Tuesday, May 2, 2017

සිරිපා ගමන හා ජාතික අසෝක් ලේලන්ඩ් දිනය

==  ==

සිරිපාදෙ ගිය නිසා ෆේස්බුක් එකෙන් ඈත්වී දවස් දෙක තුනක් සිටීමෙන් පසු ලොග් වූ විට මම ඔන්ලයින් නැති අතරේ සිදුවී ඇති විපරියාසය දැක රට පැටලැවී සිටිමි...

මම ඔන්ලයින් නැති නිසා එකෙක්  අයියනායක දෙයියන්ට බාරයක්ද වී ඇත.
ඒ නං මම උගෙන් ඉල්ලාගත් උගේ යාළුවෙක්ගේ යාළුවෙක්ගෙන් ඌ ඉල්ලාගත් උගේ යාළුවා ද යාළුවෙක්ගෙන්  ඉල්ලාගත් පෙන් එක සමග මම අතුරුදන් වී ඇතැයි කියා සිතාය.

පොඩි කාලේ උණසන්නිපාතය හැදී මැරෙන්න වැටී සිටියද උදේ පාන්දර නැගිට ඔලුවේ සිට බෙඩ්සීට් එකක් පොරවාගෙන  කාටුන් බැලුවාක් මෙන් ඊයේ රෑ කන්ද බැස ගෙදර ඇවිත් පෝන් එක චාජ් කර බැරි මරගාතේ නිදිමතේ වෝල් එකේ උඩ පහල යද්දී දහ පහළොස් සැරයක්ම කිඹුලෙක් මාව කන්න පැන්නා කියා යාන්තමට මතකය. බයවී එහෙම්මම සිහිය නැති වී ඇත. අද උදේ එකොළහට විතර ඇඳෙන් නැගිට්ට පසුත් අත් කකුල් අතගා බැලුවේ ඒවා යහතින් ඉන්නවාද කියා පරික්සා කිරීමටය. පසුව ඊයේ මහන්සිය නිසා දකින ලද බයානක හීනයක් විය යුතුය කියා හිතා ගත්තෙමි. කෙසේ හෝ මේ රට පැටලවීම සිද්ද වුනේ අද ඔන්ලයින් ඇවිත් හොඳ සිහියෙන් වෝල් එක බැලූ පසුය.

හරියට තොරතුරක් දැනගැනීමට කෝල් එකක් ගැනීමට එහෙ ඇති සිග්නල් එකක් නැත.. සිග්නල් එකක් තියා ක්ලෝගාඩ් එකක්වත් නැත.



යහපාලන ෆ්‍රී වයිෆයි කලාප වල පෝයදාට කලින් දා බාර් එකේ පෝලිම මෙන් සෙනග පිරී සූ ගා චැට් කරන නිසා ඒවාට යාමටද නොහැක. ඉතින් ඕන එකක් කියා ඔන්ලයින් නොපැමිණි සිටියෙමි.
සිග්නල් තිබ්බත් බැටරිය ඉතුරු කර ගැනීමට ඕනෑ නිසා පෝන් එක ඔන් කිරීමටද නොහැක. පෝන් එක ඔන් නොකර පේස්බුක් පැමිණීමටද නොහැකි නිසා හිත හදාගෙන ගියෙමි.
බැටරිය ගැනනං කතා කර වැඩක් නැත. වෙනදා පෝන් ගත්තේ කෝල් ගැනීමට ඉන්ටර්නෙට් යාමට වගේ එක එක වැඩ වලට වුවත් මගේ පෝන් එකෙන් කරන වෙනත් ප්‍රදාන කාර්‍යක් වන්නේ ඕෆ් කරගෙන  හෝ ප්ලයිට් මෙව්වා එකට දමාගෙන සිටීමයි.

කෙසේ වුවත් මා අවබෝද කරගත් පරිදි මම නැති මේ දින කිහිපයේදී සිදුවී ඇති දේවල් වන්නේ අප්පච්චිගෙ ගෝල්පේස් රැලියට තඩි කිඹුලෙක් පැමිණ ඇත.
මීතොටමුල්ලේ දී ජාත්‍යන්තර කම්කරු දිනය සමරා ඇත.
කිඹුලෙක් කෙසේවෙතත් ගැටඹේ ප්‍රදේසයට ඊයේ උගුඩුවන් හා කබරයන් විසාල ප්‍රමාණයක් පැමිණ තිබූ අතර මා ගෙදර එනවිට මහනුවරින් ඉන් කිහිප දෙනෙක් දුම්රියටද ගොඩවූහ.
චීනේට සුනාමි ඒම නිසා චීනේ උන්ව මාලදිවයිනේ ගාල් කලාක් මෙන් සෙනග පිරී සිටි පොඩි මැනිකේ කෝච්චියට මහනුවරින් රට දැය වෙනුවෙන් දහඩිය වගුරා මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසගත් කම්කරුවන් ගැන්සියක් නැගගත් නිසා පොඩි මැනිකේ කියන තරම් පොඩි නැති බවත් එයා දැන් ලොකු මැනිකේ බවත් අවබෝද කරගත්තෙමි. හැරී පොටර් එකේ කූඩාරම මෙන් කොතරම් සෙනග නැග්ගද ඉඩ ඇති අතර මක්කම ගියා කියා සිතා මා උඩබලන් සිටියෙමි. හුස්ම නොගැනීමට එතරම් අමාරුවක් තිබුණේ නැත.  ඊළඟ දවසේ කටේ ගසාගෙන ජනේලෙන් එලියට දමා හුස්ම ගත හැකි ලෙස ගස්ලබු බටයක් හෝ ගෙනයාමට සිතාගත්තෙමි. සැමන්ටින් ඇහිරුවාක් මෙන් පැක් වීම නිසා කවුරුත් කෝච්චියේ ආදාරක අල්ලාගෙන සිටි නැති අතර ඒවාට යන වියදම අඩුකර නව තාක්ෂනික ක්‍රමෝපායක් වන ෆුල් පැක් සෙනග සිස්ටම් එක හඳුන්වාදීම ගැන අප දුම්රිය දෙපාර්තමේන්තුව ගැන ආඩම්බර විය යුතුය.

පාරේදී මම අවබෝද කරගත් තවත් කරුනක් වූයේ ඊයේ ජාත්‍යන්තර අසෝක් ලේලන්ඩ් දිනයද ලංකාවේ සමරා ඇති බවයි. ඉන්දියාවේ උන් තමන්ට උදව් කරන හරකාට පාට කර පුන්නක්කු කවා මල්මාලා දමන්නාක් මෙන් මහනුවර කොටුව හා කිරුළපන ප්‍රදේස වලදී මට දැකගන්නට ලැබුණේ අවුරුද්ද පුරා අපට ගමන් බිමන් යාමට ඉඩ සලසන බස් වලට පොල් මල් ගසා පාරවල් මැද නවත්වා විවේක ගන්වා පුද  පූජා කරන අන්දමයි..මහනුවරදී නම් අතිගරු ජනාධිපති තුමා පැමිණ බස්‍ රත ආස්‍රැත ජලයෙන් නාවා පිරිත් පැන් ඉස බස් දෙයියන්ට පූජා කල බව ද අසන්නට ලැබුනි..
මහනුවර නගරය මැදද කොටුවේද කිරුළපන හයිලෙවල් පාරේද  බස් මහමග මැද නවත්වා ඒවාට සත්කාර කිරීමට දායක වූ අයගේ මූණවල් ගැසූ බැනර්ද එල්ලා තිබුණි.. අප ඔබ සමගයි.. ජය වේවා.. වගේ ලේලන්ඩ් බසයට ගරු කල වැකිද එල්ලා තිබුණි.  හැටන් නගරයේද සින්දු කියමින් බෙර ගසමින් බසයට පූජා කර යන ආකාරය දැක්කෙමි.
කොළ පාට නිල් පාට වැනි පාට පාට බස් තිබූ අතර වැඩියෙන් තිබුනේ සමාජවාදී බස් රත විය යුතුය. ඒවා රතු පාටින් පාට කර තිබුනි. දන්නා ත්‍රීවිල් අයියා කෙනෙක් කිව්වේ ඕව වල තියෙන්නෙ එකපාට විතරයි කරන බම්බුවක් නැතය.. ඇහුවොත් පාඩුය කියාය..
මේ සියලු බස් වල පැමිණ ඒවා විවේක ගන්වා ජාතික අසෝක් ලේලන්ඩ් දිනය සැමරූ කළගුන දන්නා ජනතාව ගැන අපි කොතරම් ආඩම්බර විය යුතුද.

නමුත් ටාටා හෝ රෝසා බස් වලටත් යම් කෙණෙහිලි කමක් කර ඇති බව හිතුනේ ඒවා නොතිබුණ නිසාය.

ඒවා කවුරු කලත් වැරදිය.

 පිට්ටනි වලට වහල්ලු ගෙන්වා හුරේ දමාගෙන කම්කරු දින සමරා අපේ එක තමා හොඳම එක යකෝ ගා මරාගන්නා උන් හා යන උන් ඔක්කොම බූරුවන්, කැන්ද හැලපයන් කියා අපේ මැරුණ ආච්චි අම්මා මටත් වරක් පැවසුවේ මා ශ්‍රී ලංකා බූමිපුත්‍ර පක්සයේ මැයි දින රැලියට යාමට සර්ට් එක අඳින විටය. එදා ඉඳන් මම මැයි රැලිවලට ගියේ නැත.

ඒ නිසා බූරුවන් කැන්ද හැලපයන් වහලුන් නොවී අජීවී වස්තුවකට වුවත් කළගුණ දැක්වීමට යොදා ගත් ජාතික අසෝක් ලේලන්ඩ් දිනය ගැන අප සතුටු විය යුතුය.

දැනට මා දැනගත් තොරතුරු එපමණය..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

7 comments:

  1. ඊයේ ජාත්‍යන්තර අසෝක් ලේලන්ඩ් දිනයද ලංකාවේ සමරා ඇති බවයි.//////////////// wow

    ReplyDelete
  2. මං හිතන්නෙ තාම ගනං හදනව බත්කන හරක් වැඩිම පිරිසක් සහභාගි වුනේ කෝකටද කියල

    ReplyDelete
  3. ha ඒ කියන්නේ අසෝක ලේලන්ඩ් සමරන්න ගියේ නැතෙයි ? මමත් දැක්කා සිරිපාදේ පියම්බිකාව එක්ක ගිය ෆොටෝ එකක් බුකිය පැත්තේ .

    ReplyDelete
  4. අපේ‍්‍රල් 01 උපන් උන් තමයි මැයි 01 දා ඔය රැස්විම් වලට ගියේ

    ReplyDelete
  5. අකුරු ලොකු කරපන් බං මේක බලන හතලිහ පැනපු හතලිස් ඇදිරිය තියෙන නාකි හුත්තලාට පෙන්නේ නෑ.

    ReplyDelete