමුත් එය සාධාරණය හා අපක්ෂපාති විය යුතුය.
නැතහොත් මෙසේ ගැලවෙන්නේ ඔබේ වස්ත්‍රයි..

සාධු සාධු සාධු...!!!

#සමනලයාමලහාළමයා #අරඋරුමේ #බුද්ධාගමරැකපන්ඩෝ #අපේඋරුමේඩෝ #කපනවායකෝව් #ලියුම්යවනවතමයි #චිංචිමානවිකාවකපනවඩෝ #අංගුලිමාලතෝවඅදාලනෑ #උඹලාඅල්ලනවදඅපිවැඩේදෙන්නද #බුදුබණටහීලෑවුණයක්කු #කුණුකේස් #මීතොටමුල්ල

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

18 comments:

  1. බුද්ද දර්සනය රැකීමට මන්න ගන්න උන් දාහක් ඇතත් පිළිපැදීමට එකෙක් නැත...
    True true

    ReplyDelete
  2. ඇයි සිංහල බෙදුනුවන්ට ගරහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒ ඒ ගොල්ලො බොදුනුවො නොවී ඔය කිව්ව විදිහට බෙදුනුවො විදිහට හැසිරෙනනිසා වෙන්න ඇති

      Delete
  3. සමනලී එසේ ශ්යාර් කරා ඇති බව ඇයගේම ෆේස්බුක් ගිණුමේම සදහන්ය http://gossip.hirufm.lk/15139/2017/04/samanali-repiled.html#readmore ලින්කුව ඔස්සේ ඇය හිරු ගොසිප් වලට ලබා දී ඇති වොයිස් කට් එකක් ඇත. ශෙයාර කරපු අනිත් 109 ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි.
    කුමන හෝ ආගමක් සදහා මෙවැනි අපහාසයක් වන දෙයක් ප්‍රචාරණය කිරීම මා පෞද්ගලිකව දැඩිව පිළිකුල් කරමි. කවුරු කළද වැඩේ වැරදිය.. මෙයින් ඇය බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ ප්‍රකාශනයක්ඩහෙයි නොතේරේ.කොටින්ම මෙහි ඇති සම්බන්ධතාවයක් මට තේරෙන්නෙ නැත

    සමහර සංස්කෘතික සීමා,ගැහැණිය, ලිංගිකත්වය පිළිබද සමනලී ගේ කියවීම මල්ය,රැඩිකල්ය.පට්ටය

    මේ සම්බන්ධ වැඩේනම් හද්ද ගූය...රැඩිකල් නොව පුකේ රැඩිකල්ය.....

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් සමඟ එකඟයි...

      Delete
    2. නිළියක් වුණත් ඇයත් සමාජයේම කෙනෙක්. එතකොට ගොඩක් නිළියො වගේ සබන් ගැනයි, කොල්ල ගැනයි කථා කරනවට වඩා සමාජයේ අනික් අය සංවේදී වෙන ඒවට සමනලීත් එක් වෙලා තියෙනව. එතකොට එයාව වෙන් කරගෙන වැරදි හොයන එක වැරදියි.

      ඒවගේම බුදු දහම කියන්නෙ ස්ථූප, පන්සල්, පිළිම වලට නොවන බවත් ද්වේශය වෙනුවට මෛත්‍රිය වැනි දේවල් පදනම් වෙච්ච දෙයක් බවත් ඇත්තටම ඒ මගේ යන අය දන්නවා. ඒ නිසා දේශපාලන හේතු නිසා හෝ මුදල් ඉපයීමේ අරමුණින් බුද්ධාගමේ අයිතිකාරයෝ වෙන්න බලන මේ ත්‍රස්තවාදීන්ට මේ වගේ දෙයක් කරල ප්‍රසිද්ධිය ගන්න හරි වාසියක් ගන්න හරි උත්සාහ කරන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මීට කලින් එක කලා කාරයෙක් හිටපු ජනාධිපති බුදු රදුන්ගේ නෑයෙක් කියා ඉතිහාසය විකෘති කලා. ඒක සහ මේක සසඳන කොට ඒක ප්‍රශ්ණයක් නොවුනෙ කියන එක නම් ප්‍රශ්ණයක්.

      Delete
    3. //ශෙයාර කරපු අනිත් 109 ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි.//

      එතකොට ෂෙයාර් කරපු සමනළීට විතරක් නීතිය ක්‍රියත්මක කිරීමද බන් ප්‍රායෝගික ? අනේ මන්ද බන් උබල වගේ එවුන් ?

      එතකොට අර මැලේසියාවේ ඉදන් ජනාදිපති අගමැති මරනවා කියල තර්ජනේ කරපු එකාටද ද උගේ වීඩියෝ එක ෂෙයාර් කරපු එවුන්ටද නීතිය ක්‍රියාත්මක වුනේ ? මීට කලින් කිසිම අපහාස සිද්දියකට ඒක දාපු එකාට මිසක් ෂෙයාර් කරපු එවුන්ට විරුද්ධව මොකුත් කරලා නෑ නේද ? තියෙනවා නම් කියපන් මචන් රොමා ?

      Delete
    4. ඉයන්
      මෙතන සමනලීගෙ විකාර අදහස් නිසා අනෙක් නිලියන්ගෙන් ඇය වෙන්ව පෙනී සිටීම වෙනම කාරනයක්. නමුත් එහෙමයි කියල ඇයගෙ හැම දෙයක්ම සාධාරනීකරනය කරන්න බෑ. ඔබ හැම මගුලම දේශපාලන ඇසකින් දකිනව. ආගමික ස්ථානයක් කුනු කන්දක් එඩිට් කලානම් ඒක වැරදියි. මෙතන ප්‍රශ්නෙ සමනලීවම ඉලක්ක වුන එක. නමුත් ඇය මේ ජඩ වැඩවෙනුවෙන් පෙනීසිටින නිසා මෙතනත් ඇය ඉස්මතුවෙලා කැපී පේන්න ඇති.

      බුදුහාමුදුරුවො කාගෙ හරි නෑයෙක් කියන එක අපහාසයක් නෙමෙයි,ඒක හාස්‍යජනක ප්‍රකාශයක්. නමුත් කුනු කන්දක් එඩිට් කරල දාන එකනම් අපහාසයක්. ඔබට තිබෙන දේශපාලන වෛරය නිසා ඒ හාස්‍යජනක න්ප්‍රකාශය අපහාසයක් ලෙසත් මෙය සාධාරන බවත් සිතෙනවා ඇති.

      Delete
    5. ඉයන්
      මෙතන සමනලීගෙ විකාර අදහස් නිසා අනෙක් නිලියන්ගෙන් ඇය වෙන්ව පෙනී සිටීම වෙනම කාරනයක්. නමුත් එහෙමයි කියල ඇයගෙ හැම දෙයක්ම සාධාරනීකරනය කරන්න බෑ. ඔබ හැම මගුලම දේශපාලන ඇසකින් දකිනව. ආගමික ස්ථානයක් කුනු කන්දක් එඩිට් කලානම් ඒක වැරදියි. මෙතන ප්‍රශ්නෙ සමනලීවම ඉලක්ක වුන එක. නමුත් ඇය මේ ජඩ වැඩවෙනුවෙන් පෙනීසිටින නිසා මෙතනත් ඇය ඉස්මතුවෙලා කැපී පේන්න ඇති.

      බුදුහාමුදුරුවො කාගෙ හරි නෑයෙක් කියන එක අපහාසයක් නෙමෙයි,ඒක හාස්‍යජනක ප්‍රකාශයක්. නමුත් කුනු කන්දක් එඩිට් කරල දාන එකනම් අපහාසයක්. ඔබට තිබෙන දේශපාලන වෛරය නිසා ඒ හාස්‍යජනක ප්‍රකාශය අපහාසයක් නොවන බවත් මෙය සාධාරන බවත් සිතෙනවා ඇති.

      Delete
    6. ඉයන්....
      මන් කියන්නෙ සරළවම කාරාණා තුනකි
      1. ආගමික ස්ථාණයක් පින්තූරයක් එඩිට් කිරීම අමු ගූ වැඩකි
      2. එවා ප්‍රචාරණය කිරීමද ඒ තරම්ම අජූත වැඩකි
      3. එසේනම් ඇයට නීතිය ක්‍රියාත්මක කිරීම කිසිදු වරදක් නැතිය

      පෙර සිද්ධින් මෙය හා ගැළපීම කිසිම තේරුමක් නැත. උන් ක්ලේද වරදක්නම් පැහැදිලිවම එය වරදක්ය. අනික මන් හිතන්නෙ මන් කුමන මගක්වත් හරියට යන එකෙක් නෙවෙයි.ඒත් මට සාමාන්‍ය මනුස්සයෙක් විදියට තේරෙනවා මේ වැඩේ වැරදියි කියලා.

      ඇනෝ
      එඩිට් කරත් එකයි ශෙයාර් කරත් එකයි... මොකා කළත් වැඩේ වැරදියි.දෙන්නම කරන්නෙ එකම හානිය.





      Delete
    7. කෝ කෝ මේ නෙලුම් යාය බ්ලොග් පොලිසියේ පියන්/ ඉයන් ලොක්කා ?

      ඔබට තිබෙන දේශපාලන වෛරය නිසා ඒ හාස්‍යජනක න්ප්‍රකාශය අපහාසයක් ලෙසත් මෙය සාධාරන බවත් සිතෙනවා ඇති ////
      දීපන්කො උත්තර

      Delete
    8. //එඩිට් කරත් එකයි ශෙයාර් කරත් එකයි... මොකා කළත් වැඩේ වැරදියි.දෙන්නම කරන්නෙ එකම හානිය.//

      //ශෙයාර කරපු අනිත් 109 ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික නොවන බව මගේ අදහසයි.//

      රෝමා, දෙන්නම කරන්නේ එකම හානිය කියල කියන්නේ එතකොට අනිත් ෂෙයාර් කරපු 109 දෙන කරලා තියෙන්නේ ඒ හානියම නෙවෙයි ද ? ඔයාගේ කතා දෙක පරස්පර නැද්ද මෙතනදී ?

      එකම දේ කරපු අනිත් 109 දෙනාට නීතිය ක්රියාත්මක කිරීම ප්‍රායෝගික නොවී ඔය සමනළීට විතරක් ඒක ප්‍රායෝගිකයි කියල ඔයාට පෙන්නේ මොකද මචන් ?

      Delete
    9. ඇනෝ
      මචං මන් කිව්ව එක උබ අල්ලගත්තෙ වැරදි තැනකින් කව්රු කරත් ඕවා මහ සක්කිළි වැඩ.
      මන් ප්‍රයෝගික නැහැයි කිව්වෙ ඔය ශෙයාර් කරන එවුන් හොයන එක. ඒත් උඹ කියන කතාවට එකගයි. ඔය 109 ටම නීතිය ක්‍රියාත්මක කරත් කිසිම වැරද්දක් නෑ.

      Delete
    10. අපි ඉතින් ඕකට මොකටද බන් වාද කරගන්නේ.

      හැබැයි මචන් සක්කිලි වැඩ නම් ඕනේ තරම් රටේ හැම මොහොතේම වෙනවා. දේශපාලකයෝ පෙනී පෙනී මහදවල් සක්කිලිවද කරනවා. රජයේ නිලදරිත් කරනවා. උබ වැඩකරන තැනත් වෙනවා ඇති. බස් එකේ යනකොටත් දකිනවා නේද සක්කිලි වැඩ ? හැබැයි ඒ හැම සක්කිලි වැඩේටම කන් පාත්කරලා බල්ලෝ වගේ ඉන්න අපි ඔය වගේ ආගමකට සම්බන්ධ සිවුරකට සම්බන්ධ ෆොටෝ එකක් දැක්කම බුරාගෙන පනිනවා. ලංකාව වගේ දියුණු වෙන රටවල ආගම වගේ දේවල් වලින් මිනිස්සුන්ව ස්පර්ශ කරන්න හරිම ලේසියි. එකනේ මචන් පන්සලේ ගඩොල් ගොඩවල් ගොඩගහන්න දාස් ගණනින් සල්ලි දෙන මිනිස්සු නැවතිලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ වැසිකිලිය හදන්න සතයක් දෙන්නේ නැත්තේ. අවුලක් නෑ මචන් ඉතින් ඉල්ලංකාවටත් අනන්‍යතාවයක් තියෙන්න ඕනේ නේ.

      Delete
  4. ලාංකිකයෝ වෙන අපිට ගෞතම බුදුන් දේශනා කල ජීවන දර්ශනය හොඳින්ම පිළිපැදිය හැක්කේ නිර්ආගමික වීමෙන් කියල මට හිතෙන්නේ. සිංහලබෞද්ධ සංස්කෘතිය කියන එකෙන් බුදුන් දේශනා කල ජීවන දර්ශනය වටේ දාපු කැටයම් නිසා වැදගත්ම හරයේ ඇති දේවල් වැහිලා ගිහින්.

    සිංහලබෞද්ධක් විදියට ඉපදුනත් දැන් ටික ටික නිර්ආගමික වීගෙන යන මිත්යදෘෂ්ටිකයෙක් (:D) විදියට මට නම් හිතෙන්නේ කලින්ට වැඩිය දැන් ගෞතම බුදුන් දේශනා කල ජීවන දර්ශනය පිළිපදින්න ඇති බාධා අඩුයි කියල.

    ReplyDelete
  5. ගෑනි කුනුමුල්ලේ හිටපිය. ළමයි හදාගෙන උයාගෙන කාපන්. දිගට ඇඳපාන්.. වහල්කන් කරපාන්...//
    එතකොට අපේ අම්මල පොඩිකාලෙ අපට උයල කන්න දෙන එක වහල්කමක්ද. මොන විකාර අදහස් ද ඔයයි සමනලියි සමාජගත කරන්නෙ. මේව දැන් බටහිරත් ඔරොත්තු දෙන්නෙ නෑ. තුරුම්පු ලොක්කට චන්ද ලැබුනෙත් ඒකයි.

    ReplyDelete

  6. //සරලවම කියනවානම් ලංකාවේ උන්ට ඇත්තේ ලිංගික ඇරියස් එකකි. පින්තූරය දැමූ එකා පැත්තක තියා බොදු බැතිය දෝරෙ යවමින් සමනලීගේ අම්මා මුත්තා මතක් කර සිංහලබෞද්ධයන් ( තනිවචනයකි ) විසින් ජාතිය අමතන්නේ ඒකය.. ගෑනි කුනුමුල්ලේ හිටපිය. ළමයි හදාගෙන උයාගෙන කාපන්. දිගට ඇඳපාන්.. වහල්කන් කරපාන්.... මට්ටමේ ගෝත්‍රික අයියලාගේ ආතල් සමනලී කඩන නිසා උන්ට ඇත්තේ ඇරියස් එකකි.//
    :D:D:D

    ReplyDelete