Thursday, October 12, 2017

අපේ එකක් හින්දා බලහන්

=== අපේ එකක් හින්දා බලහන් - අනේ නිකන් පලයන් බං යන්න ===

"මචන් ඒ ෆිල්ම් එක ටිකක් ගොං තමයි බං
ඒ උනාට මොනවා උනත් මෙහෙ හදන එකක්නෙ....
හින්දි දෙමළ නැතුව ඒවා බලන එක හොඳ නැද්ද...
මෙහෙ ආට්නෙ බං.. මෙහෙ ආටිස්ට්ලටනෙ සල්ලි...
බ්ලා බ්ලා බ්ලා...

ඔය ආකාරයේ "අවුල් උනාට කමක් නෑ ලංකාවෙනේ.." ලොජික් එක  හින්දි නෙමෙයි හින්දා ගොං උනත් සෝක් ඒ අසහාය මෙගා නාට්ටිය... ආදී ලෙස
 ටෙලි නාට්ටි වලටද මේ දවස් වල යොදනවා පෙනෙයි..
ඉන්දියාවෙ නිලියො වගේ නෑ තමයි.. ඒ උනාට මේ නටන්නෙ අපේ නිලියොනෙ.. බලන්නකො අහවල් රැජින නටන හැටි...
ඔස්කාර් වගේ නොවුනත් අහවල් සම්මාන උලෙලනෙ අනේ..

අර වගේ ඒ වගේ මේ වගේ නැතත් අපේ සින්දුනේ ලොකු අම්මෙ..අවුල් උනත් අපේ කලාවනේ...

ආකාරයේ ටෝක්ස් නිතර ඇසෙයි..

මට කියන්නං තියෙන්නේ මෙච්චරකි..

කලාව රසවිඳීම පුද්ගලයාට සාපේක්ෂය..
මම රසවිඳින්නේ මට රසවිඳිය හැකි චිත්‍රපට, ටෙලිනාට්‍ය, සින්දු බ්ලා බ්ලා බ්ලාය.. ඒක මගේ ආතල් එකය..

එතකොට මොන මගුලටද හලෝ මගේ ආතල් එක කඩාගෙන එක එකාගෙ කර්මාන්ත වෙනුවෙන් මම කලාව රසවිඳින්නෙ.. කවුරුහරි එකෙක්ට අපේ කලාව උගේ කලාව හෝ මොන ලොකු අම්මගෙ කලාවක් උනත් ගොඩදාගන්න ඕනෙනං ඒක අනිත් උන් බලන විදිහට හදනව මිසක්..

අනී චාටර් උනත් අපේ කලාව
ගොං විදිහට නැටුවත් අපේ නිලියො
අමුම අමු බඩකඩිත්තුවක් උනත් හින්දි මෙගා නෙමෙයිනෙ

අනී ඊක හින්දා බලන්න ෆෑන්ස්ලා කියලා විලි ලැජ්ජාවක් නැතුව නාහෙන් අඬලා වැඩක් තියනවද ඕයි...

අනිත් සීන් එක කවුරුහරි එකෙක්ට ආ තෝ හෙට ඉඳලා සින්දු කියන්න ඕනෙ.. රඟපාන්න ඕනෙ.. කැමරාකරන්න ඕනෙ.. මේකප් දාන්න ඕනෙ.. අධ්‍යක්සනේ කරන්න ඕනෙ.. පිටපත් ලියන්න ඕනෙ.. නැත්තං තෝවයි තොගෙ හත්මුතු පරම්පරාවෙ පූර්වජ චිම්පන්සියගෙ ඉඳන් සුදු වෑන් එකක ආයුද පෙන්නන්න එක්කන් යනවා කියලා කවුරුහරි කියනවද..

නෑනෙ

ආට් ඉන්ඩස්ට්‍රි එකට ඔක්කොම උන් එන්නෙ තමන්ගෙ කැමැත්තෙන්

ඉතින් උන් කැමැත්තෙන් රස්සාව හොයා ගත්තනං අනී උන් ඕකෙන් ජීවත් වෙනවා.. උන්ට ගෙවල් නෑ.. කන්න බොන්න නෑ..  ඒක හින්දා අපේ ආතල් කඩාගෙන අපේ කම කියලා ගොං ආතල් බලන්න මට නං කිසිම හදපතුලෙන් බුර බුරා නැගෙන දොඹකරයක් නැත...

ආට් වලින් සල්ලි හම්බෙන්නැත්තං වෙන මොකක් හරි මගුලක් කරහන් ගිහින්. අපිට පාන්ද..

 ආට් ගොඩදාන්න ඕනෙනං අපේ හින්දා බලන්න.. අහන්න දෙයියෝ කියලා හිඟානොකා.. මිනිස්සු බලන ආට් කරන රටවල් වල උන්ගෙ පරම්පරාවලට ජාතිය අමතන්නැතුව බලන්න පුලුවන් අහන්න පුලුවන් ඒවා හදහන්...
නැතුව ඒක අපේ එකක් නිසා දේසීය මෙව්වා එක හෝ කලාකාරයා නංවන්න ඕන ගොංපාට් එකක් බැලීමට මටනං කිසිම මොලේ අමාරුවක් නැත. වෙන එකක එකෙක් සල්ලි හෙව්වා කියා මටනං කිසිම දුකක් නැත.. ඌ සල්ලි හොයන්නේ උගේ ටැලන්ට් එක විකුණලාය.. ඉතින් ඒක හොඳය..

එහෙම බලන ඒව හැදෙනවනං ජීවිතේට  නොබලපු උන් උනත් පිස්සුවෙන් වගේ බලන්න පටන් ගනියි..
උදාහරණ හිතාගනින්...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. An example please....

    ReplyDelete
  2. තනිකරම ඇත්ත. ඒත් ඉඩෝරේට වහපු වැස්සක් වගේ කුබියෝ, සිදු, සිල්ලට කාසි, හාර කෝටිය ඒ ලෙවල් ඉවරයි වගේ ඒව මල් මසුරං කියන්නත් පුළුවන්. ඒත් 98% ම නොදකින් නොදෝමකින්. ප්‍රශ්නෙ කියන්නෙත් මුං අපි මේ ගැන දැන දැනත් මේ හුට්ටරප්පට තවම විකාශනය වෙන එක.

    ReplyDelete