Monday, February 8, 2016

මේ ඉන්නෙ චතුරිකා සිරිසේන අක්කා


මේ ඉන්නෙ චතුරිකා සිරිසේන අක්කා..
මෙයාගෙ තාත්තා ලංකාවෙ ජනාධිපති..
මේ අක්කා හිතන් ඉන්නෙ තාත්තා රජතුමා එයා දූකුමාරි කියලා..
රජා ගියා දැන් ඉන්නෙ ප්‍රධාන ජනතා සේවකය කියලා මෙයා දන්නෙ නෑ..
තාත්තා ඇමති කාලෙ රටේ මිනිස්සු ඉන්නවද කියලවත් දැනන් හිටපු නැති මෙයාට දැන් ජනතාවට සේවය කරන්න මතක් වෙලා..
රජයේ කිසිම තනතුරක් නොදැරුවට මෙයා උත්සව වල ප්‍රධාන අමුත්තිය වෙනවා..
ග්‍රාමසේවකලා ප්‍රාදේශීය ලේකම්ලා වගේ රාජ්‍ය නිලධාරීන් එක්ක ගම් වලට ගිහින් ඒ මිනිස්සුන්ට රට හදන්න උපදෙස් දෙනව..
එයා දන්නෙ නෑ ඒ වැඩ කරන්න රජයෙන් ජනතා මුදල් ගෙවලා නිලධාරීන් පත් කරලා තියනව කියලා...
කොහෙන් ආපු බලයක්ද එයාට..
මොකක්ද එයාගෙ තනතුර..
කිසිම සුදුසුකමක් තියනවද රජයේ වැඩවලට ඇඟිලි ගහන්න..
නෑ..
තාත්තගෙ බලේ පාවිච්චි කරලා මෙහෙම මෝඩ විදිහට හැසිරුණ ජෙට් වල ගිය පහුගිය රාජාණ්ඩුවෙ පුත් කුමාරවරු අද ත්‍රීවීල් එකේ යනව කියලා මේ අක්ක දන්නෙ නෑ..
සමහරු දැන් හිරේ..
මේ අක්කා ඒක දන්නෙත් නෑ..
ඉස්සර මේ වගේ මුල් දවස් වල හිනා මූණ දාලා හිටපු බේබිලා.. පස්සෙ ඡන්දෙ ඉල්ලලා පරාස්සයො උනා..
බේබිලා භයානකයි..
වහා ගිනිඇවිලෙන සුළුයි..
ඒක හින්දා ඔයාලත් මෙයාලා ගැන අවධියෙන් ඉන්න..
අපිට ඕනෙ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිස රාජාණ්ඩු පවුල්වාදී ගොන් පාට් එකක් නෙමෙයි..

3 comments:

  1. ජනාධිපති මහජන චන්දෙන් පත් වෙනවා කියන්නේ පවුලේ අය යන්න ඕනේ නැහැ තමා.

    ReplyDelete
  2. නමුත් වන්දි භට්ටයෝ ඕන තැනක ඉන්නවා නේ.

    ReplyDelete
  3. පවුල් වාදය හින්දා මිනිස්සු හැමදාමත් පීඩනයට පත් වුණා... මේ ප්‍රවණතාව අපේ දේශපාලන සංස්කෘතියෙන් ඉවත් කළ යුතුයි..

    ReplyDelete