Saturday, July 29, 2017

හඳහන් නොගැලපුනොත් බඳින්නැද්ද..?



මගෙ යාළුවෙක් මෙහෙම කතාවක් කිව්වා..

" මචං ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කියනවා කොයිකටත්  හඳහන ගෙනල්ලා දෙන්නකො.. අපි ඒක බලමු.. අපේ අම්මලා කොහොමත් හඳහන් බලනවා.. "

කියලා..

දැන් මගෙන් ඕක ගෑණු ළමයෙක් ඇහුවනං මම ඊළඟට අහන ප්‍රශ්ණෙ..

"දැං හඳහන් නොගැලපුනොත් බඳින්නැද්ද..? "

එහෙම නෑ කියනවනං එහෙම කෙනෙක්ව නොබැඳ ඉන්න එකම හොඳය..

හඳහන් නොගැලපුනත් අවුලක් නෑ කියනවනං ඊළඟට අහන ප්‍රශ්ණෙ..

"අවුලක් නැත්තං මොන මගුලටද ඕයි ඕක බලන්නෙ...?? "

කියන එක..

ඒ කොල්ලායි කෙල්ලයි දෙන්නම උසස් අධ්‍යාපනේටත් විද්‍යාව ඉගෙනගත්ත සහ  ඉගෙනගන්න උන්....

උන්ගෙ වරදකුත් නෑ.. මේකෙ කාලයක් තිස්සෙ හදපු මැටි සංස්කෘතියට උන් මොනව කරන්නද.. ගෙදරින් එන පීඩනේට කෙල්ලත් අසරණයි..

" කලින් උඹලා දෙන්න ඕක බලලා ගැලපෙන්නෙ නැත්තං වෙන සාත්තරකාරයෙක්ට ගාණක් දීලා කෙල්ලගෙ හඳහනට ගැලපෙන එකක් හදලා නැන්දම්මලට පෙන්නහන්.."

 කියල මං කිව්වා..

                      ===========



අප්පිරියාවක් දැනෙන්නෙ නැද්ද ලංකාවෙ මේ ගෝත්‍රික වැඩ ගැන.. ජීවිතේ ස්වාධින තීරණයක් ගන්න බැරි ඒකටත් ග්‍රහයෙක්ගෙ පිහිට පතන මිනිස්සු කොයිතරම් ගෝත්‍රිකද..
ඒ ගෝත්‍රික මානසිකත්වෙ නිසා අරුන් දෙන්නා වගේ කී දෙනෙක් අසරණ වෙනවද..

ඉපදෙන දවසෙ ඉඳන් මැරෙනකන්ම ග්‍රහයෙක්ට තරුවකට වහල්කන් කර කර කොහෙවත් ඉන්න සාත්තරකාරයන්ට සල්ලි පූජ කරලා ජීවත්වෙන වහල්ලු...

තමන්ගෙ දරුව තෝරගත්ත කෙනා ගැලපෙනවද ,තේරුම් අරන්ද , ජීවිතේ ඉස්සරහට ගෙනියන්න උදව් වෙයිද වගේ වැදගත් දේවල් ඔක්කොම පැත්තකින් තියලා කිසිම අදාලත්වයක් නැති මෝඩයෙක්ගෙ කීමක් ලොකු කරගෙන ආදරණීය මානව බැඳීමක් කඩාකප්පල් කරල දාන්න තරම් වෘෂභ මානසිකත්වයක් තියන දෙමව්පියො...

ඒ වගේම හඳහන බල්ලට " දාලා ඕකෙ මොන මගුල තිබ්බත් අපිට පාන්ද ඕයි..  තමුසෙ මට කැමති නං ග්‍රහයො මොන  බිබික්කමක් කරන්නද " කියලා ස්වාධීන තීරණේකට එන්න බැරුව පිස්සො වගේ සාත්තරකාරයෙක්ගෙ කීමකට හා කියාගෙන නටන කොන්ද පණ නැති තරුණ පරම්පරාව...

ඉතින් තව මොනව කියන්නද..
දූපතේ ආදරේ නෑ කියල නැටුවට වැඩක් නෑ....
සාත්තරකාරයෙක් හා කියනකන් කසාදයක්වත් බැඳගන්න බැරි අඩුකුලේ බයි සංස්කෘතියක් තාමත් මෙහෙ තියනවා..
හදිසි සේවයක් ලෙස ගැසට් කරලා ඉන්දියාවට යවන්න ඕනෙ ඔය ඔක්කොම උන්ව..


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. දියුණු රටවල් යුවලක් එක්වීමේදී ඔවුන්ට ලැබෙන දරුවන්ට ජානමය රෝග තිබේද කියා බැලීමට හෙවත් වාහක සෙවිල්ල කරති. එහෙත් ශ්‍රී ලංකාවේ උගත් යුවලක් වූවද එක්වීමේදී ඔවුන් බලන්නේ කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති කේන්දර පොරොන්දම් ය .

    ReplyDelete