Sunday, May 1, 2016

කම්කරු දිනය සොරකම් කිරීම හා වහල් සැමරුම්

.

ඊයා අර බලපන්කො අරුන්ගෙ එකට ආපු ගාන....
අපේ ග්‍රවුන්ඩ් එක පිරෙව්වා යකූ...
බලාපන් ෂිංගයා බලන්න ආපු සෙනග....
අනේ පල ඒක ඇටකිච්චං ග්‍රවුන්ඩ් එකක්නෙ....
අපේ එකට කෝච්චි පිටින් ආවා යකෝ....
බලපන් බොරු නං කොටු ගහලා එකක දහයයි ඔක්කොම ලස්ස 5ක් හිටියා යකෝ....
ඊයා පාරෙ බෝඩ් එක උස්සන් යන උන් දෙන්න විතරයි හූ හූ.....
.
ඊයේ අවසන් වුණ මැයි දිනය ගැන ඔය ආකාරයේ පෝස්ට් බුකිය පුරා සෙයා වේ.. එම පෝස්ට් වලට කොමෙන්ට් කරයි.. 
වැඩියෙන් ආවේ මොකටද කියා තර්ක කරයි..
කෙස් පැළෙන ගණිත සමීකරණ යොදා ග්‍රවුන්ඩ් එකේ වර්ගඵලය ගෙන මිනිහෙකුගේ වර්ගපලයෙන් බෙදා කොටුගසා ඔප්පු කිරීමට දඟලයි.....
.
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ යුතු දිනයක ( වෙනදට කතා නොකරන නිසා එදාටවත් උන් ගැන හිතපිය ) එය වෙනුවෙන් පවත්වන රැළිය තමන් කඩේ යන දේසපාලුවන්ගේ හා පක්සයේ බලය පෙන්වීමට දැඟලීම හා විරුද්ධ ඇනෙන්නට කියා යොදා ගනීනම් උන් අමුම අමු වහල්ලුය...
පට්ටම ගෝත්‍රිකයන්ය..
වැඩවසම් නොදියුණු මානසික බාලයන්ය..

උන්ට ඇත්තේ තමන් කැමති දේසපාලුවාගේ මෙව්වා එක පෙන්වා ආතල් එකක් ගැනීමේ ළදරු ආසාවයි..
එවැනි උන්ට ළමා දිනේ වුව ද මව්වරුන්ගේ දිනේ වුවද පරිසර දිනේ වුවද කමක් නැත...

දේසපාලුවන් මොකක් හෝ කියා මිනිස්සු ගෙන්වා ටී වී එකට පේන්න කතාවක් කිරීමට ලෝක දියවැඩියා දිනය එනකම් හෝ බලා සිටින්නේ තම බලය රඳවා ගැනීමට කුමක් හෝ ගැටයක් ගසා ගැනීමටයි..
ලංකාවේ ගෝත්‍රිකයන්ට එය තේරෙන්නේම නැත..

තමන් කැමති දේසපාලන මතය දැරීමට ඕනෑම කෙන්කුට අයිතියක් ඇත..
නමුත් ප්‍රස්ණය ඇත්තේ මැතිවරණ රැළිය හා කම්කරු දින රැළියේ වෙනස ලංකාවේ වැඩවසම් ගොට්ටන්ට නොතේරීමයි..
උන්ගේ වහල්කම කැරට් අලය කරගෙන දේසපාලුවන් ගහන්නේ ගේම් එකක් බව ලංකාවේ බහුතර වහල්ලුන්ගේ මස්තිෂ්කයට දැනෙන්නේම නැත...
.

නිවැරදිව මැයි දිනයේ අරුත වටහාගෙන සිටියා නම් ඔබ ෆේස්බුක් පැමිණි විට හෝ පාරට බැස්ස විට ඔබ දැකිය යුතු වන්නේ ඔබට ඇසිය යුත්තේ..
.
ගොවියන්ගේ වී මිලදී ගැනීම ., ජීවන තත්වය ඉහළ නැංවීම.....
විදෙස් ගත ගෘහ සේවිකාවන්ගේ ගැටළුව නිරාකරණය....
ඒ මිනිස්සුන්ගේ සුභසාධන ක්‍රියාවලිය...
කම්කරු අයිතිවාසිකම්...
පඩි වැඩි කිරීම...
ජීවන වියදම් ඉහළ යාම...
පෞද්ගලික අංශයේ සුභසාධනය...
ඇඟලුම් ඇතුළු කර්මාන්ත වල යෙදී සිටින දහස් සංඛ්‍යාත සේවකයන්ගේ ගැටළු නිරාකරණය....
වතු කම්කරු අර්බුධය....
පාරවල් පතල් වල වැඩකරන අනෙකුත් දහස් ගාණක් කම්කරුවන්ගේ වැඩකරන ජනතාවගේ හඬයි..
ඒ මිනිස්සුන්ගේ හදගැස්මයි...
ඒ මිනිස්සුන්ගේ දහදිය කඳුළුයි..

නමුත් අපට ඇත්තටම පෙනෙන්නේ ඇසෙන්නේ දැනෙන්නේ බලය ඉල්ලා කෑ ගසන.. ලැබුණ බලය රැකගැනීමට දඟලන ''බලේ බලේ බලේ...'' කියා කෑ ගසන මූසල බලපෙරේතයන්ගේ අඳෝනාවයි..
උන්ගේ සැප වෙනුවෙන් කඩේ යන බෝතලේට බත් පැකට් එකට හුරේ දැමීමට බස් පිටින් පැමිණි වහල්ලුන්ගේ කුණුහර්පයි..
වර්චුවල් ලෝකයේ පිට්ටනි පෙළපාලි කොටුගසා මැරෙන්න හදන සයිබර් ගෝත්‍රිකයන්ගේ ළාමක comments , likes හා shares ය..
කම්කරුවෝ අහලක නැත..
උන් මේක පවත්වන්නේ මොකටද කියා දන්නේවත් නැත..
.ලොක්කාගේ රැළියට අහවල් ගාන ආවා යකෝ කියා කෑ ගැනීමට share කිරීමට තිබෙනවා නම් උන්ට ඒ ඇතිය..
.
රටේ ජීවය රැඳී ඇත්තේ වැඩකරන ජනතාව මතයි..
අනිත් දවස් 365 ම උන්ගේ කටුවෙන්, මිටියෙන්, මැසිමෙන්, පෑනෙන්., ඇඟේ හයියෙන් ඇති පදම් හම්බකර කා බී ආතල් ගන්නා අපි උන් ගැන හිතන්නේ නැත..
එසේ නොසිතන උන් අඩුම තරමේ මැයි දිනයේදිවත් උන් ගැන කතා කරපන්.. ඒත් නැත..
ඔය ලොක්කගේ රැළියෙ මෙව්වා share කරන ගොඩක් උන්ගේ තාත්තලා අම්මලා අයියලා අක්කලා මෙන්ම උන්ද කම්කරු අයිතිවාසිකම් කඩවීම්වලට ලක්වෙයි...
නමුත් වහල්කම ඉහවහා ගිය උන්ට එය පෙනෙන්නේ නැත,.. ලොක්කා ඉන්නවනං සෙනග ඇවිල්ලනං උන්ට එච්චරය...
.
දේශපාලනය හා දේසපාලුවන් අපව බයිට් එකට ගෙන ඇත..

රටේ ජීවය වන වැඩකරන ජනතාව වෙනුවෙන් වෙන්කළ එකම එක දිනය පවා උන් අයිති කරගෙන ඇත..
මැයි දිනය දා අවසානයේ කට පුරා කියවා,,. ලොකු ටෝක් දී හුරේ දා කා බී උන් ගෙදර යයි.. 
බත් පැකට් බෝතල් දමා පිට්ටනි පාරවල් විනාස කළ වහල්ලුන්ගේ කුණු ද අවසානයේ පවිත්‍ර කරන්නේ කම්කරු දිනය අහිමි කම්කරුවාය.....

ඒ ගැන අපේ උන්ට හිතෙන්නේ නැත... 
වහල් ගෝත්‍රිකයන් ලොකු උන්ගේ බලේ වෙනුවෙන් තමන්ගේම උන් සමග පිට්ටනියට ආ සෙනග ගාණට මරා ගනී..
කම්කරු දිනයදා වත් වැඩකරන මිනිස්සු ගැන නොහිතා දේසපාලන වහල්කමේ යෙදෙන රටක් දියුණු වීමක් ගැන කතා කර පලක් නැත..
වහාම වහල්කමෙන් මිදෙන්න
ස්වාධීන වෙන්න
ඔබෙත් මගෙත් මාතෲභූමිය වෙනුවෙන්....!!
.

( cartoons by - Avantha Artigala )  ( may day / labor day )

No comments:

Post a Comment