Monday, July 23, 2018

රන්දියවර මංගල්ලය

අසේල බණ්ඩාරනායකගේ හඬින්...

ඔව් ප්‍රිය ටසිරිලංකා ඒකාධිපති ෆැසිස්ට්වාදී රාජාණ්ඩුවෙ වහලජනතාවනි. සුවහසක් ටසිරිලාංකේය ප්‍රේක්සක හිතෝතුන් සමග.. ආ සමාවෙන්න ඡන්දදායක හිතෝතුන් සමග උරෙනුර නොගැටී...

( මේ අතර රූපවාහිනියේ මල්ටි බැරල් තොප්පිගල පොලොව ඉඹින දර්සන., වේල්ලට උඩින් ඇඟ කිලිපොලා යන ඩ්‍රෝන් කැමරා දර්සන  )

අපගේ මහරාජාණන් වහන්සේ සිය අක්කර දසදහසක පොල් ඉඩම සහ සිය පාරම්පරික වලව්ව සින්නක්කරව චීනෙට ලියා දී ලබාගත්තාවූ ඩො.. ඩොර.. ඩොල.. ඩොරල්.. ඩො.. ආ ඇමරිකන් මුදල් ඒකකය.. යොදවා නිමකලාවූ මේ යෝද ජලාසයේ වාන් වසා නාමල් මිටක් සුදු දෝතින් අරන් ඉස.. රන් දියවර පිරවීමට පෙර මා ආරාදනා කරනවා එක් ගීත කෝකිලාවියකට..

ඩූම් ඩූම් ඩූම්.. ටක්කර ටක්කර ටිං..ඩිෂ්....

ඇගේ නමට... අකුරු තුනා...යි.. අකුරු තුනට රටම නටා....යි...

ආයිබොන්නෑ කියා සිව්බඹ විහරණෙන්.. ආ ආ මොකක්ද.. ආ සමාවෙන්න.. ආයුබෝවන් කියා සිව් බඹ විහරණෙන් යාපා පටුනෙන් උතුරෙන් ආ ඇගේ නමින්  පටුමගවල් පවා නම් විය..

පිළිගන්න... ජලාස පතුලේ දිය පිරවෙන ඉසව්වේ සිට..
සහේලි... හේලී හේලී ලී ලී...!!

ආයුබෝවේවා..... මහරජානෙනී......

( අතවනන බබාලා වඩාගන්නා විසුවල් එක.. )

ඒ මදුර මනෝහර හඬින්.. ඔබේ දෙතන්.. ආ  ඔබේ දෙකන් පිරවූ පසු ඔබේ දෙනෙත් පිරවීමට මේ ආරාධනය....
කාටද කාටද... ටද.. ටද.. ද... ( පසුබිමින් - කියනව ඕයි ඉක්මන්ට.. දාඩියයි )

ඔහුගෙ නමටත් අකුරු තුනා...යි.. ඒ අකුරු තුනටත් රට ඇත්තටම නටා..යි.. ඔහුත් නට...යි..
පිළිගන්න.. සාම්ප්‍රදායික කලාකෙත අතික්‍රමණය කරමින්  නගුනෙල් ට්‍රැක්ටරෙන් සුනාමි බූතයා දක්වා ටසිරිලක නර්..තනය.  ලෝකෙට ඔසවා තැබූ කන්ථක පිටින් ආ..

ඡන්න.. න්න.. න්න.. න.. න.. සමග

අතුල සමිතා , සනත් මල්කාන්ති, විජය මාලනී, ජෝති පාල ට පසුව හෙල සිංහල භාෂාවට එක්වූ සදාදරණීය යුගල පදය.. උන්ගෙ නමට අකුරු හතා....යි අකුරු හතට ලොවම නටා...යි..

මනුසත්කුලේ මනුසතුන්ගේ හොයියා හෝයියා නාදයෙන් උන්මාදනී ෂැංග්‍රිලා.. ආ සමාවෙන්න.. උන්මාදනී හැංගිලා නෙරිය ළඟින් ඉඟ පෙන්නා බයිලා රී මික්ස් කල අපේ යුගල පදය..
පිළිගන්න.. දැන් වේදිකාවේ....
ආ.. ජලාස පතුලේ... බාතිය... සංතූ....ස්..තූස්..තූස්...ස්ස්ස්ස්ස්ස්...

( ජලාස පතුලේ මඩ පාගමින් සර්පෙක්සෙල් චික්ක චිකා නර්තනයක් සමග ලංකා මාතා ගීතය  ) ...

ඔව් මා පිය ප්‍රේක්සක හිතෝතුනි.. මින් අනතුරුව අපගේ ගෞරවනීය පූජනීය නමස්කාරපූර්වක අති උතුම් මහරාජාණන් වහන්සේට මේ උත්සව සභාව ආමන්ත්‍රණය කිරීමට ආරාධනා කිරීමට මා ගෞරභහුමානයෙන් යුතුව ආරාධනා කරනවා හෙළයේ මහා සිංහලේ සිනමා වංශකතාවේ ප්‍රවීණ රංගදර ඉතිහාසඥ ජැක්සන් ඇන්තනී ශ්‍රීමතාණන්ට..

හ්ම්.. ( උගුරෙන් බර වොයිස් එකෙන් ) ස්තූතියි නිවේදක මහතාණෙනි.. මේ.. ලක් ධරණී තලය සිසාරා දීඝඝාමනී පරපුරේ.. ඒ... යක්ඛ ලේ ධාතුවෙන් උත්කර්ෂයට නංවන ලද්දාවූද පූර්වයේ ලාට රට සිංහ රාජයෙකුට... මහා මිඟිඳෙකුට දාව සුප්පා නම් වූ රාජෝත්තමීවහන්සේගේ කුසින්  උත්පත්ති පූර්ණය ලද්දවූ සිංහබාහු නම්වූ මහා මිනිස් සිංහ මහා පුරුෂයාගේ පරපුරෙන් පැවතෙන විජයෝත්තම කුමරුන්ගේද රාජ උරුමය ලබමින් සිව් ගෝත්‍ර එක්කර ගොඩනැගූ සිංහලයේ ත්‍රීසිංහලාධීශ්වරයාණන් ඉදිරියේ සිට පැරකුම් සමුදුර නේවසංඥානාංඥායතනය කරවන මේ මහා උත්තුංග ජලධාතුව කම්පණය කර මයික්‍රපෝනය අනුනාදය කරන්නට ලැබීම මහා භාග්‍යයක්.. අපෙ හාමුදුරුවනේ ඒ දඹදිව් තලයෙන් විශ්වයම ත්‍රී සහස්සී ලෝකධාතුවටද පරම පූජනීය වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්‍ය පරපුරේ ඥාතීත්වයක් පවතින්නා  වූ ගැමුණු කුමර පරපුර රෝහණයෙ මාගම සිය බලකේන්ද්‍රය කරගත්තා. මේ පරපුරේ ඥාතී රාජකීය රුධිරය තමයි අදටත් මාගම බෙලිඅත්ත ගිරුවාවපත්තුවේ පවතින්නෙ.. ඉතින් ඒ ශ්‍රී රෝහණ ජනරංජන අතිගරු අපේ මහරජාණෝ මේ සිද්ද කරන්නට යෙදුනේ එසේ මෙසේ කර්තව්‍යයක් නෙමෙයි.. හ්ම්...

අපරදිග අතික්‍රමණය කල රණශූර මහා පැරකුම්බා රජු පවා විශ්මයට පත්වන්නාවූ අතිශය ශ්‍රේෂ්ඨ සියුම් වාරි කර්මාන්තයක්..

ඉතින් මා කියා සිටිනවා.
අතිගරු මහරජානෙනී..

මේ මහා දිය කඳ.. මෙතුන්ලෝකයටම බලපවත්නා වූ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ආදි කොට ඇත්තාවූ සතරමහා දෙවිදේවතාවුන් වහන්සේලා  විශ්ණු කතරගම ආදී අප රකින්නාවූ ලෝකපාලක දෙවිදේවතවුනි.. අපත් අප රජයත් රැකදෙත්වා.. ආවඩා... අයුබෝ වේවා..

මා ඉල්ලනවා මේ රටේ සුවහසක් ජනී ජනයාගේ ඉල්ලීම.... මේ මහා වාරි කර්මාන්තය කල මහ රජාණෙනී.. මේ රටේ ජනයා ඉල්ලාසිටිනවා.. පෙර රජදරුවන් ලෙසම තුන් සිංහලය එක්සේසත් කලාවූ ඔබ වහන්සේගේ නමින් මෙය නම්කරන ලෙස...

පැමිණෙන්න මැතිඳ මේ වේදිකා මස්තකයට....

( පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගේ අත්පොලසන් නාදය ඇසෙද්දී කැමරාව ජලාසයේ නාම පුවරුව දෙසට නාභිගත කරයි. )

" මොරගහකන්ද චමල් අකලංක පොල්වත්තගේ අන්තර්ජාතික ජලාසය "

.
.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. " මොරගහකන්ද චමල් අකලංක පොල්වත්තගේ අන්තර්ජාතික ජලාසය "

    +++++++++++++++

    ReplyDelete
  2. මොකක්ද යකෝ ඔය අන්තර්ජාතික කෑල්ල?

    ReplyDelete