Monday, May 22, 2017

චමලේ බබා කාලේ කතාවක්

==  ==
( කැබිනට් සංසෝදන කතාවක් නොවේ )

අනී පොඩි කාලෙට පියනගන්න ආසයි.. යාලුවෝ එක්ක වෙල් ඉපනැල්ලේ අල්ලන සෙල්ලන් කරන්න ඕනෙ අපෙ හාන්දුරුවනේ. පොත් බෑග්ගෙක එල්ලගෙන ආයෙ ඉස්කෝලෙ යන්න ඕනෙ.. සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ඒකයි මේකයි කියා එක එකා කිව්වට මට එහෙම මෙව්වා එකක් නැත.. මොකද මට තටු නැති නිසා මම ඉස්කෝලෙ ගියේ බස්සෙකේ.. කෝච්චියෙ.. වෑන් එකේ. ඉස්කූල් බස්සෙකේය. ඒක නිසා ඉගිල්ලිලා ඉස්කෝලෙ ගිය උන්ට ආතල් උනාට මට එහෙම එකක් නැත.
  පොඩි කාලේ කිලෝ පහළවක් විතර බර බෑග්ගෙක පිටේ දාගෙන උදේ පාන්දර ඇහැරගෙන කබ කඩ කඩ ඉස්කෝලෙ යන්න කිසි ආසාවක් නැත. ඉස්කෝලෙ හැමදාම තියෙන්නේ දහයට ඇහැරිලා පරණ කොටකලිසමක් හොයාගෙන යාලුවො එක්ක සෙට් වෙලා සෙල්පි ගහන්න බැක්ටු ඉස්කූල් වගේ නං කමක් නැත.
 බෑග්ගෙක බර නිසා මම පොඩි කාලේ ඉස්කෝලෙට අච්චු පොත් ගෙනිච්චේ නැත. කොච්චර බරද කියනවානං මං මුලින් හිතුවේ ඉස්කෝලෙ ගිහින් ඉවර වෙද්දී කොන්ද නැවිලා නැවිලා නැවිලා නැවිලා අන්තිමේදි මූණ සපත්තුවේ ගෑවෙයි කියාය.



පස්සෙ ඔස්ටියෝපොරෝසිස් කිරි එකක් බී හොඳකර ගත හැකිබව ටීවී එකෙන් දුටු මම යන්තම් හිත හදා ගත්තෙමි.
අවසානයේ මගෙ අනිත් සැලැස්ම ලෙස සිලබස් එකම පන්තියේ ඩෙස් එක යට තැන්පත් කළෙමි.. ඒ නිසා බෑග් එකේ තිබුනේ කෑම එක හා පිටු අසූවේ පොත් දෙක තුනකි.
දෙක තුන හතර වගේ වසර වල පන්තියෙ තිබ්බේ කණ්ඩායම් හදලාය. ඩෙස් පහ හයක් එක ළඟ තබා ඒ වටා පුටු තබා පන්තියේ උන් වාඩි කරවා තිබුණි.
දැන් වගේම ඒ කාලෙත් මගේ කටට බ්‍රේක් නැත. වැඩේම කියවන එකය. ටීචර් උගන්නන විට හද්ද ගොං ප්‍රස්ණ ඇසීමය..  කොච්චර කට රිදුනත් මට ගානක් නැත. හොරෙන් පෑන් ගේම් ගැසීම.. ක්ලිප් ගේම් ගැසීම.. පුටු වලට වතුර දැමීම.. රබර් පටි වලින් දෙපැත්ත බෙදී විද ගැනීම.., සින්දු කීම., කොල ගුලි ගසා ගැනීම.. වැනි දරුණු ගණයේ පාතාල ක්‍රියා වලට හවුල් විය.. පොඩි කාලේ කරන ලද ඔය පාතාල වැඩ ඕලෙවල් ඒලෙවල් කරන විට ත්‍රස්තවාදී ක්‍රියා බවට පත්විය.. ගුරුවරුන් දෙමව්පියො දැනුවත් කිරීම කොච්චර කලාද කියනවානං මගෙ ගුණ වර්ණනාවක් කිරීමට ගෙදරට කෝල් කල ත් ගෙදරින් හිතන්නේ මේ නම් මගේ නොහොඹිනා යාලුවෙක් ආතල් එකට ලබා දුන් කෝල්ලෙකක් කියාය. කිම් ජොන් කාරයාගේ දරුණු නියස්ටික ප්‍රහාරයක් තරමට එය ගෙදරය ජෝක් එකක් වී තිබුණි.
 හැදෙන ගහ මොකක්ද එකකින් දැනේ කියා ඇත්තේ ඒ නිසාය. ගහ කෙසේ වෙතත් ඕලෙවල් විභාගෙ ප්‍රැක්ටිකල් දවසේ බලන් අඳින්න දුන් පැලේ ඇඳීමට අමාරු නිසා ඒකේ කොල දෙකක් කඩා උඩ තට්ටුවෙන් බිමට දැමූ සිද්දියත් දැන් මතක් විය.

ඉතින් ටීචර්ලාට ඒ කාලේ සිට උසස් පෙල පන්තිය දක්වාම මාව පෙන්නන්නට බැරිය.  ඔහොම පොඩි කාලෙ පන්තියේ කතා කර කර ඉද්දී ටීචර් කරන්නේ කණ්ඩායම මාරු කිරීමය.
හම්බන්තොටින් අල්ලපු අලියෙක් වන්නිතම්මැන්නාවෙ කැලේකට ගෙනල්ලා දැම්මා වගේ හැඟීමක් ටීචට ඇතිවුනත් මට එහෙම එකක් නැත.
ඒ කාලේ ඒක නොච්චියාගමට ට්‍රාන්සර් එකක් ලැබුණා වගේ දඬුවමක් කියා හිතුනත් දැන් මතක් වෙද්දි හිනා ය.
මම ඒ කණ්ඩායමට දැම්ම පසු මුල් විනාඩි කිහිපයේ සද්ද නැතුව සිටිමි. පන්තියේ ඔක්කොම උන් ඉස්සරහ තමුසෙ එනව මෙතෙන්ට මගෙන් ගුටි නොකා කියා අත පුරෝලා පිටට එකක් ගසා කණ්ඩායම මාරු කරන විට අනිත් උන් මූණ දිහා රැවුල කපන්න වගේ බලං ඉන්නවාය. ඒ කාලේ රැවුල නැතත් උන් බලන් ඉන්නේ එහෙමය.. සමහර උන් නෝන්ඩියට හිනාවෙයි..
ඒ බයිට් එක නිසාම මුල් විනාඩි කිහිපයේ නැන්දම්මගෙන් බැනුං අහපු ස්වප්නා වගේ හිටියෙමි . ඊළඟට ආයෙත් මගෙ ඔලුව දෙපැත්තේ සුදුපාට පිහාටු තියන චමලෙක්.. රතුපාට අං තියන චමලෙකුත් මැවෙයි.. සුදු පාට එකා චමල් ඔයා පාඩම් කරන්න.. ටීච කියන එක සද්දෙ නැතුව අහගෙන ඉන්න කියා කියයි.. ඒ වෙලාවෙම රතු පාට එකා අරූගේ බෙල්ලෙන් අල්ලා ඔලුව උඩ බිම දාගෙන පහරදෙයි. සුදු එකා මෝටාර් එකක් වැදුනා සේ අමාරුවෙන් අතුරුදන් වෙයි. රතු එකා ඒ වෙලාවේ ප්‍රශ්ණෙකට උත්තර දීමට නැගිට සිටින එකෙක්ගේ පුටුව සහ මේසෙ උඩ ඇති වතුර බෝතලේ මට පෙන්වයි..
ඉතින් ආයෙත් මං අර පරණ එකා බවට පත්වෙයි.

හදිස්සියෙ ඕක මතක් උනේ සිරිසේනගෙ කැබිනට් සංසෝදනේ දුටු විටය..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. චමල් රාජපක්ෂ නෙවෙයිනෙ නේද

    ReplyDelete
  2. ඉතිං රටකට හරියයිද.... මං අහන්නේ හරියයිද... අපේ කාලේනම් ඔහෙම සංසෝධන තිබුනේ නෑ අපේ හාමුදුරුවනේ....

    ReplyDelete