Saturday, May 13, 2017

කලාකාරයො ලොකුද




අනී මම අවුරුදු හත්සිය දාහතරක් සින්දු කිව්වා මට තාම ගෙයක් නෑ
මං චිත්‍රපටි එක්කෝටි දාහතරලක්ස තිස් හතරදාස් පන්සීය දෙකක රඟපෑවා දැන් මට සලකන්න කවුරුත් නෑ.
අහවල් නාට්ටිය කළා.. අහවල් සින්දුව ලිව්වා.. මේ රටේ කලාකාරයන්ට සලකන්නෙ නෑ.. අනී මට ඉන්න ගෙයක් නෑ..රටට කොච්චර රඟපෑවත් අපි කුලියට ඉන්නෙ.. ගමටම ණයයි ලොකු අම්මේ..

ලංකාවෙ කලාකාරයන්ගේ මේ ආකාරයේ නොයෙක් හීල්ලීම් හොටු පෙරීම් දැක මේක ලියන්න හිතුනෙ.

අසරණ මනුස්සයෙක් ඉන්නවනං ගෙයක් හදල දෙන එක., බෙහෙත් ටිකක් අරන් දෙන කිසිම වැරැද්දක් නැත. රජයට බැරිනං අපි හරි කරලා දෙනවාය.
ඒක නිසා අසරණ මනුස්සයෙක්ට පිහිට වීමයි අපි අහවල් කාලයක් කලාව කලා ඒක හින්දා උදව් කරපන් කීමයි පටලවා ගැනීමෙන් වළකින්න.



කලාකාරයෙක් කරන්නේද වෘත්තියකි.
අනිත් වෘත්තීන්  කලාකරුවාගෙන් වෙනස් වෙන්නේ මොන ලොකු මෑණියන්ගේ වස්ත්‍රයක තර්කයකින්ද කියා මට තේරෙන්නේ නැත.
වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් තමන්ගෙ දැනුම විකුණනවා සේම , සපත්තු හදන්නෙක් තමන් හදන සපත්තු විකුණනවා සේම කලාකාරයෙක් කරන්නේද සින්දුවකින් රංගනයකින් සංගීතයකින් චිත්‍ර ඇඳීමකින් හෝ වෙන මොන දේකින් හෝ තමන්ගේ හැකියාවක් විකිණීමයි..

මෙතන තියෙන්නේද ලංකාවේ ගෝත්‍රික ජීවීන්ට ආවේණික.., වෘත්තියක් වෘත්තියක තත්වයේ නොතියා පූජනීයත්වයට පත්කිරීමේ විකාරයේ ප්‍රතිපලය..
දේසපාලඥයන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් කලාකරුවන්ගෙන්ද අපි දැන් විඳින්නේ ඒ විකාරයේ ප්‍රතිඵලයි..

උඹ සින්දු කියපන් නැත්තං මරණවා කියා බෙල්ලට පිහිය තියා ඔය එකෙක්ටවත් සින්දු කියන්නට කියා කවුරුත් කියා නැත.
අනී උයා රඟපෑවෙ නැත්තං අපි මැරෙනව මියා කියා ලංකාවේ උන් නාහෙන් අඬා නැත..
ඔය හැමෝම කරන්නේ තෝරාගත් වෘත්තීයකි. එයින් හම්බකරගෙන තමන්ගේ විශ්‍රාම ජීවිතය සකසා ගැනීම තම තමන්ගේ වගකීම විනා අනී අපි සින්දු කිව්වා මට දැන් ගෙයක් හදලා දෙන්න කීම ගොං කතාවකි.
කලාව කරන කාලයේ මුදලක් ඉතිරි නොකරගෙන අනාගත සැලසුමක් නැතිව වයසට ගියාට පසු අනේ අපි ඔයාලා වෙනුවෙන් කලාව කලා අපිට ගාණක් දෙන්න කීම විකාරයකි.

ඒ වෙලාවට හිතෙන්නේ හරිහමන් ගාණක් ලැබෙන්නෙ නැත්තං වෙන රස්සාවක් නොකර මොන බම්බුවටද හලෝ තමුසෙ කලාව කලේ කියා අහන්නටය..

ලංකාවේ දේසපාලුවන් විසින් කලාකාරයන්ට තියන ජනප්‍රියත්වය පෙන්නා ඡන්ද කඩාගැනීමට උන්ව නම්මා ගැනීමේ උපක්‍රමයක් ලෙස උන්ට ගෙවල් දීමේ වාහන දීමේ උපදේසක පට්ටම් දීමේ බහුබූතයක් ඇරඹීය..
දැන් ලංකාවේ සමහර කලාකාරයෝ හිතන් ඉන්නේ ඒ අනිත් වෘත්තීන් වලට නොසලකා උන්ට විතරක් සැලකුවේ පිටසක්වලින් ගෙනා විසේස බඩකඩිත්තුවක් හෝ උන් අතිපූජනීය ජීවීන් සෙට් එකක් නිසා බවයි.

අනේ පීස් ඇහැරෙන්න..

උඹලට කැමති උන්ගෙ ඡන්ද කඩාගන්න උඹලව කඩේ යවන්න ඕන නිසා මිසක් වෙන මොන කෙහෙල් ඇවරියක් නිසාවත් උඹලට සැලකුවේ නැත.
හන්දියේ කඩල විකුණන කොලුවාට ඡන්ද පන්දහක් අරන් දීමට හැකිනං අර දේසපාලුවෝ ඌටද ගෙයක් දෙනු ඇත.
එතකොට ඌ හිතනවානං මගේ අහවල් පූජනීය මෙව්වා එකක් නිසා ඌට ගෙයක් දුන්නා කියා ඒකට බෙහෙත් අරන් දෙනවා ඇරෙන්න වෙන කිරීමට දෙයක් නැත..

ලංකාවේ සමහර කලාකාරයො හිතන් ඉන්නා පරිදි උන්ට රජය අනිවාර්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ තබා සැලකිය යුතුය.. විස්‍රාම වැටුප් දීම, ගෙවල් දීම, පඩියක් දීම, වාහනයක් දීම අනිවාර්‍යයෙන් කළ යුතු අයිතිවාසිකමක් කියා හිතාගෙන සිටියි..
ඔව් ඔව් උඹලට වාහන දෙන්න තමයි මිනිස්සු ආණ්ඩු පත් කරන්නෙ.. අනේ මේ හිටහන්..

ඒක නිසා ඔයාලයි අනිත් අයගෙයි ඇති වෙනසක් නැත. ඔයාලා පූජනීයද නැත. ඔයාලා විසේස සත්ව කොට්ටාසයක් වන්නේද නැත..
ඔයාලට කවුරුත් මන්න බෙල්ලට තබා කලාව කරන්නට කියාද නැත.
අපි අහවල් සින්දු කලා, අහවල් රංගනේ කලා ඒක නිසා අපිට ගෙයක් දීපන් අරක දීපන් මේක දීපන් කියා නාහෙන් අඬන්න ඉන්නවානං අනේ පීස් අපිට ඔයාගෙ නල්ලමලේ කලාව එපා.. ඕක පැත්තකින් තියලා රස්සාවක් කරලා දෙයියනේ කියලා ජීවත් වෙන්න අනිත් උන්ට වද දෙන්නැතුව..

(  කලාව කේවල් නොකරන වෘත්තීයමය කලාකරුවන් සඳහා මෙය අදාල නැත )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

10 comments:

  1. නොමිලේ හම්බවෙනවා කියලා දෑන ගත්ත ගමන් කොහෙන් උණත් කමක් නැ ඉල්ලා ගන්න බලා ඉන්නේ

    ReplyDelete
  2. කලා නිර්මාණ කිරීමත් හරියට සූදුවක් වගේ.හිට් උනොත් ගොඩ.නැත්තං අතින් කයිට්.ඉතින් රිස්ක් එක ගන්න කවුරු හරි සල්ලි දාල වැඩේ කරනවා.හිට් උනාම ආදායම උට.(ඒක ලැබෙද්දි ලැබෙනවා හූ කියන්නම.) ශිල්පීන්ට මුලින් ලැබුනු ගාන විතරයි.ඉතින් එයාලට අවුල්.ඕකත් තියනවා ඔය අස්සෙ.අරූ අපෙන් හම්බ කරගෙන ඉන්නෙ කියල තරහ තියන් ඉන අය ඉන්නවා.
    ජයවේවා..!!

    ReplyDelete
  3. ආයි නැහැ නියමෙට කියල තියෙනවා. වයසක අයට සලකන ක්‍රම බොහොම රටවල තියෙනවා. නොමිලේ බස් ප්‍රවේශ පත්‍ර, අඩු මුදලට සෞඛ්‍ය සේවය , දීමනා, ආදිය. හැබැයි එක වෘත්තියකට විශේෂයක් නැහැ. එකම විශේශය තමයි ඇමෙරිකාවේ යුධ හමුදාවල සේවය කල අයට තිබෙන විශේෂ සෞඛ්‍ය සේවය. මේ ලිපියටනම් 100% ක් එකඟයි.

    ReplyDelete
  4. බොල් පිළිම


    ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරති
    ඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවති
    මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්
    ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති

    නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර හමුවේදී
    ඔවුන් කුක්කන් ලෙස නගුට වනති
    අන්ධ මීයන් ලෙස රැලේ යති
    දේශපාලකයන් හමුවේ දණ නමති
    ඔවුන්ව පැදකුණු කරති
    තම ආත්මය ඔවුන්ට පාවා දෙති

    කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම
    ජනතා කලාවක් ගොඩනැගීම පසෙක ලා
    අනවතරයෙන්ම වන්දිභට්ටයින් බවට පත් වෙති

    මොවුන් අතර වික්ටර් හාරාලා නැත
    බොබ් ඩිලන්ලා විසෝස්කිලා නැත​
    ඇත්තේ අත්තෙන් අත්තට පනින
    ඇක්‍ෂන් ජැක්සන්ලා හා දීන කලා මනප්පුලා පම​ණි

    දීනත්වයෙන් තොර ස්වාධීන කලාකරුවන් ගේ කාන්තාරයක් වූ මේ දේශයේ
    කලාකරුවන් ලෙස හඳුන්වන මේ බොල් පිළිම​
    ජීවත්වන කාලයේ රජයෙන් නොමිලේ ගෙවල්ද අයදිති
    එපමණක්ද නොවේ සබඳ
    ,මියගිය පසු ඔවුන් දෙපැයක්ද​ කලාභවනේ වැතිර සිටිති

    ReplyDelete
  5. මටත් එහෙම හිතුනා. ඇයි මිනිස්සු ඒ තරම් අසරණ වෙන්නේ කියලා !

    ReplyDelete
  6. මමත් ඔය කලාකරුවන්ගෙ අඳෝනා ගැන ලියන්නත් හිතල ආය නිකා හිටිය පව්නෙ කියල...හෙහ්,හෙහ්,

    රජයේ සේවයෙන් ලැබෙන වැටුපෙන් අපෙ අම්මල තාත්තල අපිටත් උගන්නල, නෑදෑ පරපුරටත් සලකල, ඉඩමකුත් අරගෙන ගේකුත් හැදුව. බැංකු ණය ගෙව්ව පෙන්ෂන් අරගෙන ඉවර වෙලත්...ඒව එහෙම තමයි..

    මම අහන්නෙ ඔය නලු නිලි ගායක ගායිකාවන්ට මොකද එහෙම බැරි? අර කිව්වත් වගෙ ඔය කවුරුත් නොමිලේ රඟ පෑවෙ සිංදු කිව්වෙ නැහැනෙ. කලාවෙං ජීවත් වෙන්න බැරිනම් එහෙම නැත්නම් ඒක කරගන්න හැටි දන්නෙ නැත්නම් කරන්න තිබ්බෙ කලාව අත ඇරල වෙන දෙයක් කරන එකනෙ...මොකෝ අර කිව්වත් වගෙ අපි ඔලුවට පිස්තෝලයක් තියල උබ වෙන කිසිම ජීවනෝපායක් කරන්ට එපාය...තනිකරම සිංදු කියපිය, නැත්තං නටාපිය කියල කිව්වයැ...හාද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන අපි සෑහෙන්න කතා කරා නේද රවී . මේක අපිට එකඟ වෙනන පුළුවන් හොඳ පෝස්ට් එකක්

      Delete
    2. මටත් අපේ ඒ සාකච්ඡාව මතක්වුනා තිලකෙ මේ ගස්ගෝනගෙ මේ පෝස්ට් එක කියවනකොට...හෙහ්,හෙහ්,

      Delete
  7. මල්ලි මේක මිට වැඩිය ටිකක් සානුකම්පිතව බලන්න. කලාකාරයන්ගේ කොටසක් මුදල් ගැන බලන්නේ නැතිව කලා වැඩ කලා දැන් සමහරු බ්ලොග් වලට සම්මාන දෙනවට බනින්නේ විකුනනවා කියල. කළ කාරයොත් සල්ලි ඉල්ලන කොට බැන්න . අද වුනත් සමහර ජනමාධ්‍ය වේදීන්ට හරි පඩියක් ගෙවන්නේ නැහැ. නිකන් වැඩ ගණන් තමයි බලන්නේ. ඕක පුරුදු කලෙත් ඔය රටේ හොර වාමාංශික රැල. නිකන් වැඩ ගත්ත ගොඩක් අයගෙන්. සමහරු උඩ ගියා සමහරු මැරුණා. ඔන්න ඔය තතවය් සලකන්න. අපේ මිනිස්සු කලාකාරයන් ගෙන් නිකම් තමයි නිර්මාණ බලා පොරොත්තු වුනේ. වෙන්නේ. ඔන්න ඔය ඇත්ත මම හොඳාකාරව දන්නවා. නව පරපුරේ භාතිය සන්තුෂ්, ඉරාජ් උමාරියා තව මෙකි නොකී සෙට් එකට මම කැමති උන් උන්ගේ වටිනාකම දන්නවා කියල හිතෙන නිසා. අපේ පරණ කලාකරුවෝ එහෙම හිටියේ නැහැ.

    ReplyDelete