Saturday, July 8, 2017

Battery low

"සියළු ස්මාර්ට් පෝන් බැටරියෝ බසින සුළුය. නොපමාව චාජ් කරන්න.."

කියා පෙර චමලේ පොල්වතාණුවන් විසින්  අකලංකාරයෙහි දක්වා ඇති උදාන වාක්‍ය මට සිහිපත් වන විටත් මා ප්‍රමාද වැඩිය. අප්පච්චී පැරදුණු කලක මෙන් පෝන් එකේ බැක්ලයිට් අඩුවී ගණ අන්දකාරයෙන් මා වෙලාගෙනය. මගේ දුරකතනයට තිබෙන්නේ බැටරි ප්‍රශ්නයක් නොවන අතර එයට ඇත්තේ බැටරි නැති ප්‍රස්ණයකි. ඉස්සර කාලෙ නං ඉතා කුඩා කාලයක් හැඟවීමට කිව්වේ අසුරු සැණින්.., ක්ෂණිකව... ටක් ගාල.. ටිං ගාලා වගේ පද ය. දැන් ඒ වෙනුවට "පෝන් බැටරිය වගේ" පද යොදා ගත හැක..
" ඉස්මාර්ට් පෝන් බැටරියක් සේ අප අතරින් අකාලයේ වියෝවූ ඔසාමා බින් ලාඩන් " ආදී උපමාවක් ලෙසද මෙය යොදාගත හැක.

මට වෙලාවකට හිතෙන්නේ මේ අර්බුදය පසුපස ඇත්තේද චාලි ඔස්ටිනා කියාය..  සුවර් එකටම ඕකාට පවර් බෑන්ක් කොම්පැණියක් ඇතුවා විය හැක. ඒකේ සේල්ස් වැඩි කර ගැනීමට බැටරි බහින පෝන් හදා විකුණනවා විය හැක.

බැටරියත් සිරිසේන ජනාධිපතිගේ දරුණු පියවරක් ගන්නවා කියා දෙන ටෝක්ස් එකක් වගේය.. මහින්ද මහතා බලේ අල්ලනවා කිව්වා වගේය..2020 ජවිපෙ ආණ්ඩුවක් එනවා කිව්වා වගේය..  ආණ්ඩුව හොරු අල්ලනවා.. යහපාලනේ ගේනවා.. ඩෙංගු මර්දනේ කරනවා කිව්වා වගේය.. පුල් චාජ් එකේ ටෝක්ස් එක දුන්නාට පසු ලද සැනින් එසැනින් බැස යයි..

ඉස්සරනං බැටරිය බැසීම නිසා සිදුවන්නේ වැඩිම උනොත් කෝල්ලෙකක් ගන්න බැරි වීමය..  නමුත් දැන් තත්වය වෙනස් ය.

මේ තියන තත්වය නිසා මා බියෙන් පසුවන්නේ පේස්බුක් එකේ පේජ් වල වදන් හා ටෝක්ස් බැලීමට නොහැකි වීම නිසා මගේ ජීවිතය හැඳිගෑවී ජීවිතයේ තනිමංසල අතරමං වී අනාගතය ගණ අන්දකාරයේ ගිලී යයි කියාය.. මට කලුවරේ  පීනන්නත් බැරිය..
එමෙන්ම මට ඇක්ටිව් පේස්බුක් ප්‍රෙන්ඩ් කෙනෙක් වීමට නොහැකි වීම නිසා ඩෙංගු මර්දනේට පොල් කෝම්බ හොයා වත්ත සුද්ද කරනවාටත් වඩා ඕනෑකමින් ප්‍රෙන්ඩ් ලිස්ට් එක සුද්ද කරනා ඩෑල්ස් එකකින් හෝ ඩෑලාවියකගේ ලිස්ට් එකෙන් අතුගෑවී යාමට සිදුවේද කියාද අන්නශ්‍රෝතයේ සිට ලැන්ගර්හැන්දීපිකාව දක්වා පැන නැගෙන බියකුත් ඇත.  එහෙම වුවොත් නං ජීවත් වී තවත් පලක් නැත.

ඕකෙ වාසියකට කියා ඇත්තේ වැදෙන්න දාන පෝස්ට් වලින් නොවැදි බේරීමට හැකිවීම නිසා අතපය බෙල්ල හා දත් නොකඩාගෙන ජීවත්විය හැකි වීමය.

 ලෙඩක් හැදුනාම සුවය පතා සෙයාර් කර ගැනීමට පෝස්ට් එකක් දැමීමටවත් නොහැකි වීම නිසා දැන් බෙහෙත් වලටද මුදල් වැය කිරීමට සිදුව ඇත. දොස්තරලාට හිත රිදෙන කතා කියන උන්ව බෙහෙත් ගැනීමට ගිය විට පොටෝ ගසා ජාත්‍යන්තරේට යවන නිසා පේස්බුක් එකේ සුවය පතා ලෙඩ සුව කරගන්නා ක්‍රමේ මටත් කිව්වේ හිපොක්‍රටිස් මාමා ය..  ඕකුන්ට නං හොඳම වැඩේය. හොරා කෑවට මොකො යුද්දෙ දින්නනෙ කියා නැපෝලියන් බොනපාට් මහනුවර මගුල්මඩුවේදී කියා ඇත්තේ සල්ලි හොරා කා බේබද්දෙකු වී ඇති බවට රටවැසියෝ චෝදනා කල විටය.. කොහොමත් සයිටම් ඩොකාලා ආවත් අබසරණ නිසා පේස්බුක් එකේ සුවය පතා සෙයාර් කිරීම හොඳය.

කෝල් ගන්නේ මැසේජ් දාන්නේ වට්සැප් වයිබර හෝ මැසේන්ජරයෙන් ය. බැටරිය බැසීම නිසා ඕවාටද රිප්ලයි කරන්නේ පෝන්නෙක චාජ් කරලා ය. බැටරිය බැස ඕවා ප්‍රමාද වීම නිසා ඇතිවෙන ප්‍රස්ණ ට්‍රම්ප් කාරයාටවත් ඇතිවන්නේ නැතුව ඇතිය.

පවර් බෑන්ක් උස්සාගෙන හැමතැනම යාමද කළ නොහැකි වන්නේ මාගේ සිහිකල්පනාවේ හැටියට තැන තැන  අමතකව දමා එන නිසාය.  ඒ නිසා කුමන හෝ දෙයියන්නාන්සේ කෙනෙක්ට ඔන්ලයින් පඬුරක් ගැට ගසා විද්‍යාඥෞත්තමයෙක්ගේ දෑස් පෑදී පෝන් එකේ කුඩා ජලවිදුලි බලාගාරයක් හෝ හදන්නට හිත පහළ වේවායි කියා උදේ හවා පෝන්නෙක චාජ් කර කර ප්‍රාර්ථනා කරමි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ



6 comments:

  1. හමදා වගේ මේකත් නියමයි.

    ReplyDelete
  2. ජල විදුලිබලාගාරයක්නං මදිවෙයි න්‍යෂ්ඨික එකක්වත් හයිකරන්න වෙයි.

    ReplyDelete
  3. අහවල් වල්ලි මෑණියන් ලව්වා ඔන්ලයින් වසියක් කර ගනින් පිටරට ඉන්න එකෙක්ට ඇපල් ගෙඩියක්ම එවන්ට හිතක් පහල වෙන්ට....

    ReplyDelete
  4. //බැටරියත් සිරිසේන ජනාධිපතිගේ දරුණු පියවරක් ගන්නවා කියා දෙන ටෝක්ස් එකක් වගේය.. මහින්ද මහතා බලේ අල්ලනවා කිව්වා වගේය..2020 ජවිපෙ ආණ්ඩුවක් එනවා කිව්වා වගේය.. ආණ්ඩුව හොරු අල්ලනවා.. යහපාලනේ ගේනවා.. ඩෙංගු මර්දනේ කරනවා කිව්වා වගේය.. පුල් චාජ් එකේ ටෝක්ස් එක දුන්නාට පසු ලද සැනින් එසැනින් බැස යයි..// ha ha

    ReplyDelete
  5. මොබයිල් ෆෝන් වල බැටරිය 50% වදියට බහින්න කලින් හම වෙලේම චාජ් කරනවා නම් බැටරිය කල් පවතිනවා. 20% බහින්න දෙන්න හොඳ නැහැ. සම්පුර්නයෙන්ම චාර්ජ් බැස්සට පස්සේ ආයේ චාර්ජ් කරනවා කියනන් ඉක්මනින්ම බැටරිය සවුත්තු වෙනවා.

    ReplyDelete