Thursday, July 6, 2017

ආණ්ඩුක්‍රම වියවස්තාවට ත්‍රීරෝද රත සංගං විරෝදය

===  ===

හංදියේ ත්‍රීවිල් පාක් එකක් ඇත.ත්‍රීවිල් පාක් එකේ ත්‍රීවිල් නැතුව ප්ලේන් නවත්වන්නේ නැති නිසා පේලියට ත්‍රීවිල් නවත්වා ඇත. කස්ටිය හයර් එකක් එනකන් උදේ සිට බලන් ඉන්නවාය. කොච්චර කියෙව්වත් ඉතින් හයර් නාවොත් හුළං ය.. ඔය ඉන්න අතරේ කස්ටියක් දාං අදිති. තව සෙට් එකක් පත්තර බලති. කොල්ලෝ දෙතුන් දෙනෙක් නං පෝන් එක ඔබ ඔබා පේස්බුක් යති.
පෙට්ටි කඩෙන් සිගරට් එකක් එක්ක ප්ලේන්ටියක් බොති.
ලංකාවේ උන් ඉතින් තනියම හිටියත් සංගමයක් අටෝගන්නා නිසා ඔතනද සංගමයක් ඇත. සංගමයක් කීවාට සංගං දෙක තුනක්ම ඇති බව දැන ගත්තේ ඉඳලා හිටලා හයර් යන විටය. එක තැන නවත්තාගෙන හිටියට එකම ජොබ්බෙක කලාට උන් එකාට එකෙක් නැත. සංගං ද පිහිටවා ගෙන ඇත්තේ එකම සෙට් එක කෑලි වලට එක එකා කඩාගෙනය.. එක්සත් ත්‍රීරෝද රත සංගමේ කීවාට ඇති එක්සත් එකක් නැත. සංගං දෙකක් ලොකුය.. අලුතෙන් ආපු උන් අඩුකුලේ පර හැත්තය. උන්ට දාං ලෑල්ල



හම්බෙන්නේ නැත. පුටුවක් දෙන්නෙත් නැත..
අනිත් උන් උන්ව ගණං ගන්නේ නැත.
උන් උන්වත් සමගියක් නැතුව කොටාගද්දී  මෙතන කතා වෙන්නේ සිරියානු අර්බුදය නිමා කර ජාතික සමගිය ඇති කිරීමටය.
ඇමරිකානු බල කඳවුරෙන් තුන්වෙනි ලෝකෙ රටවලට සිද්දවන අකටයුතු කම් ගැනය. ඉන්දියානු වියාප්තවාදය.. පුද්ගලික හා රජයේ විස්සවිද්‍යාල සිස්සයන් අතර පවතින අසමගිය ගැනද පොර ටෝක්ස් දෙති. හැබැයි අලුතෙන් ආව උන් අඩු කුලේ පර හැත්තය. උන් හිටගෙන ඉන්නවාය.
ඡන්ද වලට බැහැලා වැඩය..
රාජාණ්ඩුව තිබ්බ කාලේ නං ඕකුන් හිටියේ ගෝල් කාරයො දැක්ක මුහුදු මංකොල්ලකාරයෝ වගේය.
 එකෙක්වත් ටෝක්ස් දෙන්නේ නැත. වැඩි ටෝක්ස් දෙන උන්ව ආයුද පෙන්නන්න යන්න වෙන නිසා අයීබෝවේවා අපෙ හාන්දුරුවනේ කියාගෙන හිටියෝය..
දැන්නං ඉතින් දෙන ටෝක්ස් වල හැටියට අබුබකර් අල් බැග්ඩෑඩි කාරයා මුන්ගෙ ටෝක්ස් ඇහුවොත් ඌ හිමාලෙට ගිහිල්ලා  මහණ වෙනවාය.
මේ ළඟදී රෑක හයර් එකක් යද්දී මට එකෙක් මාර ටෝක්ස් එකක් දුන්නේය.

මල්ලි දැන් බලන්න ලංකාවෙ මාර සීන්නෙකනෙ.

මොකො වෙලා තියෙන්නෙ..

බලන්නකො අලුත් වියවස්තාවක් ගේන්නනනෙ යන්නෙ..

ආ ඔව් ඉතින්.

එහෙම පුලුවන්ද මල්ලි.. රට බෙදන අම්මටසිරි වියවස්තාවක් ගෙන්නනෙ යන්නෙ.. අරකට කෙලෝනවා මේකට කෙලෝනවා... ජාතික සමගිය නැති කොරෝනවා.. බ්ලා බ්ලා බ්ලා... ගා මූ කියාගෙන යයි..

හ්ම්ම්ම්

එහෙම නටන්න දෙන්න බෑනෙ මල්ලි ඕකුන්ට කෙලවන්න අපි මරුවැඩක් කලා..

ආ මොකො කලේ අයියෙ..

අපේ සංගං තුන සෙට් වෙලා ඔය වියවස්ථා මර උගුලට විරුද්ධයි.. ඕක වහාම නවත්තපිය කියලා ලියුමක් ගැහුවා..

ආ ඇත්තද..
අයියෙ මට කොපියක් දෙන්නකො.. මං තාම ඔය වියවස්ථාව දැක්කෙ නෑනෙ..

ආ ඒක අපි දැක්කෙත් නෑ මල්ලි.. ඒ උනාට එහෙම කරන්න දෙන්න බෑනෙ..

හා හා මං ඉස්සරහින් බහිනවා..

-------

බුදාම්මෝ...

මුගෙ ආච්චිගෙ පරම්පරාවටම ප්ලාස්ටික් හාල් ගරන්න.. යකෝ ලස්ස ගාණක් වියවස්ථා සංසෝදනේට හා කියලා ඡන්දෙ  දීලා වියවස්තාවක් තියා කොලකෑල්ලක්වත් ඇහැටවත් දැකලා නැති.. මේ කොහෙවත් ඉන්න ටොනික් මූඩියො ටිකක් කිව්වම ඒක නවත්තන්න...  අනේ නිකන් පලෑන්ඩෝ..
පර්සු ඈත් වීමේ අවධානම නිසා හිනාව තදකරගෙන හිටිය අතර තමන්ගෙම උන්ට පුටුවක් නොදෙන උන් ජාතික සමගිය ගැන දීපු ටෝක්ස් එක අසා පර්සු වලට කෙලවෙච්චාවෙ අපෙ හාන්දුරුවනේ කියා ආයෙ හිනාවීමි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. අඩුම ගාණෙ මුන් මිනිස්සුන්ව යන්න ඕන තැනට අරං යනව. අනික් කට්ටිය ඒකවත් නැහැ. මිනිස්සු මඟින් බස්සල ව්‍යවස්ථාව නිවන් අරිනව.

    ReplyDelete
  2. Ranil ponnayata wiyawastha hadanna kawuda chade dunne. mahinda hora kiyana manthare mathurala dan horakam paththaka thiyaddi TNA bedumwadi wesa ballanta balaya bedala denna hora paren wiyawastha hadanna yanawa. bedumwadi kapati nari ralatayi pankada yahapalana ponnayantayi ratama gana thindu ganna ba.

    ReplyDelete
  3. මේ යන විධිහට ඔය ව්‍යවස්ථාව සම්මත කරයි කියලවත් මට සුවර් නැහැ.

    ReplyDelete