Thursday, March 29, 2018

සිනාතොටක් විය ඔබ මා ළඟ සින්දුවට මම ලව් ඇයි

==  ==

ආදරය යනු තම වර්ගයාගේ පැවැත්ම උදෙසා ජීව විද්‍යාත්මකව සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන රැවටුමක් මිස වෙනත් යමක් නොවේය.

කියා කියන තැනම මිනිසා අනෙක් සතුන් අතරින් ඉක්මවීය. එය ඊට එහා එකක්ද මෙහා එකක්ද කියා තර්කය උපදින තැනම ද, වර්ගයාගේ පැවැත්ම උදෙසා නොවී පරම පිවිතුරු මොකක් හෝ එකක් විය හැකිද යන ප්‍රශ්ණය නගන තැනම මිනිසා ආදරයට වෙනස් අර්ථකතනයක් දී අවසන් ය. ජීව විද්‍යාත්මක අර්තකතනය 100% ක්ම නිවැරදි වුවත් නැතත් මා පෞද්ගලිකව මිනිසා තුල ඇතිවන ආදරය සම්බන්ධයෙන් වෙනස් කර සැලකීමට අතිශයින්ම කැමතිය. එය අධ්‍යාත්මිකද නැද්ද කියා ප්‍රශ්ණය නගන තැනම මිනිසා ආදරයේ අර්ථකථනය , අනෙක් ජීවීන්ගෙන් වෙනස් කර අවසන් ය.

බන්දුල නානායක්කාරවසම්ගෙ පද මාලාවට මම මාර ලව් මේ සින්දුවෙ. නීරෝෂගෙ කටහඬින් මේ සින්දුව කියනකොට කඳුළු එනකන් අහන් ඉන්න පුළුවන්.

මම පෞද්ගලිකව හිතාගෙන ඉන්නවා ඔය පූජනීය ආදර කතා , පරම පිවිතුරු ප්‍රේම, රාගයෙන් තොර අචින්ත්‍යයි කතා විහිළුයැ. එහෙම ආදරය කියා අමුතු මෙව්වා එකක් නැතිය කියලා.
හැබැයි කාන්තාවකගේ විප්‍රලම්භ ශෘංගාරය ගැන කියන මේ සින්දුව අහන් ඉද්දි ඒ මතවාද ඔක්කොම සින්දුව ඇහෙන විනාඩි කිහිපය ඇතුලෙ පැත්තකින් තියනව මම මාරම මාර කැමැත්තෙන්.
මේ සින්දුව ගැන එක එක අර්තකතනයන් දීලා තියනව මම අහලා තියනවා. යශෝදරා සිද්ධාර්ථ , ජනපද කල්‍යානි නන්ද , විශ්වවිද්‍යාල ප්‍රේමයක්, බන්දුල මහත්තයගෙ මිතුරෙකුගෙ අත්දැකීමක් ආදී විවිධ කතන්දර. දන්නෙ නෑ හරි එක මොකක්ද කියලා. මොකක් උනත් මට කමක් නෑ.. කොහොම හරි මුලින් පටන් ගන්නවා සරලව පෙම්වතෙකුගෙන් පෙම්වතියකට ලැබෙන දේ වලින්. හැබැයි සින්දුවෙ මැද ඉඳලා අග වෙනකන් යනකොට හරියට ලෞකික නිර්වාණයක් වගේ පීක් එකකට ගෙනියනවා.

කියන්නෙ තමන්ට අහිමි වෙච්ච පෙම්වතා ගැන. අර මම කලින් කියපු අපි සාහිත්‍යයේ යොදාගන්න විරහවේ ෆැන්ටසිය මේ සින්දුවෙ හොඳින්ම තියනවා. හැබැයි මේ වචන සහ හඬ ඒක එහෙම නෙමෙයි කියලම ඔප්පු කරනවා.
ආදරේ රාගයෙන් තොර අචින්ත්‍යයි කතාවට හිනාවෙලා එහෙම ලව් නෑ කියලා මගෙ හිත කියනකොට එහෙම ඒවා තියනවා කියලා මේ සින්දුවෙ වචන ඒක ඔප්පු කරන්න පුදුම ගේමක් ගහනවා මගෙ හිත පරදිනකන්ම. එහෙම වචන ලියන්න පුළුවන් ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සහ මනා සතතාභ්‍යාසයක් තියන රචකයෙක්ට විතරයි. මොනා හරි මගුල් ටිකක් ගලපලා බස්වල කෝච්චිවල යනගමන් ලියනෙකෙක් විදිහට මට මේ ලිවිල්ලට මාර ලව් ඒකයි. " සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී " කියලා නිරෝෂගෙ කටහඬින් අහනකොට අනිවාර්‍යයෙන් ඒ විනාඩි කිහිපය මගෙ පෞද්ගලික මතවාද ඔක්කෝම පැත්තකට දානවා.

පීක් එක අන්තිම පේළිය.

පරම පිවිතුරු ආදරේ තියනවා කියන පරිත්‍යාගය, වෙන්වීමෙන් පස්සෙ පළිගැනීම, වෛරය හෝ සියදිවි නසාගැනීම හෝ වෙනත් කිසිම සාපේක්ෂ  ඍණාත්මක හැඟීමක් නැතුව ආදරේ එලෙසින්ම පවත්වාගෙන වෙන්වීමට ඉඩදීම, රාගයෙන් තොර පවිත්‍ර ප්‍රේමය.. ඔය වගේ අපි අර ෆැන්ටසි කියලා හිතාගෙන ඉන්න හැම දෙයක් ගැනම සින්දුව ඇතුලෙ කියනවා. හැබැයි මේක මට විශේෂ වෙන්නෙ එහෙම ඒවා කියලා වෙන සින්දු ඉවර කරනවා.. චිත්‍රපටි ඉවර වෙනවා.
හැබැයි මේ සින්දුවෙ අන්තිමට

"මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..""

කියලා කියනවා.

ඒක මගෙ කන හරහා වදිනවා. අනිත් රචකයො ලියන්නෙ ආදරේ පිවිතුරුයි කියන එක පරම සත්‍යයක් කියලා හිතාගෙන. නමුත් මේ රචකයා දන්නව ඒ පිවිතුරු ආදරේ කියන්නේ ෆැන්ටසියක් ය.. ඒ වා තියෙන්නේ චිත්‍රපටි පොත් වල පමණි  කියලා කියන ලෝකයක් තියනව කියලා. අනිත් අය ඉර ගහලා ඉවර කරන තැනින් මේ රචකයා සාහිත්‍යයේ ෆැන්ටසිය කියලා අපි හිතන් ආතල් එකක් ගන්න හදන තැන අපි රියල් කියලා හිතාගෙන ඉන්න තැනට ගෙනල්ලා ඉර පන්නනවා. සරලවම ගේම ඉල්ලනවා.. වෙනදට උඹලා හිනාවෙනවා පිවිතුරු ආදරේ ෆැන්ටසියක් කියලා.. මම කියනවා නෑ එහෙම නෑ.. එහෙම හිතන උඹලා තමයි හිරකාරයො කියලා.. එතනින් එහා ලෝකයකුත් තියෙන්න බැරිද කියලා.. අහනවා..
ඔව් අපේ ආතල් කුඩු. ඒක හරියට අපි ආතල් එකේ මේක බොරුවක් කියලා දැනගෙන බලන ෆිල්ම් එකක බැට්මෑන් ටීවී එකෙන් අතදාලා අපේ කනට ගැහුවා වගේ..

එතකොට සින්දුව අහපු වෙලාවෙ ඉඳලා මම මගෙන් අහන්න ගන්නවා යකෝ මූ මට හිරකාරයෙක් කියලා කියනවා. අර සඳ කිඳුරු දා කව කවි වල කියෝපු චිත්‍රපටි වල දැකපු පිවිතුරු ආදරේ තියෙනවද එතකොට කියලා මගෙන්ම ප්‍රශ්ණ කරනවා..
අන්න ඒ පරිකල්පනයට තමයි මම ආදරේ.
ඒ විදිහට මගෙ පපුවට ගහන සාහිත්‍යට මම මාර ලව් ඒකයි.

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බෝසත් ඔබ සිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. This is one of my favourite songs. Thanks for writing your thoughts on it. I agree with your points.

    ReplyDelete
  2. මාරම සින්දුවක් බන් ඕක

    ReplyDelete