Thursday, July 13, 2017

ජයදේව කේ. සමිත්

ජයදේව කේ. සමිත් කියා අයෙක්ගෙන් පේස්බුක් එකට මොකක්ද එකක් වෙනවා කියා කිහිප දෙනෙක් මට පණිවිඩ එවා තිබූ නිසා මදක් විපරම් කර බැලීමි. පරණ ණය කාරයෙකු හෝ නැති නිසා කල්පනා කර බැලුවේ මේ මොකාද කියාය. මා දන්නා ජයදේවයෙක් නං නැති අතර පුස්සදේව, කංචදේව , කියා යෝදයන් දෙන්නෙක් ගැන පොඩි කාලේ අසා ඇත.
ඒ කාලේ ඉතිහාසෙ ටීචර් කියූ පරිදි මේ ඩෑල්ස් වලට ජේසීබී එකක් සේ ඕනෑම බර වැඩක් කිරීමට හැකියාව තිබී ඇත.
මේ වගේ සක්ති සම්පන්න වීර වැඩ කල කොන්ද පණ තිබූ ඩෑල්ස් වැඩියෙන් හිටියේ දුටුගැමුණු රජතුමා සමග වැව්බැඳි රජරට පැත්තේ කියා ඇය තවදුරටත් කියූ අතර අපේ ජනාධිපති තුමාද රජරට කොල්ලෙක් නිසා අද ඒ කතාවඇල්වතුරට උල්පිහියෙන් ඇන්නා සේ විස්වාස කරමි. ..

මේ රජරට කතාව ඇසූ දකුණේ ඩෑල්ස් එකක් අත උස්සා "ටීචර්..." කියා නැගිට්ට මොහොතේම



"ආ හරි හරි හරි ලංකාවම තියෙන්නෙ දකුණේ.. උතුරයි වයඹයි ගිණිකොණයි බස්නාහිරයි රජරටයි අනිත් හැම බම්බුවමයි තියෙන්නෙ උතුරු කොරියාවෙ.. කටවහන් ඉඳගනින් බූරුවා.. " කියාය..

ඒ දිනවල අපේ ටීචර් විසින් දකුණේ මෑන්ස් ගේ මාධ්‍ය නිදහස මර්දනය කිරීම පිළිබඳ අපි ළමාරක්සක අදිකාරියට පැමිණිලි කිරීමට සිටියෙමු..
පසුව මම පේස්බුක් එකවුන්ට් එකක් හදාගත් අතර.. දැන් ටීච සිටින පැත්තට දිනපතා මල් පහන් පූජා කර වන්දනාමාන කරමි..

ජයදේවලා සේම විසේසයෙන් දන්නා සමිත් කෙනෙක්ද නැති අතර මතකෙට එන්නේ හංදියේ ත්‍රීවීල් පාක් එකේ වීල් සමිත් අයියාය. දැන් ටික දවසකට කලින් ගමට පිටසක්වල ජීවීන් ආ වෙලාවේ උන් ග්‍රාමීය බැංකුව කැඩීමට තැත් කර ඇත.. ඒ අවස්තාවේ උන්ට එලව එලවා පහර දී නැවත පිටසක්වල යානයට නංවා යවා ගම බේරාගෙන ඇත්තේ සමිත් අයියාය.. ඒ කරන ලද වීර ක්‍රියාවට උපහාරයක් ලෙස ගමේ උන් සම්මාදන් කර ත්‍රීවිල් එකක් අරන් දී ඇති අතර එදා සිට ඌට ගමේ උන් කිව්වේ වීල් සමිත් කියාය... වීල් සමිත් අයියා කියන පරිදි ඒ පිටසක්වල යානය කඩන් වැටී ඇත්තේ අරලියගහ මන්දිරය ඇති පැත්තට වන අතර රවී වික්‍රමසිංහ නම් මහතෙක් හයර් එකක් ගිය දවසක කියා ඇත්තේ ඒ පිටසක්වලයන් මහබැංකුව පැත්තට යනවා තමන් ඇස් දෙකෙන් දුටු බවය.. වීල් සමිත් අයියානං කියන්නේ වසීම් තාජුඩීන් ලසන්ත වික්‍රමතුංග මිනීමැරුම් වලටද ඔය පිටසක්වල උන් හවුල් බවය. උන් චීනෙත් එක්ක රොකට් පවා යැව්ව බවට ගමේ උන් කටකතා කියනවලු..

වීල් සමිත්ට පසු මා දන්නා සමිත් වන්නේ සරිමාන්නේ සමිත හිමියන් ය.. උන්වහන්සේගේ කාලීන කවිබණ ඇසීමට තරුණ තරුණියන් හිරු දාතු වැඳීමට මෙන් පෝලීමේ සිටින අතර කොයිතරම් ප්‍රසිද්ධියට පත්ව ඇත්දැයි කියනවනං මේ ළඟකදී බස්සෙකකද කාලීන කවිබණ අංක දෙක රත්නත්තරේ පිහිටයි දේශනාව විකාසය විය.. මා තව පොඩ්ඩෙන් එය අසා අරහත් ඵලයට පත්වන අතර එසේ වුවහොත් සාසනේට සිදුවන විපත ගැන සිතා කොන්දාගේ බෙල්ලෙන් අල්ලා වීඩියෝව නවත්තාගත්තෙමි..
උපාසකම්මලා පවසනා පරිදි තරුණ දියණියෝ හෙඩ්සෙට් ගසාගෙන මේ කවිබණ අසනා අතර ඔවුන් පවසන්නේ සමිත හිමියන් මීළඟ අලවතුරේ විජිතවංස හිමියන්ගේ තැනට පත්වන බවයි.. කාලීන කවිබණ අංක තුන උඹලෑ ආච්චිගෙ පිහිටයි ළඟදීම නිකුත් වන බවත් මේ දිනවල ඉරාජ් ප්‍රොඩක්ෂන්ස් හා රූපරචනා කරන බවත් උපසකාම්මා කෙනෙක් දවසක්දා මට කීවාය..

දැනට මතක් වන අය ඔච්චරක් වන අතර ඒ සෙට්ටෙක කුරාකූඹියෙක්ට වරදක් නැති උන් ය. ඉතින් මේ මොහොතේ මට හිතෙන්නේ ඔය වියාජ නම් වලින් මේ ප්‍රචාර ගෙනයමින් අපේ පේස්බුක් හැක්කර කඩාකප්පල් කිරීමට උත්සහ ගන්නේ චාලි ඔස්ටිං බවය..
ඕවා හොයා තේරුමක් නැති අතර ඒක හරියට ඩෙංගු හැදුන්නැති එකෙක් සෙවීම.., ඇන්ජලෝ මැතිවුස්ට කැප්ටන්සියෙන් පලයන් කියා බැනපු එකෙක් සෙවීටත් වඩා අමාරු විය හැකිය..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. දැන් අලවතුරේ විජිතවංශ හිමියෙක් නෑ මිනිහා සිවුරු දමලා ගිහිල්ලා දැන් අලවතුරේ විජිත.

    ReplyDelete
  2. දැන් නැගල යන්නේ මහා ඔස්ටිං ජාතකය

    ReplyDelete