Sunday, March 31, 2019

දිලිත්ගේ රස්තියාදුව

අඩෝ මේහ්.. බුදුන්ගේ රස්තියාදුව කියලා පොත..

කෞද හු@%@% කෝ කෝ ඌ ඉන්නවද... පෙති ගහන්නෙ අහුවුනොත් උංගෙ අම්මගෙ @&@*- ඉඳන්...

නැ නෑ බං කලබල වෙන්නෙපා...

එහෙනං ?

නෑ බං උඹ ඒ දවස් වල ඕකට අවුලෙන් හිටපු හින්දා වෙන සීන්නෙකක් දැකලා උඹව මතක් උනේ..





අවුල.. අවුල නෙමෙයි යකෝ.. තෝ දන්නවනේ.. කකියනවා යකෝව්.... දැක්කනෙ pdf ගහලා , හාමුදුරුවෝ පාරට බැහැලා. කෙලෝලම දැම්මනෙ... උඹට මතකද අර වේදිකා නාට්ටියකුත් නැවැත්තුවෙ.. දෙන්නෝනෙ ඕකුන්ට තරු පේන්න..බැල්ලිගෙ පුතාලා.. මහින්ද මහත්තයා හිටියනං ඔහොම රඟන්නෑ ඕකුං.. හාමුදුරුවෝ සිරගත කරනවා...

ඔව් ඔව් බං මං දන්නවා.. ඒක නෙමෙයි මේ කියන්න හැදුවෙ...අන්න තව එකෙක් කියලා සිද්ධාර්ථ ආතල් එකේ හිටියා කියලා...

මොකා.....ක්... කෞදෞත්තෝ ඒ තම්බියා.. අනික දැන් උඹ සිද්ධාර්ථ සිද්ධාර්ථ ගාන්නෙ උඹෙ බාප්පද...

නෑ නෑ යකෝ මාව කන්න හදන්නෙපා. මං කිව්වෙ ඌ කියපු විදිහ.. තව කිව්වා බං.. සිද්ධාර්ථ ආතල් එකේ හිටියාය.. ඒ ආතල් එකේ ඌත් ඉන්නවය.. සූස්ති ගහනවය.. කුඩු වෙන්න බොනවය.. ඔන්නොහොම කතා ගොඩක්..

උගෙ අම්මට හු@&@&@* හු@%@* @&@*@* බැල්ලිගෙ පුතාලා.. කෞද ඔය.. කෞද ඔය කියපන්..
සුවර් එකටම රැඩිකල් පොන්නයෙක් වෙන්නැති...
එහෙම නැත්තං ගංජා ගගහා පොර ටෝක් දෙන වාමාංශික බල්ලෙක් වෙන්නැති.. කියපන් යකෝ කවුද කියලා..

නෑ බං... මෙහෙමයි..

මෙහෙමයි එහෙමයි නෙමෙයි.. තොපිට කිව්වා අර රස්තියාදු @&@*@ ට නටන්න දුන්නම අනිත් උන් කරේ නගින්න එනවා කියලා..
යකෝව් ඔය නිරාගමික ngo කාරෙයෙක් වෙන්න ඕනෙ අනිවා...
යකෝ අපේ උන් බුදිද.. අර පොත ගහපු වෙලාවෙ නටපු උන් බුදිද.. කෞද කියලා කියපන් ඔය හු@&@--@ ඌව බාවලා.. වෙන ආත්මෙක නිවං යනවා මං...

දිල්ත් ජයවීර බං

දිලිත් මොකා...

ජයවීර.. දෙරණෙ අයිතිකාරයා...

ආ.....මේ මේ... ටීවී එකේ..??

ඔව් ඔව් බං චතුර, දිල්කා , සංක ඉන්න දෙරණෙ..

අහ්.. මෙහෙමයි මචං ඉතින්.. ඔය ආතල් කියන වචනෙ එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්නෙ.. දැන් නිවන කියන්නෙත් මචං සියලු දේ ඉවරයි කියන එකනෙ.. ඉතින් බං සියලු දුක් නැති කලාම ආතල් නැද්ද.. සතුට කියන එක වෙනුවට ඒ මනුස්සයා කටට හුරු වචනෙ පාවිච්චි කලා වෙන්නැති.
අනික බං උඹලා අපි උනත් බොනවනෙ.. ඒ මනුස්සයත් ඉතින් පෘතජනයෙක්නෙ මොන  ලොක්කා උනත්. උඹම හිතපන්කො ලොකුකං නැතුව ඔහොම කියන එකම කොච්චර වටිනවද කියලා..  සිද්ධාර්ථත් මචං ඔක්කොම ආතල් අරන්නෙ ගිහිගෙය අතෑරියේ..... උඹට තේරෙනවා නේද මං කියන එක.. පොඩ්ඩක් ගැඹුරින් හිතපන්..

හරි බං එල..

  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ඒකනෙ බං. පොඩ්ඩක් ගැඹුරින් හිතපං...

    ReplyDelete