Saturday, September 24, 2016

ලංකාවේ සින්දු හිට් කිරීම


මීට කලින් ලිපි වලින් ලංකාවේ හිට් කරගත හැකි ටෙලියක් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන ඔබව දැනුවත් කළා මතක ඇතිය.....

මේ කියන්නට යන්නේ හිට් කර ගත හැකි සින්දුවක් නිර්මාණය කර ගන්නා ආකාරයයි...

මුලින්ම ඔබ ගීය හිට් කිරීමට නං අනිවා බූට් සින්දුවක් හැදීමට සිහිතබා ගන්න..

දැන් කළ යුත්තේ ගීය ලිවීමයි

ඒ සඳහා එදිනෙදා ජීවිතයේ භාවිතාවන කෙඳිරි ගෑම් , අඳෝනා , ලතැවීම් , හීල්ලීම් , හොටු පෙරීම් ආදී අවස්ථාවල භාවිත වන වචන යොදා ගන්නේ නම් මැනැවි...
උදාහරණයක් ලෙස

 " ඔයා ගියේ මොකෝ,
අනේ ආපහු එන්න දෙයියනේ ,
මම මැරෙනවා ,
අනේ මාව මරන්න,
ලොකු අම්මා පල්ලා මං වහ බොනවා, මට සල්ලි නෑ ඒ උනාට මගෙ හදවත පෝසත් , ( ඒක බැංකුවෙ තියලද මිනිහො සොපිං යන්නෙ ඇහුවොත් අදාල නැත ) ,
 යන්න කලිං කියන්න තිබ්බනෙ....( හොඳ නෑයි කියලා කලිං කියන්න මං සුමනදාසද ඕයි කියලා ඇහුවොත් ඒත් අදාල නැත )
එයා එක්ක ඉඳලා එපා උනොත් ඔයා ආයෙ මං ගාවට එන්න බබා...
ඕන්නං ආයෙ යන්න මං තරහ නෑ...
සතියකට සැරයක්වත් ඩේටා කාඩ් එකක් අරන් මාව බලන්න එන්න....
මගේ හිතේ ඔයා ගැන තරහක් නෑ....
ඔයා මගේ පණ...
පණටත් වඩා ආදරෙයි... ඔයා නැතුව මං දිවි නහගන්නවා.. ( දිවි නහගන්නෙ පණට ආදරේ නැති හින්දනෙ මිනිහො.. ඉතිං මං පණ නං තෝ මටත් ආදරේ නෑනෙ කියලා ඇහුවොත් කරන්න දෙයක් නැත )
අයියෝ

අම්මේ
බුදුඅම්මේ
වාවන්නෑ
පපුව පැලෙනවා
ඔන්න පැලුනා...

ආදී වචන ලිස්ට් එකක් සාදා ගන්න...

දැන් තියෙන්නේ ඒවා එකතු කිරීමයි.. ඒවා සරල ලෙස ඔබට හිතෙන අයුරින් එකතු කරන්න... උදාහරණයක් ලෙස...

ඔයා ගිය දා රෑ පුරා
මම බිම පෙරළී ඇඬුවා
කඳුලු වලින් කම්මුල් තෙමිලා
ලස්සන රතු සායම් මැකුනා
ඔයා අරන් දුන් කමිසේ.....



තිබුනනං ගොඩක් සල්ලි ඔයාටත්
පමුණුවෙන් ගනීවිද කමිසේ
එහෙම ගන්නවත් සල්ලි නැති හින්දද
දාලා ගියේ මා මෙලෙසේ....//

ඔය එක් උදාහරණයකි... තවත් එකක් ගෙන බලමු...


දකින වතාවක් ගානෙ අර මල් කුඩේ
මතක් වෙනවා රත්තරනේ
වැටකෙයියා පඳුර ගල්කිස්සේ
ඇයි මා අතැර ගියේ මගෙ මැණිකේ...

ඉරිදට රොටරිය ඇරිලා
නුගේගොඩට පියමැන්නා
හොරෙන් බැලු ඌ ඔයාව අරගෙන
යයි කියලා මට හිතුනා....

පපුව පැලෙයි මගෙ මැණිකේ
ඔන්නා පැලෙන්නට යන්නේ
අනේ එන්න මගෙ මැණිකේ
ඩොක්ටර් කෙනෙක් ගෙන හනිකේ....//


තවත් එකක් ගෙන බලමු....

අවසන් පණිවිඩයයි මේ එවන්නේ
වෙව්ලන හෙල්ලෙන ඇඟිලි වලින්
කොච්චර බිව්වත් මටනං වෙරි නැත
මම අද හෙන දුක් ගින්නේ....

ඔයා නිසා මගේ හිනා මැකුනා
මගේ හීන බොඳ වූවා
ඔහු එක්ක හිටියට මගේ හිතේ
කිසි තරහක් නෑ කෙල්ලේ

දිවි නහගන්නට බෑ කෙල්ලේ
ඔයා එයි කියලා මට හිතෙන්නේ
වැඩට ගිය වෙලාවක හරි ඔබෙ පෙම්වතා
එකම ඇමතුමක්වත් ගන්න....


තවත් එකක් ගෙන බලමු....

අවසන් පණිවිඩයයි මේ එවන්නේ
වෙව්ලන හෙල්ලෙන ඇඟිලි වලින්
කොච්චර බිව්වත් මටනං වෙරි නැත
මම අද හෙන දුක් ගින්නේ....

ඔයා නිසා මගේ හිනා මැකුනා
මගේ හීන බොඳ වූවා
ඔහු එක්ක හිටියට මගේ හිතේ
කිසි තරහක් නෑ කෙල්ලේ

දිවි නහගන්නට බෑ කෙල්ලේ
ඔයා එයි කියලා මට හිතෙන්නේ
වැඩට ගිය වෙලාවක හරි ඔබෙ පෙම්වතා
එකම ඇමතුමක්වත් ගන්න....

එසේත් නැතිනම්

ඔහුත් එක්ක පියනැගුවට මල් පාරේ
පූජනීය ප්‍රථම ප්‍රේමයේ පෙම් පත්තිනි නුඹයි
දුර ගිය දා නුඹ මාව දමාලා
ලයිට් ගියා රත්තරනේ
දිවියම අඳුරු වූවා
මහ දවාලේ පවා.....//

යලිත් එන්න මගෙ වස්තුවේ
අප ආ පාරේ ආ ගිය වාරේ
අපිව දැකපු අය ඔයා කෝ කියලා ඇහුවා
පූජා කර මගෙ පණ ඔයාට
දිවියෙන් නික්මෙන්න ගිය දිනයේ
දුම්රිය මොහොතක් නතර උනේ.....

යලිත් එන්න.. මාව බලලා යන්න එන්න
අප හමු වූ වෙල් තීරේ
අඹ හැදෙන්නෙ නෑ ඔයා නැතුව රත්තරනේ...
ලේන්නු අහනව ඔයා කෝ කියලා
හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්න
රත්තරනේ.....

ඔය ආකාරයේ නොයෙකුත් ගීත ඔබට පහසුවෙන් වචන එකතු කර ලියා ගතහැක...

දැන් සිදු කළ යුත්තේ තනුවක් දමා ගැනීමයි.. අපොස සාමාන්‍යපෙළට සංගීතය හැදෑරූ හෝ ගීටාර් එකක් ගැසීමට පුලුවන් හෝ මිතුරෙකු සොයා ගෙන ඔහුට මේ ලියූ වචන ටික දී කැමති තාලයකට කියන්න යැයි පවසන්න...

උත්සාහයන් අවම තුනකදී ඔබට තනුවක් ලැබෙනු ඇත.. එසේත් නැතිනම් යූ ටියුබ් සර්ච් කර හින්දි ගීතයක තනුවක් සොයා ගෙන එයට වචන ටික දමන්න...

එසේත් නොමැතිනම් ඔබේ මේසය, ගෙදර තියන බාල්දියක් හෝ සද්දයක් එන ඕනෑම දෙයක් යොදාගෙන තාලෙකට තට්ටු කර ඔබටම තනිවම තනුවක් සාදාගත හැක....

දැන් අම්මාගෙන් හෝ තාත්තාගෙන් හෝ ඔබ ඉතුරු කල මුදලක් ඇත්නම් හෝ අක්කාගෙ නංගිගෙ පෙම්වතියගෙ කරාඹුවක් මාලයක් මුද්දක් උකස් කර හෝ කෙසේ හෝ රුපියල් 25000 ක් 30000 ක් සොයා ගෙන ගීතය රෙකෝඩ් කර ගන්න...

දැන් ඔබටත් ඔබේම කියා ගීතයක් ඇත..

කෙසේ හෝ රේඩියෝ චැනල් එකකට හෝ දී දවසක් ඇසීමට සලස්වන්න.. වැල නොකැඩී ඔබට ෆෑන්ස්ලා සෙට් වෙනු ඇත.. එසේත් නැතිනම් ෆේස්බුක් පේජ් එකක් සාදා සන්ග්ලාස් දමා කොන්ඩෙ අඟල් හතරක් උස්සා තද කොළ තැඹිලි රතු නිල් ආදී පාට ජැකට් එකක් ඇඳ ප්‍රඩොොපයිල් පික්චර් එකකුත් දමන්න...ඩොලර් තුනකට ස්පොන්සර් කර හිට් කරන්න...
දාස් ගණං ලයික් සට සට ගා වැටෙනු ඇත..
සිය ගණං නංගිලා ඇන්ටිලා වාව් අයියාහ්.. ස්වීට් අයියායි, අයි ලව් යූ අයියාහ්, බුදු සරණයි මල්ලීහ් ගා කොමෙන්ට් කරනු ඇත...
කියන්න සතුටුයි බ්‍රෝ..
උයාගෙ සිදුව දැං හිට්...
උඹත් දැං තරුවක්...

විසුවල් එකක් කිරීම ගැන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න...

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ




3 comments:

  1. හයියෝ ලිව්වටත් ණයයි කෝ කමෙන්ට්ස්.

    ReplyDelete