Sunday, December 2, 2018

සිරාගෙ බාරේ | Siraage Bare


||

( මෙය, Drill team සංගීත කණ්ඩායමේ දෙවියන්ගේ බාරේ ගීතයේ තාලයට ගීතය අසමින් ගායනා කරන්න.
ගීය අසා නැති අය මේ link එකෙන් පිවිසෙන්න
  https://youtu.be/-Yj1At289rw )

========
සිරිසේන 2018

අහනවනං අහපන්..
නැත්තං..

මතකයි අද වැනි දවසක
ආවා පොදු අපේක්ෂක කියලා මම
මැරකමෙන් ද අඩුපාඩු හොරකම දූෂණ
උඹව අපි පත් කලේ දහයට නිදියන්නද
ජනපති කර ගිවිසුණු පෝරුව
බිඳ පොරොන්දු සිය දින කෝදුව
සිඳ දහසක් දේ ඌ ගියා සමග උගෙම මිනිමරු සමග පව පූරුව
ණයටත් ණයයි අවුරුදු තුනයි
තාම ගනිනවා බහුතරෙ නෑ තමයි
උගෙ මනස රටට කෙල කර කර අදත් ශාප ඒ තණ්හාව
අත හැරියා ජනතාව
සූදු කෙළින්නට උගෙ ආසාව
තක්කඩි ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි හොරු සමග හෙළුවෙන් හැමදාම



ලියමි මගේ වරද පොතක අතර පතර
අඩි හයෙ වල දමන්න හමන්න
මහින්ද සුළඟ ජීවිතේ
පැමිණ මා වළලවන්න

ජනතාව පිට නැගි පඹයෙකුහට
හැකිවිය දවනට රට ගිනි දස වසකට
ණය හතරවට පාන්දර පත්තර පිට
බල බල පිවිසුණේ කාබාසිනි සයනට
අස්ථිර "සිරි" කාලකණ්ණි විකාරය
ටසිරිලක හතරකොන උරා බොන්නේ සාරය
වාරය පව් කා බීලා හමාරය
ශාපලත් ජනපති ජනතාවට භාරය

වාරය තාම නාව තැවිලි නැත සමාව යාව ගම රාල රාල උපමාව
පනිනු ලෙස දැල්වෙන ගෙඹි මන්ත්‍රී  මත මොනර පත්‍ර මත වස්තර කඩා විසිරෙන
බලයට ලැදි මහජන වරමට කෙලවි විඩාබර
සරුවට සුදු පිරුවට ඇන්දු දේසපාලු  කලාවට
නිරුවත කළ මුසාවට රටම හුරුවී මුලාවට
කරුමෙට හුරු පුරුදුව මෛත්‍රී රටාවට

සින්න වුණේ ඩිමොක්‍රසි දහනම ලංසුව
ඉන්දුවා උගේ උන් ලොකු පුටු ආණ්ඩුව
කෙලවි නිරන්තර ලෝකෙට බලුවෙන
නීතියෙ දෙවඟන කොටුවූ අඳුරු කුටියට

Coup ව්‍යවස්ථා වුණ චූදිත
බදාගෙන උන් කරන්  මූලික
ජරාගික සමාජ භේද වාර්ගික
ඒ මෛත්‍රී යයි අමෛත්‍රී මාර්ගෙක
ජීවිත බිලිදෙමු තවතව ඇඬීම උඹෙ රට පොරබැදු
මායාව රට වැදූ හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි
ඇති බොරු කළා දැන් පිළිගනු..

යුක්තියේ අරුත - ගෙනදෙයි හිරිගඩු
රුපියලේ කරුම - පුපුරයි ණයකඳු
කාලයේ අරුම - මෙත්පල් ගුණමකු
කල්පනා කරමි - සෑය ළඟ දියවනු

මරාගෙන මැරෙන බදාගෙන ගන්න
ඔය බලය නගනයක් , රටට ඇරියම
පතාගෙන ඇවිද විධායක කියන
දේ බාර කරපන් ජනතාවගෙ බාරෙට

ඩිමොක්‍රසි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්?
කුමණ්ත්‍රණ මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ජන විප්ලවෙන්  ?
මහජන හඬ රටේ දවසක නවතියි ද පාරක උණ්ඩයෙන්..??
විය යුතු මොහොතකින් ගැලවෙයිදෝ ජනතාවගෙ බාරයෙන්?

තක්කඩි රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැති වෙලා
මිනීමරුවො පොරවෙලා බලන් ඉන්න බෑ උන්ගෙ කින්ඩිය ඇති වෙලා
ප්‍රජාතන්ත්‍රවාදය කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
රටටම ඔහෙ කෙලවී තිබියන්
ඩිමොක්‍රසි දැන්වත් මෙතන මැවියන්
බලකරමු නැත්තන් සාටකේ එතියන්

රට සී සී කඩ අද වීදී වල
බලය රැඳෙන්නේ පල්ලි චීවර වල
භීති කළ ඒ කී දේ කළ
ඉල්ලුවෙ යුක්තිය ලැබුනෙ ඊතල

පාර්ලිමේන්තුවට වඩා බලෙන් බලය ගන්න හැකියාව
බහුතර මත වෙනස් කළ ගණිකාව
හිත ගත කතා කළේම නැතියාව
වට කරන් කෙළ කළේ මහජනතාව

හිත හීලයි කරගත්තේ කජු කාලයි
දුක යනු මහින්ද ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
ඒ කාලෙ තිබ්බ බය අඩි හය යට වැලලීමයි හීනයි

විසුරෝලා දැම්මා බැරි තැන
බහුතරේ ඇතුළේ නෑ කියා දැන දැන
බැණ බැණ කිව්වා අති දැන් ඇණ ඇණ
මේ දෙවෙනි පාර ඉල්ලන මාර්ගෙද

නක්ෂත්‍ර ඉන්දික සුමන ෆැන්ටසි ලෝකෙක මේ සිරිලකේ
වැඳගෙන කරගෙන පාවා දී අමුඩෙ තව නෑ ඉන වටේ
මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි ජනපති උගෙ ෆැන්ටසි ලෝකෙට
ඇඳගත හැකි වෙනවද ගැලවුණේ රෙදිපිළි මෝලෙට

එද්දී ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
සරල ජන පති මගුල කෙහෙල් කොලෙ බත් කන
වඩිග පටුන නටන පොහොට්ටු පදයට යටව
ජනපති චාටර් වෙන ලෝකෙට කඩමින් ව්‍යවස්ථා පිට

කාට කියන්නද මම බහුතරෙ සිහින මැද
පණ තියෙන ඉන්න ඩොලර් මන්ත්‍රිලට දෙමින්
කියමින් ජනේරු විප්ලව රුධිරය වී බැස
සියදින වැඩ පොත පිටු අමතක වී ඇත

සිරිසේන, උඹ එදා කියපු වචන මතකයිද
අපේ ඩිමොක්‍රසි හීන අතර උඹේ මෝඩ ජෝක් ඇයි
විනාස වෙන්නේ රටෙම සිහින වටින කියන
උඹේ ගිහිං හිටං හාපං කුඹරට අරලිය හාල
මතක නැද්ද අපිට කියපුවා ගනින් මතකෙට වරෙන් අද හෙට
දෙන්නම් ඡන්දෙට කතිරය ගෙන උඹේ දුවලට
විධයක ජනපති කුලි ගෙට උඹ බහිරව විය
පිටු බලි ගෑ ඇට්ලස් පෑන් වදන් ගෙතුවා බිය

රට ආස කරපු පාට හීන වලට ආපු උඹම
කඩලා බිඳලා විසුරෝනවා නොදැනිම හැම රෑම
ඇයි ඩීල් දැම්මෙ හොරු එක්කලා හැම දාම
දැන් අපි අහනවා උත්තර සිකුරාදා ද

යහපාලනෙ එනතුරු මහජන පැතුමන් නිදි මැරුවා
රනිල් ඇවිත් දින සීයෙන් මහ බැංකුව කැඩුවා
හොරුන් එක්කාත් ඩීල් ගහලා උන් එක්කම බිව්වා
හොරු එලවන්නට ආවා හොරු එක්කම නිදියෑවා උඹ

දූවිලි මාවතේ....

‍රෑටත් නින්දක් නැති ෆැසිස්ට් රජ මතකයන්
‍අදටත් කතා නැති ලසන්ත තාජුඩීන් ගන්සයිඩ්
උඹටත් වදින්නත් ගහන බෝම්බෙත් තේරුම් නැති
ජනවරි අට විකිණු ඒ මළවුන් ශාප දෙති

කාලය මැන්නේ යහපාලනේ අහන නඩු බල බලා
සැපයි කියලා හිතලා වෙනස නිදාගන්න එපා වෙලා
උඹට රට දෙන්නෙත් නෑ කරන්නට දෙයක් නෑ
රනිල් ආයෙ ඕන නෑ මහින්දලට බයත් නෑ

දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
ජාති ආගම් වාද යුද්ධෙ ලේ නැතුවම පාලුද
බලය ගන්න එන ගමනක රුධිරය විකුණන් කන
මල්වට්ටිය උස්සන් යන පිස්තෝලය ඉනේ ගහන

දේසපාලු මල්ලිට ඔටුනු පැළඳි කල් හි
ඌ විතරක් පොරකී සවණක් ගණ රැස් ඇති
පවද පිනද ඒ මොනාද වහල්ලුන්ට සැප දී
උඹලට නොහිතුනට යකෝ උන් විතරද වැරදී ??

දේසපාලු ගොබ්බයන්ට දුන්නා මදිද රැඟිලි වලට
මිට මොළවා සිටගෙන දිවුරපන් ගන්න හුස්ම පිණිස
පාපයක් වෙන්නෙම නැත අනිවා ශාපයක් වුණත්
උඹේ සෛල ඇහැරවපන් මේක රතුපස්වලක්
ඇත්ත තිත්තක් වුණත් කාට කෙසේ තෙරුණත්
ප්‍රශ්න එක පිට එක එකින් එකට විසඳුවත්
මුල මැද අග පැටළුණ විට ඇතුළත ගිනි පැසවන විට
කෝ මහජන කෝ තොපේ පරමාධිපත්‍යය පුපුරනවිට.. පිට පිට..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. මේ පෝස්ට් එක බලන්න ආවේ සම්පූර්ණනේම මංඤඤං වෙලා. එක්කො සිරාගේ කාමරේ අකලංක ගැන කතා කරනවා .එහෙම නැත්නං අකලංක සිරාගේ කාමරේ ගැන මොනා හරි කියනවා කියල හිතලයි. හැක්.

    ReplyDelete