Saturday, March 10, 2018

ඔබ මිනීමරුවෙක්

ජාතිවාදය ආගම්වාදය පැතිරූ එක සිංහල දෙමළ මුස්ළිම් තිරිසනෙක්වත් හතරවන ඊළාම් යුද්ධෙට ගියේ නැත.  උතුරේද දකුණේද බෝම්බ වලින් වෙඩි වලින් මැරුම් කෑවේ යුද්ධෙට වචනෙකින් හෝ දායක නොවුන සිංහල දෙමළ මුස්ලිම්  අහිංසකයන් ය. සොල්දාදුවන් ලෙස ශ්‍රී ලංකා හමුදාවේද ltteයේද උතුරේ ද දකුණේද ජාතිවාදයේ කාලතුවක්කු උණ්ඩ බදාගෙන මියගියේ එසේ යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක මිනිස්සුය.

ඔබ දැන් වන්දනාමාන කරන දේසපාලුවන් කලේ යුද්ධෙට පොහොර දැමීමය.. යුද්ධය විකුණගෙන කෑමය. යුද්ධයෙන් ජීවත් වීමය බලය තබා ගැනීමය. දැන් උන් කරන්නේද ඒකමය.
ඔය තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා සිංහ ලේ, දෙම ලේ, මරක්ක ලේ අම්මටහුඩු සංවිධාන සියල්ල දේසපාලන ගේම් ය. බලය උදෙසා එක එක දේසපාලුවන් විසින් සිදුකරනා ගොනාට ඇන්දවීම් ය. එයට අසුවී තම ජාතියේ ලේ රත් කරන් මන්න අතට ගන්නා ඔබ සියල්ල ඒ ගේම් එකේ ඉන්න ගොන්නුය. උන් ඔබෙන් ගන්නේ ආතල් එකකි.

ඔබ අද පැල කරන ජාතිවාදයේ ආගම්වාදයේ බීජ මහා ගස් වන්නේ තව කාලයකින් ය.
ඒ මහා ගස් කඩා වැටෙන්නේ මේ කිසිදු දේකට සම්බන්ධයක් නොමැති අහිංසකයන්ගේ ඔලු මතටය.

ඒ නිසා ඒ සාපයේ කොටස්කරුවකු නොවන්න.
ඔබ සිංහල වුවද දෙමළ වුවද මුස්ළිම් වුවද මොන ආගමේ වුවද අදාල නැත. ඔබ ජාතිවාදය ආගම්වාදය පතුරයි නම්.ප්‍රචන්ඩත්වය සැකය වෛරය වපුරයි නම් අනාගත ලේ සෙලවීමකදී ඒ සියළු මරණ වල වගකීම ඔබ බාර ගත යුතුය. ඔබ මිනීමරුවෙකි...!! ඇත්ත ඒකය.

ගැටළුැ ඇතිවීම මනුෂ්‍ය සමාජයක ස්වභාවික ය. ඒවා විසඳීමට විධිමත් ක්‍රියා පටිපාටියක් ඇත. නීතියට එය සිදු කිරීමට බාර දෙන්න. නීතිය අතට ගෙන ඔබ අර පොලිටිකල් ගේම් එකේ ගොනා බවට පත් නොවන්න.අනාගත ලේ සෙලවීමක කොටස් කරුවෙක් නොවන්න. ඔබේ ආත්මයට කිසිදාක ඒ ශාපයෙන් ඒ විලාප වලින් ගැලවීමට නොහැකි වනු ඇත..

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. ලංකාවේ කරුමෙ කියන්නෙ මචෝ මේ එක %##*ක් වත් මේ එක $><%^ ගේ පුතෙකුට වත් තේරෙන්නෙ නැති එක.

    ReplyDelete
  2. මට පොඩි ප්‍රශ්ණයක් තියනව. එතකොට මිනිස්සු බබාලද?

    මං කිව්වෙ.. පොලිටික් ගේම් වලට අහුවෙන්නෙ, මිනිස්සුංගෙ මොකක් හරි අඩුපාඩුවක් තියන නිසා වෙන්න එපැයි?

    ReplyDelete
  3. එතකොට අර බ්ලොග් ලියාපු විචාරකලා හාලිඇල රේල් පාරේ 88/89 කාලේ මිනි මරුවකියලා පඩටෝක් බ්ලොග්වල ලියලා පලකල එකා මිනිමරුවෙක් නොවේද ? උ එක නිසා කැන්සර් හැදිලා වින්දවලා මරුන එකම ඇති උඹලගේ බුද්දාගමේ කර්මය දිග පළල උන්ගේ පවුල්වලට දැනෙන්න. එකෙක් සුනාමියට ගියා මිනියවත් හම්බුනේ නෑ

    ඔකුන්ගේ සොහොන්වලට වැහි නැති හෙනම වැඩියන් පරපුරේ ඉන්නා එවුන් මකබෑවිලා හදිසි අනතුරුවලින්ම මේ ලෝකෙන් චුත්වලා පලයල්ලා. තොපිට එ සාපයම ලැබේවා

    ඒවගේම මේ කඩ ගින්තියලා මිනි මරණ එවුන්ටත් ඒ ආනිසන්සේමයි

    ReplyDelete