Monday, December 7, 2015

දෙවියනී



එකම වරදට හසුවූ දෙදෙනට
ලිංගයේ හැඩ රුව බලා..
දීලා හොඳ කස පාර සියයක්
පිරිමියව යවපන් කියා..
වරද පටවා ගෑණිගේ පිට
ගල් ගසා මරපන් කියා..
තමන් පිරිමින් කියන උන් විත්
ගල් ගසා පණ ගෙන ගියා..
දෙයියනේ දැන් මාර සතුටුද
ඔබේ අණ උන් කළ නිසා...
සමරපන් ඒ සතුට හොඳ හැටි
ඇගේ ලේ ගෙන තොල් තෙමා..
ලොවට ජීවය රැගෙන එන කත
වෙතට ගල් විසි කර දමා..
ඇගෙ රුහිරෙන් සතුටු වෙන
තිරිසනුන් බිහිවුනෙ ඔබ නිසා..
දනීනම් දෙව්ලොවේ දෙවියන්
ඔබ මෙවැනි කෙනෙකුන් කියා..
පළමු ගල විසිකරයි මව වෙත
ඔබව ඇයි වැදුවේ කියා...

1 comment:

  1. මේක පට්ට.. අම්මපා දෙයියෝ දන්නවනම් ගල් ගහලා මරන්නේ මුන්ගේ අම්මලාව.. මුන්ව වැදුවට.. අයි උඹ මේ ටිකේ ලියන්නේ නැත්තේ?

    ReplyDelete