Thursday, April 4, 2019

ප්‍රකාශණයේ නිදහස තහවුරු කරනු !

.ඔය බුද්ධාගමට අපහස උනා කියලා කෙටිකතාවකට නඩු දාපු උන් කොච්චර මෝඩයොද කියනවනං උන් දන්නෙ නෑ කෙටිකතාවට අල්ලගත්ත පණතෙන්ම ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි හෝ වෙනත් ආගම් පිළිබඳව කරන ප්‍රකාශනයක දි ඔය සිද්දිය පූර්ව නිදර්ශනයක් විදිහට අරගෙන උන් ඇතුළු අනිත් ඕනම එකෙක්ට විරුද්ධවත් නඩු දාන්න පුළුවන් කියලා.

උදාහරණයක් විදිහට ඉස්ලාම් ආගමේ ළමා විවාහ වලට විරුද්ධව ලියපු වෙලාවක දි  ඔය විදිහටම නඩු දාන්න පුළුවන්.

එතකොට කතෝලික පූජකයො ළමා අපචාර කලා කියන සිදුවීමක්, හින්දු බිලි පූජා ගැනවත් උන්ටවත් කාටවත් ලියන්න ප්‍රකාශ නිකුත් කරන්න වෙන්නෙ නෑ කියන එකත් උන් මතක තියාගන්න ඕනෙ.



පණතට අනුව
යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩක්‍රියා වලය යොමු කිරීමට සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකල යුතුය.

ඒවා

සිදු කිරීමට තැත් කරන
සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන
සිදු කරන බවට තර්ජනය කරන

ඕනම කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

කුලය මත හෝ ආගමික සිද්දියක් මත වෙනස් ලෙස සලකලා පුටු දීම උනත් නඩු නිමිත්තක් වෙන්න පුළුවන් කියලා මතක තියාගන්න එක හොඳයි. 😉
 එතකොට  ජාතියක් ආගමක් විවේචනය කරන ඕනම වෙලාවක ඒක නඩු නිමිත්තක් කරගන්න පුළුවන් කියන එක ඕනම මෝඩයෙක්ට තේරෙන්න ඕනෙ.

එතකොට මේකට විරුද්ධව පෙනී ඉන්න උන් පෙනී ඉන්නෙ අර මනුස්සයගෙ කෙටිකතාව මාර සාහිත්‍ය නිර්මාණයක් කියලවත්, ඒක ෂෝක් කියන්නවත්, කොටින්ම ඒ මනුස්සයා වෙනුවෙන්වත්  නෙමෙයි.
නඩු දාපු උන්ට පවා මේක පූර්ව නිදර්ශනයකට අරගෙන කවදා හරි වෙන්න තියන දෙයක් වළක්වගන්න. ඒ වගේම මේක අවභාවිත කරලා සිද්ද කරන්න පුළුවන් රාජ්‍ය මර්දනයක් පවා නවත්තගන්න. ඒක හින්දා ඔලුවක් තියනවනං කල්පනා කරලා බලන එක හොඳයි.
"තම්බියෙක් විල්පත්තුව කපනවා" කියන එක පවා නඩු නිමිත්තක් වෙන්න පුළුවන්.

පණත ගෙනාවෙ ජාතිවාදය වාර්ගිකත්වය යුද්ධය පිටුදැකලා ඒ හරාහා සිද්දවෙන ප්‍රචන්ඩත්වය නවත්තලා සියලු ජාතීන් සංස්කෘතීන්වල මිනිස්සුන්ගෙ ජීවිත සුරක්ෂිත කරන්න මිසක් මූලික අයිතිවාසිකම් නැති කරලා ගෝත්‍රිකයො වෙන්න නෙමෙයි.
( මේ කෙටිකතා නඩුව පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට අදාල වගන්ති නොසලකා හැරලා දාලා තියනවා කියලයිWasantha Siri Watagodaa නීතිඥතුමා  සිය ෆේස්බුක් ගිණුමෙ සටහනක් තබමින් කියලා තිබ්බෙ. )

කොහොමත් රටක් දියුණු වෙන්න කරන ප්‍රතිසංස්කරණ කනපිට හරෝගෙන ගොංපාට් දාන මෝඩ මූසලයො විදිහට මානව හිමිකම් රකින්න ගෙනාව ජාත්‍යන්තර සම්මුතියක් මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම් කඩන තැනට පත් කරන එක අපේ උන්ට මහ දේවල් නෙමෙයිනෙ.
සර්වජන ඡන්ද බලෙන් මිනීමරුවො පත් කරන එවුන්න්නෙ ඉතින් කොහොමත්.

තේරුනාද ඔබ කල පෞ දුර දිග නොබලා..??

  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ඕන නැති දේවල් කියනව කියල කට වැහැව්වොත් ඕනෑ දේ කියාගන්නත් ඉඩක් නැතිවෙනව කියල මතක තියා ගෙන මේ වගේ දේවල් වලදි එක්කහු වෙලා කටයුතු කරන එක කාටත් හොඳයි.

    ReplyDelete