Monday, December 31, 2018

2019


දකුනෙ ඇවිදලා ලංකාවම බලලා පේස්බුක් එන්න මග ඇරිලා යන්තං ඇවිල්ලා බලනකොට අවුරුද්දත් ඉවර වෙන්න ඇවිල්ලා.. මහින්ද මහත්තයා පන්සල් යන තරං මහානායක හාන්දුරුවොවත් බුදුගෙට ගිහින් නැති උනාට ඒ පන්සල් යාමට ගේමක් දෙන්න රනිල් පන්සල් ගිහිල්ලා බුදුපිලිම පොලේ ගහලා කියලා කසුකුසුවක් යන හින්දා විපරම් කරලා බලනකොට දැනගන්න ලැබුනෙ ඒ ලෙවල් ප්‍රතිඵල ඇවිල්ලා කියලා. පස්සෙ දැනගත්තෙ පොලේ ගහලා තියෙන්නෙ ඔලුව කියලා.   කියන්න බෑනෙ ඉතින් රනිල්ගෙ කෞරුහරි ඒලෙවල් කරලා බාරයක්වත් ඔප්පු කරන්න පන්සල් ගියාද කියලා. එහෙම බඩු නෙ. ඒ උනාට පස්සෙ හිතුනා ඒ රනිල්ගෙ කෞරුවත් වෙන්න බෑ කියලා. මොකද ටියුසන් සර්ලා දෙතුන් දෙනෙක්ම දාලා තිබ්බා අයිලන්ඩ් රෑන්ක් දාපු ළමයි ඔක්කොම බිහිකලේ එයාලා කියලා. අනේ මන්දා ඉතින් විධායක

ජනාධිපතිට බැරි ගෑනියෙක් මිනිහෙක් කරන්නයි ඒකෙ අනිත් පැත්තයි විතරයි කියලා ජේ ආර් කිව්වට සිරිසේන කරන වැඩ දිහා බලනකොට සර් කෙනෙක්ට පළවෙනියව බිහි කරන්න බෑ කියන්නත් බෑනෙ හංසමාලි. පත්තරේ ටීවී එකේ මූණු නොදැම්මට අපේ රිසාල්ට් කොලවලත් අයිලන්ඩ් රෑන්ක් එක කියලා ඉලක්කමක් තිබ්බට අපිට කෞරුත් පොටෝ දාන්න කතා කලේ නෑ. සුවර් එකටම ඕකුන්ට ලොකු ඉලක්කං කියෝගන්න බැරුව ඇති. ඉරිසියාකාරයො. අපිටනං නෑනෙ ඔය ඉරිසියාව. දීපිකා රන්වීර් කාරයා එක්ක ලංකාවට ඇවිල්ලා පොටෝ දැම්මා කියලා මං ඉරිසියාවෙ පැලුනද.. නෑනෙ නෑනෙ.. ඔක්කොටම රිදිලා යන්න මහින්ද මහත්තයා අගමැතිකමෙන් ඉල්ලා අස් වුනා වගේ මං දික්කසාද උනේ ඒකනෙ කලින්ම. මට ඔය දීපිකාලා ලොකු නෑ.  කෙලින්ම ලියලා දැම්මා ඇස් වැහුන දාක සුබපතන්න සුබගමන්කියා. සුදු ඇඳන් ඔයා මං හොයාන එන්නනං එපා.. කියලා. දැන් අඬනවා ඇති කොනකට වෙලා.. පුළුවන් නං ඒ සින්දුවත් තහනං කරන්න කියයිද දන්නෑ ගායක ගායිකා සංගමෙන්. ඒවා කොහෙද ඉතින් වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංගමේ වගේ අන්තර් බස් රත මගීන්ගේ සින්දු අසන්නන්ගේ සංගමය වගේ එකක් හදලා කීර්ති පැස්කුවල්ලෑ ගේ ඉස්සරහා උද්ගෝසනයක් කරනවා රතිඤ්ඤා දාලා. රනිලුයි යූඑන්පී එකයි ව්‍යවස්ථා කුමණ්ත්‍රනේ පරද්දලා බලේ අරන් ව්‍යවස්ථා කුමණ්ත්‍රණ කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරලා නඩු අහලා දඬුවම් දෙන දවසට දාන්න ගෙනාපු රතිඤ්ඤා වගයක් තියනවා කිව්වා ගෙවල් පැත්තෙ යූඑන්පී යාලුවෙක්ගෙ ගෙදර. දැන් ඉතින් ඒවට කරගන්න දෙයක් නැතුව තර්ටි පස්ට් නයිට් හින්දා අද ඒවා පත්තු කර කර දානවා. බයි යාලුවෙකුත් මහින්ද මහත්තයා අගමැති වෙලා බැඳුංකර හොරු අල්ලලා දඬුවම් දීලා, කොටින්ට දීපු උතුරෙ ඉඩං ඔක්කොම පොහොට්ටුවට පවරගෙන, මහවිරු දිනෙ තහනං කරලා පහන් පත්තු කරපු උන්ට වෙඩි තියන දවසක දාන්න ගෙනාපු රතිඤ්ඤා වගේකුත් අඬ අඬ පත්තු කරනවා. ගෙවල් පැත්ත නිකන් පුදුකුඩුඉරිප්පු නන්දිකඩාල් වගේ..දෙපැත්තෙ රතඤ්ඤා සද්දෙට නැට්ට පස්සෙ ගහගෙන එහෙටයි මෙහෙටයි දුවන බල්ලෙක් ඉන්නවා. යූඑන්පී උන් ගහනකොට පොහොට්ටුවෙ උන්ගෙ පැත්තට දුවනවා. උන් ගහනකොට අනිත් පැත්තට දුවනවා. මං හිතන්නෙ ඌ සිරිසේනට කඩේ යන එකෙක්. 
අලුත් අවුරුද්දක් කියලා වෙඩි ගහන්නෙ මගුලටද අප්පා. මොකෝ මිරිස්කුඩු ගහන උන්ට ඡන්දෙ නොදී ඉන්නවයැ මුං ඊළඟ අවුරුද්දෙ.. සමයං මුන්ට !!

හැපි නිව් ඉයර් හිතෝතුනි !

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments: