Thursday, December 3, 2015

වරෙන් වහල්කම නවත්තමු



ඔව්.. ඒ අපේ රටේ තවත් ගෑණියෙක්
සහෝදරියක්..
දුවෙක්..
මොන රටක ඉපදුනත් මනුස්සයෙක්..
අනාචාරෙ හැසිරුනාට ගල් ගහල මරනවලු..
දුකයි නේද..?
ආරියවතී අම්මට ඇණ බස්සල ලංකාවට එව්වම අපි ඔහොම්මම කෑගැහුවා..
රිසානා මරද්දි අපි ඔහොම්මම කතා කළා..
තව අපේම අම්මලා අක්කල නංගිලා මිනීපෙට්ටි වලින් ගෙදර එද්දි අපි ඔහොමම කෑගැහුවා..
උද්ඝෝෂණය කළා..
.
වැඩක් උනාද..?
දූෂණය කරන එක නැවතුනද..?
තානාපති කාර්යාලෙ ඇතුලෙ අතවර වෙන එක නැවතුනද..?
ඇණ ගහන එක නැවතුනාද..?
මරන එක නැවතුනද..??
.

නෑ..
.
අපේ ගෑනියෙක් මරන්න යද්දි ගිරිය කඩාගෙන තානාපති කාර්යාලෙ ඉස්සරහ උද්ඝෝෂණය කරල ගෙදර යනව..
දැං හරිද..
ප්‍රශ්ණෙ ඉවරද..?
නෑ..
මොකද්ද කරන්න ඕනෙ..
ගෑනු ටික රට පටවල උන්ව විකුණගෙන හම්බ කරන් කන නපුංසක ගතිය අතෑරල රටක් විදිහට තමන්ගෙ රට ඇතුලෙ අභිමානෙන් ගරුත්වයක් තියාගෙන වැඩ කරන්න පුළුවන් පරිසරයක් රට ඇතුලෙ හදන්න එකතු වෙමු..
වහල් කමට අරාබිකාරයන්ට අපේ සහෝදරියන්ගෙ ලේ දහඩිය කඳුලු විකුණනලා ඒකෙන් කන පාහර අමන ක්‍රමේ වෙනස් කරන්න එකතු වෙමු..
එතකොට අපේ කැඩිලා තියන පවුල් ටික එකතු වෙයි..
පවුල් විනාස වෙන එක නවතියි..
දරුවො පාරට වැටෙන එක නවතියි..
දරුවො ගැබිණියො වෙන එක නවතියි..
කොල්ලො කුඩ්ඩො වෙන එක නවතියි..
.
එකතු වෙමු..
වහල් වෙළඳාම නවත්තමු..

No comments:

Post a Comment