Saturday, July 22, 2017

කොකේන් වැනුම | අකලංකාරය

== ==

රැගත් කොකෙන් පිරුනු අතින්
සුරත් තඹරු පෙති දෙනෙතින්
පුවත් නොදැන බමන මතින්
අයෙක් පිටට එයි සතොසින්...

සරා සළෙළු දන විගසේ
සුරා පාන කරන ලෙසේ
ගෙදර යන ගමන් මෙලෙසේ
කොකේන් රැගෙන යයි සතොසේ....

දුමින්ද කුඩු වල බල පසුබැස්වූ
ඇහින්ද ලෙස සුදු සීනියෙ රසවූ
කොහෙන්ද නොදැනම මෙහි ගොඩබැස්වූ
සුරන්ද සපැමිණ සතොසට රැස්වූ..

නොහැරා කොකේන් රස
නෑරා හැරම උවදෙස
දිනක් බමනා ලෙස
පා නගනු තොප බලා මෙ සතොස..

කන්ටේනරෙන් බානා
ෂොට් එකට ගත සැලෙනා
බ්‍රසීලේ සිට වඩිනා
සැවොම එන්නා සීනි ගන්නා...

එළවලු පලතුරට
හාල් තුනපහ ගන්නට
‍යන ලෙස පෙර ලෙසට
කොකේන් ගන්නට එන්න සතොසට...

ෂොට් එක උදේමද
දිවා රෑ කළ දෙකටද
ගන්නට මිතුරු සඳ
සතොස හැර වෙන මිතුරු කවුරුද....

හොරකමක් කරන ලෙසේ
වැලි දමා පොලිසියේ ඇසේ
එ කරදර නැත මෙ දවසේ
සීනි ගන්නට එන්න සතොසේ...


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments: