Monday, November 23, 2015

====අයවැය 2015====

( ප.ලි - මෙය අයවැය ගැන විමර්ශණයක් නොව අයවැය සම්බන්ධයෙන් ලාංකිකයන්ගේ හැසිරීම පිළිබඳ සටහනක් පමණි. ) . බයියන්ට අනුව මේ අයවැය පට්ටම පජාතය.. කුජීතය.. වැඩකටම නැත.. . පා.ම මහින්ද හිටපු ජනාධිපතිවරයෙකු ලෙස අයවැය දුන් පිළිතුර මට තේරුන් නෑ කියා ය.. සෑම මන්ත්‍රීවරයෙකුටම දෙන මුද්‍රිත පිටපත එතුමාට නොලැබෙන්නට ඇත..පව්.. වීරවංස ගැන කතා කිරීමට යුනිකෝඩ් වැය කිරීම අපරාධයකි. . වෙන පක්ෂයක් අයවැයක් ගෙනාවොත් එය මෙතෙක් කාලෙකට ගෙනාපු නරකම අයවැය කියා කියන පොදු ලාංකික ස්වභාවය බයියන් තුළද එලෙසින්ම දැකගත හැකි වූ අතර ( එහෙම නැත්තන්නෙ පුදුමෙ ) නමුත් උන්ට පෙනුනේ රවීගේ සිංහල උච්ඡාරණයේ අව්ල පමණි.. ( මනුස්සයෙක්ගෙ දුර්වලතාවයකට හිනා වීම ගෝත්‍රිකයන්ට උරුම වූවක් වන නිසාත් එසේ කළේ බයියන් නිසා එය පුදුම වීමට කරුණක් නොවන නිසාත් ඒ ගැන වැඩිදුර ලිවිය යුතු නැත ) . පා.ම මහින්ද මහතාගේ පාලන සමයේ රටේ සමස්ථ අයවැයෙන් 45%ක්
වෙන්වුනේ ඔහු,බැසිල් හා ගෝඨා අතටය.. මහබැංකු වාර්තාව වෙනස් කෙරුණි. අධ්‍යාපනයට වෙන් කළේ ඉතියෝපියාවටත් වඩා අඩුවෙනි ( 1.4% ) බලු කෑම මිල අඩු කර ළදරු කිරිපිටි මිල ඉහළ නැංවූ දේශප්‍රේමී ප්‍රතිපත්තිය නිසා ''අප්පච්චි කිරිපැකට් එකටත් කෙළියි'' කියා තාප්ප පාට විය.. පෙට්‍රල් ගෑස් අඩු උනේ ඡන්දෙ කාලෙට ය.. . ඔය වගේ ගොන් පාට් රැසකින් පිරි අයවැය ඉදිරිපත් කරන විට දේසප්‍රේමයෙන් කුල්මත් වී සිටි බයියන් පිටසක්වල උන් මෙන් දැන් රවීගේ කතාව අල්ලන් මැරෙන්න හදයි.. . බයියන්ගෙ කොන්ද නෑ කියලා අපි දන්නව.. විවේචනයක් තියනවනං ප්‍රතිපත්ති විවේචනය කරපල්ලා මෝඩ චූන් ගන්නැතුව.. . අනිත් පාර්ශවය ගොඩක් ටොයියන් ය.. උන්ට මේක සුපිරි සිරා පට්ටම අයවැයකි.. කිසි වැරැද්දක් නැත.. මහින්දට වඩා හොඳයි කියා සිතා ආතල් එකේ සිටියි.. ඒ අනිත් ගොන් පාට් එකය.. මහින්දට වැඩිය හොඳට අයවැයක් හැදීමට ඕන ගොනෙක්ට හැකිය.. ඉතින් මහින්දගේ අයවැය සමග සාපේක්ෂ කිරීම පට්ට ජෝක් එකකි.. ඒ බයියන්ගේ අනිත් පැත්තයි.. උන්ට මහින්දට බැන්නොත් එච්චරය.. මහින්ද එලෙව්වේ හොඳ නැති නිසා බවත් කළ යුත්තේ මහින්දට වඩා හොඳ අයවැයක් හැදීම නොව රටට හොඳ අයවැයක් හැදීම බවත් තේරුම් ගත යුතුය,. . ජවිපෙට අනුව මෙහි හොඳක් ඇත්තේම නැත.. කොටින්ම ජවිපෙට අනුව මෙය අයවැයක් නොවේ.. . නමුත් සත්තකින්ම විය යුත්තේ අයවැය ගෙනාවෙ මං කැමති පක්සෙ හින්දා ඒක පට්ටයි කීම හෝ මගේ පක්සෙ නෙමෙයි නිසා කුජීතයි කීම හෝ නොව එය රටේ යහපතට හේතුවන්නේ කෙසේදැයි කියා සොයා බලා හොඳ දේට හොඳයි කීමත් වැරදි දේට විරුද්ධ වීමත් ය.. . අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ ප්‍රමාණය හොඳය බඩු මිල අඩු කළ එක හොඳ ය. ඒ වගේම.. හයිබ්‍රිඩ් වාහන මිල වැඩි කිරිම වැරදිය.. පරිසර හිතකාමී ප්‍රතිපත්ති දිරිමත් කිරීම වෙනුවට එයට බදු ගසා කරන මෝඩ වැඩ නැවැත්විය යුතුය.. . . රටක ජනතාවක් කුමන පක්සෙකට ඡන්දෙ දුන්නත් අයවැය බලපාන්නේ සමස්ථයට නිසා විය යුත්තේ හොඳ දේට හොඳයි කියා දිරිමත් කිරීම මෙන්ම තව එකතු විය යුතු දේ ගන විමසිලිමත් වීමත්.. වැරදි දේට වැරදියි කියා විරුද්ධ වීමත් ය.. සියලු දෙනා එකතු වී රටට හොඳම අවසන් ප්‍රතිඵලය ලබා ගැනීමත් ය..!! . නමුත් ලංකාවෙ උන් කරන්නේ දෙපැත්තකට බෙදී ගොන් කතා කිය කිය ආතල් ගැනීමයි.. ඉතින් කොහෙද රටක් හදන්නෙ.. .

No comments:

Post a Comment