Tuesday, March 8, 2016

කාන්තා දිනය - women's day ( කාන්තාවන් සඳහා අවලංගු කර ඇත )


අසරණ දරු දෙන්නා එක්ක
එළියට ඇද දැමු යකින්නි...
හිඟා කනවා දැක්කද උඹ
පේමන්ට් එකෙ කුවේණිලා...
කොළ ඇඳුමට විලාප දුන්
මනම්පේරිලා දකුණේ....
විලාප දෙනවා තවමත්
ඉස්ප්‍රියා වන් උන් උතුරේ.....
අඟල් දෙකේ ඇණ බස්සන්
කොළඹ ආපු ආරියවති...

උගුරු දණ්ඩ කැඩිලා යන්න
බෙල්ලෙන් එල්ලපු රිසානා...
තලලා කීතු කීතු කරපු
විද්‍යා සේයා දෝණිලා.....
පවුලේ බඩගිනි නිවන්න
ජුකිය හොයන් කොළඹ ආපු...
කැසිනෝ වල ස්පා වල
බඩු වෙන විකිණෙන අක්කලා....
උන් වගෙ මිලියන ගාණක්
අම්මලා අක්කලා නංගිලා...
අමතක කර දින සමරන
උන් මේ ගැන බලාපියව්...
සිය ගාණක් අනාත කර
පුංචි පැටවු විනාස කළ.....
පාටි දාපු තිරිසනුන්ට
සර් කියයි තොපි තාමත්...!!
ලිංගයේ වෙනසේ හේතුව
තැලිලා පොඩි පට්ටම් වෙන...
ගෑණුන් ගැන වෙන කිසි දින
කතා නොකර හිටිය උඹලා...
ලොක්කන් බක්කන් එක්වී
එක දවසක් සමරාලා....
ගෙදර යනවා මැති උතුමන්
කැසිනෝ කෙල්ලෙක් මිරිකා...

No comments:

Post a Comment