Saturday, October 28, 2017

කැටලෝනියානුවාට කැටලෝනියාවෙකු වීම නිසාම ඇතිවී ඇති ගැටලුව



කැටලෝනියානුවාට කැටලෝනියාවෙකු වීම නිසාම ඇතිවී ඇති ගැටලුව කුමක් වුවද ස්පාඤ්ඤ ආණ්ඩුවට 155 ව්‍යවස්තාව මතක් වන විට කැටලෝනියන්ස්ලා සුවයංපාලනය ඉල්ලා අවසන් ය. එහේ දැන් මධ්‍යම රජේ විසින් බලේ පෙන්නා කෑල්ල කැඩීයාම නවත්තාගෙන ඇති බව තතු දන්නා විදේස පුවත් පත් වාර්තාකරුවන් විස්තර කර ඇත.

ලිප ගිනි මොලෝන තෙක් රයිස් කුකර් එකේ සැපෙන් කකුළුවා දිය කෙලියා කියූ පුරාන සාහිත්‍ය කාව්‍යයය මට මතක් වන්නේ මෙවිටය.
රයිස් කුකර් එක ලිපක් නොවේය කියා විටෙක මාත් සමග තර්ක කල අයෙකුට මම මගේ සාහිත්‍යමය දැනුම මෙහෙයවා කියා සිටියේ

 "යමකින් ආහාර උයන්නේද එය ලිප ය.. " කියා අකලංකාරයෙහි දක්වා ඇති පාඨයයි..

ඒ අනුව රයිස් කුකරය ද ලිපකි. ඒ අනුව ගෑස් ලිප්, දර ලිප්, රයිස් කුකර් , හොට් ප්ලේට්, මයික්‍රෝවේව් අවන් ආදිය ද විවිද ලිප් වෙයි. බිත්තර බැදීමට රෙදි මදින අයන් එකද ලිපල් ලෙස භාවිත කරයි.. නමුත් ලිප් කිස් යනු ලිප් හතරේ ගෑස් කුකරයක් දෑත බදා උම්මා දීම නොව හෙළ සංස්කෘතියට ගංවතුර ගලන වෙනත් කුණුහර්පයක් බව මා දැනගත්තේ පසුවය..


 කැටලෝනියාව හෝ මොන නිව්මෝනියාවක් හෝ වේවා ඕක තිබ්බත් නැතත් මටනං ගානක්වත් නැත. එසේ වුවද මට ඇති ප්‍රස්නය වන්නේ එංගලන්තෙන් ඇවිත් ටසිරිලංකාව ආයෙ බාරගන්නකං අපි බලන් ඉන්නා අවස්තාවක ස්පාඤ්ඤය වගේ සකල සිරින් පිරි රාජ්ජයකින් වෙන් වීමට උන්ට ඇති මොලේ අමාරුව කුමක්ද කියාය..  ප්‍රාන්ත බලතල තියාගෙන ආතල් එකේ ඉන්නැතුව ඉල්ලාගෙන හාල් ගරාගන්නවාට ඕකුන්ට ගහන්න ඕනේ වැලි ය.

අනේ අම්මාපල්ලා ඕකුන් එකෙක්වත් අපේ රට ගැන දන්නවානං ඔහොම කරාවිද අපේ ගංගා මෑණියනේ..
ටසිරිලක පළාතක බිබික්කං වැව්වද මධ්‍යම රජෙන් ලොකු සීන් බැලිය යුතු වුවද ඒ රටවල් වල ප්‍රාන්ත වල උන්ට පට්ට බලතල තියනවාය.. ඉතින් කඩාගෙන වෙන මගුලක් හදාගන්න යන්නේ මොකටද මන්දාය..
මෙහෙත් කඩනවානං සිරිසේන මහත්තයාට සරලෝනියාව., රනිල් අංකල්ට කොළඹේනියාව.. හා අප්පච්චීට බයියාලන්තය ද කඩා දැමිය හැක.

පෙඩරල් හෝ මොන කෙහෙල් ඇවරියකින් හෝ බලතල බෙදා වෙන්කරගෙන වෙන රටවල් හදාගන්නැතුව එස්සත්ව සිටිය හැකි බව අපේ හාමුදුරුවෝ දිහා බලනවානං ඔය කැටලෝනියාවේ සිට ටසිරිලක දක්වා හැම එකාටම ඉගෙනගැනීමට හැක..

ඒකීය බුද්ධාගමකි..
මල්වතුය.. අස්ගිරිය.. අමරපුරය.. රෝහණය.. බ්ලා බ්ලා බ්ලා.. නිකාය වලට බෙදා සාසනය ෆෙඩරල් ය.
එක එක නිකාය වල එක එක විදිහට තම තම අනන්‍යතාවය සුරක්සිත කරගෙන ඇත.
සමහර ඒවා වල අඩුකුලේ පරහැත්ත මහණ කරන්නේ නැත.
සිවුර අඳින්නේ එක එක විදිහටය..
එහෙමයි කියා කවුරුත් වෙන බුද්ධාගම් හදන්න යනවද
නෑනෙ..
සමන්තභද්‍ර පිස්සු නටන විට, අප්පච්චී නයිටි රේස් පදිනකොට., සිරිසේන වියවස්තාව සංසෝදනේ කරන්න හදන විට වගේ පොදු ප්‍රශ්නෙකදි හැමෝම සාසනය වෙනුවෙන් කියා එකතුවෙයි..

ඉතින් අපෙ හාන්දුරුවනේ ඔහොම නෙමෙයිද ඒකීය රටක ෆෙඩරල් වෙන්නෝනෙ..
විග්නේස්වරන් ගොයියාටද
සිරිසේනටද රනිල්ටද අප්පච්චිටද  කැටලෝනියාවටද ඔව්වා හොඳ පාඩං ය.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment: