Tuesday, March 15, 2016

පවර් කට් සම්බන්ධවයි..( power cut )

.

ඔව් මේ දවස් වල පැය දෙක තුන කරන්ට් එක නෑ..
දැන් ඕක වෙලා තියෙන්නෙ මොකක් හින්දද..
ග්‍රිඩ් එකක ට්‍රාන්ස්ෆෝමර් එකක් පුපුරපු හින්දා..
එහෙම එක තැනක අව්ලක් උනාම අනිත් තැන් වලින් ඒ අඩුව පුරවන්න කරන්ට් එක එද්දි වෙන අහිතකර බලපෑම් වලින් බලාගාර ආරක්ෂා කරගන්න බලාගාර ඔටෝ ඕෆ් වෙන විදිහටයි ලංකාවෙ විදුලිබල පද්ධතිය හදලා තියෙන්නෙ...
ඒකට වෙන රටවල් වල බලාගාර අක්‍රීය නොකර පද්ධතිය නැවත හදන ක්‍රම තිබුණට ලංකාවෙ තාම තියෙන්නෙ පරණ සිස්ටම් එකක්... එතකොට කෝම හරි මේක වෙලා තියෙන්නෙ කාර්මික දෝශයකින්...
( ඕක ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් හොඳින් අහලා දනගන්න )
.
ලංකාවෙ විදුලිබල අවශ්‍යතාවයෙන් මාර්තු 12 වෙද්දි 60 %ක් සපයන්නෙ නොරොච්චෝලෙනුයි.. අනිත් ඩීසල් බලාගාර වලිනුයි..
ඉතින් අර ඔටෝ ඕෆ් වෙන සිස්ටම් එකෙන් ගල් අඟුරු බලාගාරයක් ඕෆ් උනාම ඒක නියමිත උෂ්ණත්ව තත්ව වලට ගෙනල්ලා නැවත පණගන්වන්න ලොකු කාලයක් යනවා.. 
60% ක් සපයන බලාගරෙ අක්‍රීය උනාම රටේ බහුතරයකට ලයිට් යනවා කියන එකයි ඔය කියපු ටිකයි ඕන නොදරුවෙක්ට තේරෙන්න ඕනෙ...
.

දැන් මේකට බයියො  බුකිය පුරා කියන්නෙ අපේ අප්පොච්චි හිටයනං මේම වෙන්නෙ නෑ කියලා..
ඇයි මහින්ද සුපර් මෑන් ද ට්‍රාන්ස්පෝමරේ ගිනිගත්තම ඇවිල්ල හදලා තත්පරෙන් ලයිට් දෙන්න.. බයියො හිතන් ඉන්නෙ හරියට රනිලයි සිරයි ගිහින් වයර් කැපුවා කියලා.....
අනික පිපිරුවෙ අවුරුදු 30ක් පරණ ට්‍රාන්ස්ෆෝමර් එකක්.. මහින්ද ඒව අලුත්වැඩියා කරලත් නෑ.. අනික නොරොච්චෝලෙ කියන්නෙ හොඳට තිබ්බට වැඩිය වැඩි දවසක් කැඩිලා තිබ්බ බලාගාරයක් චයිනීස් බඩු දාලා.. ඒක හින්දා මෝඩ කතා කියන්නෙ නැතුව වෙච්ච දේ තේරුම් ගනින්... කාර්මික දෝෂයක් අප්පච්චි ගිය හින්දා වෙන්නෙ නෑ කියන තේරුම් ගනිල්ලා පොඩ්ඩක්...අනික මහින්ද හද්ද පරණ සිසිටම් එක අලුත්වැඩියා කළානම් එක තැනක අව්ලක් උනාම රටේම නොයන විදිහට මෙහෙම වෙන්නෙ නෑනෙ... සංවර්ධන ප්‍රමුඛතා ඒවා.... මහින්ද ඉන්න කාලෙ ඔහොම උනත් මේ දේම වෙනවා කියන එක තේරුම් ගනිල්ලා....
.
අනිත් එක තමයි කරන්ට් ගිය එකට කෑ ගැහුවට අප්පච්චි අගමැති වෙන් නෑ...
.
අනිත් උන් ටොයියො.. උන් හිතන් ඉන්නෙ මේ ට්‍රාන්ස්පෝමරේ මහින්දයි යෝසිතයි ගිහින් ගැලෙව්වා කියලා... බලාගාරෙට කැඩුන එක කාර්මික දෝෂයක්.. ඒක ගැන සැකයක් තියනව කියලයි ඉන්ජිනේරු මහත්තයා කිව්වෙ.. නැතුව ඒක මහින්ද පිපිරෙව්ව කියලා නෙමෙයි.. 
ග්‍රිඩ් වල ආරක්ෂාවට හමුදාව දැම්මෙ ඒ සැකය හින්දා,.. නැතුව මහින්ද ආයෙ ඇවිල්ල කඩයි කියලා නෙමෙයි.. 
සැකේ ගැන පොලිසියටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි පැමිණිලි කරලා තියෙන්නෙ.. ඒ වාර්තාව එනකන් හිටපල්ලා වැරදිකාරයා අරූ මූ කියලා හැම මගුලටම මහින්දව ඇදලා ගන්න කලින්.. අහු උනොත් ඒවා එදාට...
,
අනිත් එක සිරිසේන ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩියිනෙ.. මේ වෙද්දි බලශක්ති පද්ධතිය ගැන අධ්‍යනයක් කල යුතුව තිබුණා.. එහෙම කළානම් මේ දේ වෙන්නෙ නෑ..
දැන් අපි බලන් ඉන්න ඕනෙ මේ ඇති වෙච්ච ප්‍රශ්ණෙට මේ ආණ්ඩුව දෙන උත්තරේ ගැන..
පැලැස්තර ගහනවනම් අනිවා උන්ට බලපෑම් කළ යුතුයි ඔක්කොම එකා වගේ සාධනීය විසඳුමකට යන්න..
.
.
වැරැද්ද කාගෙද එතකොට..
එක ග්‍රිඩ් එකක අව්ලක් වෙච්ච ගමන් රටේම ලයිට් යන.. හරි හමන් බලශක්ති ප්‍රතිපත්තියක් නැතුව මේ රට මෙතෙන්ට ගෙනාපු මේ අවෘදු 67 ම පාලනය කරපු හැම එකාම මේකට වැරදි කාරයො...
.
ජල විදුලිය කියන්නෙ ස්ථිර දෙයක් නෙමෙයි... හැමදාම වහින්නෙ නෑනෙ.. තිබුණට කමක් නෑ.. නමුත් පරිසර හානියත් වැඩියි.. අවම කරලා කරන්න පුළුවන්නම් ලොකු දෙයක්..
ගල් අඟුරු ඩීසල් කියන්නෙ තව ටික දවසකින් ක්ෂය වෙලා යන සම්පත්.. ඒවා මත රටේ බලශක්තිය යැපෙන්න දීපු එක කොහොමත් මෝඩ වැඩක්..
ඉතින් ඒ ගැන මීට කලින් හිටපු පාලකයො හිතන්න තිබුණා..
දැන්වත් මොළේ කල්පනා කරලා අපිට ගැලපෙන දිගුකාලීන බලශක්ති ප්‍රතිපත්තියකට අනිවාර්යයෙන් අපි යා යුතුමයි..
ඒක පුනන්‍රජනනීය බලශක්තිය පදනම් කරගෙන සිද්ධ වෙනවනම් අපිටත් ලෝකෙටත් පරිසරයටත් ඉතාමත් හොඳ තත්වයක් වෙයි.. මොකද සුළං.. සූර්ය බලය.. උදම් බලය කියන්නෙ අපිට අමුතුවෙන් සල්ලි දීලා ගන්න ඕන දේවල් නෙමෙයිනෙ..
කොහොම හරි රටට වඩාත් සුදුසු බලශක්ති ප්‍රතිපත්තියක් වෙත ඉක්මනින් යායුතුව ඇති බව අනිවාර්යයෙන් පැහැදිලිය..
ඒ වගේම කෙටි කාලීන වේසඳුමක් ලෙස මේ පරන පද්ධතිය නවීකරණය කරලා එක තැනක අව්ලක් උනාම  රටේම විදුලිය බිඳ නොවැටෙන තත්වයට පද්ධතිය හදාගන්න එකනම් අනිවා කළ යුතුයි..
.
ඒක නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ රටේ මොකක් හරි දෙයක් උනාම 

ඒකට අරූව මූව අල්ලන්න කලින් තමන්ගේ දේසපාලන මතේට ඒක ඇදලා වාසි ගන්න කලින් ඒක ගැන පොඩ්ඩක් සංවේදීව හොයලා බලලා වැඩ කරපන්... අරූට මූට බෝලෙ පාස් කරන්නෙ නැතුව..
මොකද මේක අපි හැමෝගෙම රට..
මහින්දවත් රනිල්වත් මෛත්‍රීවත් අනුරවත් අපිට වැඩක් නෑ..
අපිට ඕනෙ අපේ රට දියුණු වෙන්න,...
ඒක හින්දා රට වෙනුවෙන් පොදුවෙ බලපන් දෙයක් උනාම තම තමන්ගෙ පාට කන්නඩි ගලෝලා..
එතකොටයි රටක් විදිහට ඉස්සරහට යන්නෙ.. වහල්ලු ඉන්න රටවල් පස්සට යන්නෙ හැමදාම.. ඒක හින්දා වහල් භාවයෙන් මිදිලා ස්වාධීන වෙයන්...

No comments:

Post a Comment