Friday, September 30, 2016

පාසල් ශිෂ්‍ය නායක මානසික රෝගය


පාසල් ශිෂ්‍ය නායකයෙකු යනු කවුද..?
ඔවුන්ට අනෙකුත් දරුවන්ට පහර දීමට අඩන්තේට්ටම් කිරීමට බලය ලැබුණේ කෙසේද..??
ඔවුන් අනෙකුත් දරුවන්ගෙන් වෙනස් විශේෂයක් ලෙස පෙනී සිටින්නේ ඇයි...?
පාසලේ අනෙක් දරුවන්ට නොලැබෙන විශේෂ වරප්‍රසාද ඔවුන්ට ලැබෙන්නේ කෙසේද..??
පාසල් පරිපාලනය හා අධ්‍යාපන බලධාරීන් , ළමා කාර්යාංශ නිදිද..?


මෙසේ දිගු කාලයක් තිස්සේ ඔවුන් බොහෝ බහුබූත නොගැලපෙන ක්‍රියා සම්ප්‍රදායක් ලෙස කරගෙන ගොස් එය පාසලේ නීතියක් සේ සිතා ක්‍රියා කරගෙන යන අතර විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද එය එසේය කියා නිශ්ශබ්දව සිටියි...

ශිෂ්‍ය නායකයෙකු යනු පාසලක අනෙකුත් ළමුන් අතුරින් අධ්‍යාපනය, බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, නායකත්ව ගුණාංග වැනි සාධක මත පාසලේ වැඩකටයුතු වලට යම් සහයක් ලබා ගැනීමේ අරමුණින් පත් කරගන්නා සිසුන් කොටසයි... එමගින් ඔවුන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය ද ඒ ආදර්ශයෙන් අනෙක් සිසුන්ට නායකත්වය පිළිබඳ ආදර්ශයක් ලබා දීම , පාසලේ හා සිසුන්ගේ විනය ආරක්ෂා කිරීමද බලාපොරොත්තු වෙයි...

නමුත් බැජ් එක නිසා ඔවුන් විශේෂ වරප්‍රසාද සහිත, පොලිස් බලතල ඇති විශේෂ ජීවීන් පිරිසක් වන්නේ නැත...

සත්‍ය තත්වය එසේමද....?



මා හොඳින්ම දන්නා පරිදි බොහෝ පාසල් වල සිංහල බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි , ජාති ආගම් බේද වලින් තොරව ශිෂ්‍ය නායකයන් හැසිරෙන්නේ පාසලේ විදුහල්පතිපතිකම ලැබුනාක් මෙනි.. කොළඹ ඇතුළු ලංකාවේ ප්‍රධාන යයි සම්මත පාසල් වල මේ වසංගතය බහුලව ව්‍යාප්තවී ඇත..

මා දන්නා සමහර ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් වල ශිෂ්‍ය නායක කාමර ( prefect room ) වලට ඇතුළු වීමට විදුහල්පතිවරයා පවා අවසර ගැනීමේ සම්ප්‍රදායන් ගොඩනගාගෙන ඇත.. ඒ කාමර කළු වීදුරු දමා තිරරෙදි වලින් වසා දොරවල් වසාගෙන අධි ආරක්ෂිත කලාප ලෙස වෙන් කරගෙන ඇත...විදුහල්පති කාමරය හෝ ගුරු විවේකාගාරයට වඩා අධි ආරක්ෂිතව සිටීමට ශිෂ්‍ය නායකයන් පිටසක්වල ජීවින් වැනි පිරිසක් වූයේ කෙසේද... මේවා තුළට අනෙක් සිසුන්ට ගුරුවරුන්ට පවා ඇතුළු වීමට නොහැකිව දොරට තට්ටු කිරීමේ සංඥා පවා යොදාගෙන තිබීමට තරම් ඔවුන් අනෙක් සිසුන්ගෙන් විශේෂ වන්නේ කෙසේද..
මා පාසල් යන දිනවල ශිෂ්‍ය නායක කාමරයට ගිය මාගේ මිතුරෙකුට ශිෂ්‍ය නායකයෙකු පහර දුන් අතර අදාල සිද්ධිය විදුහල්පතිවරයාට පැමිණිලි කළ විට ඒ පහරදුන් ශිෂ්‍ය නායකයාට අවවාද කළ අතර සිස්ස නායකයන් ගොඩනගාගෙන ඇති අධිපතිවාදී ගොන්පාට් නැවැත්වීමට ක්‍රියා කළේ නැත... අදටත් එය එසේමය.. තවමත් දරුවන් වන ඔවුන් මේ කාමර තුල සිදුවන්නේ මොනවාද කියා ගුරුවරුන් හෝ පාලනාධිකාරිය කිසිදු විමසීමක් කරන්නේ නැත..

අනෙක් සිදුවීම නම් පහර දීමයි..

ශිෂ්‍ය නායක මැරයන් බවට බොහෝ අය පත්ව ඇත..
ජේෂ්ඨ ශිෂ්‍ය නායකයන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 18 ට වැඩි වැඩිහිටි සිසුන් ය.. බොහෝ පාසල් වල ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලය ( top board ) අවුරුදු 20 පමණ වයසේ ය..
ශිෂ්‍ය නායකයන් සිතා සිටින්නේ බැජ් එකක් ගැසූ පසු සුපර් පවර්ස් ලැබෙන බවයි..
කුඩා දරුවාගේ සිටම සියලු ශිෂ්‍යයන් ශිෂ්‍ය නායකයන්ගේ පහර කෑමට ලක්වෙයි..
ලංකාවේ නීතියට අනුව කිසිදු දරුවෙකු කාගේ හෝ කායික මානසික හිංසනයකට ලක් විය නොහැක.. තත්වය එසේ තිබියදි ළමුන්ට පහර දුන් ගුරුවන්ට පවා නීතිය ක්‍රියාත්මක වෙද්දී ශිෂ්‍ය නායකයන් තවමත් දරුවන් හිංසනයට ලක් කරන අතර ගුරුවරු ඇතුළු පාලනාධිකාරිය ඒ ගැන සොයන්නේ නැත..
කුඩා දරුවන් මේවා දෙමව්පියන්ට පැමිණිළි නොකරන්නේ නැවත් පාසලේදී මෙසේ හිංසනයට ලක්වේයැයි ඇති බිය නිසා ය..
පිරිමි පාසල් වල මේ තත්වය ඉතා වැඩි වශයෙන් ක්‍රියාත්මක වන අතර කාන්තා හා මිශ්‍ර පාසල් වලද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙයි...

එසේම ශිෂ්‍ය නායකයන් ද තම ඉහළ ශිෂ්‍ය නායකයන්ගෙන් මෙසේ පහර කෑමට ලක්වෙයි.. prefect room එක තුළදී වරදේ ස්වභාවය අනුව කනේ පාරවල් ගැසීම සිදුවෙයි.. මෙය විශ්ව විද්‍යාලවල නවකවදය මෙන් මානසික විකෘතිතාවයක් ලෙස තමන්ට වූ දේම තමන්ට පහළ කණ්ඩායමට සිදු කර වින්දනයක් ලබන අතර ඒ පහර කෑමට ලක්වෙන සිසුන් පාසලේ අනෙක් සිසුන්ට පහර දී තම පීඩනය පිට කරයි... මේ නිසා කණිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ද ඔවුන්ගේ ජේෂ්ඨයන් මෙන්ම හැසිරෙන අතර එය පරම්පරාවට යාමක් සිදුවෙයි,..

සරලවම ගතහොත් පරපීඩක කාමුකත්වය වන මෙය මානසික ආබාධයකි..

එමෙන්ම කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ජේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් දුටු විට පුටුවෙන් නැගිටීම.. good morning අයියෙ. good day අයියෙ කියා හිස පහත් කර කීම ද සමහර පාසල් වල සම්ප්‍රදායන් වී ඇත.. එසේ නොකරන අයට කනේ පාර කෑමට සිදුවෙයි...
ඕන ගොනෙක්ට බලෙන් ගරු කරවා ගන්නා කොඳු නාරටිය බිඳ හෙළන දුර්වල පෞරුෂයක් ඇති පිරිසක් බවට නායකත්වයට එළඹි මුල්ම අවස්ථාවේදීම සිසුන්ව පත් කිරීම අතිශය ඛේදනීය තත්වයකි...

මේ තත්වය ශිෂ්‍ය නායක මණ්ඩල වල මෙන්ම අනෙකුත් සංගම් වලද අඩු වැඩි වශයෙන් දක්නට ඇත..
සමහර සංගම් වල සභාපතිගේ මේසය දෙස බැලීම පවා ගුටි කෑමට හේතුවක් වන තරමටම මේ තත්වය උඩුදුවා ඇති අතර පහර දීම, දණගැස්සවීම සිදුවෙයි...

එසේම ශිෂ්‍ය නායකයන් පාසලේ අනෙක් දරුවන්ට තහනම් භාණ්ඩ වූ ජංගම දුරකතන, pen drives, CD /DVD තැටි වැනි සියල්ලම පාසලට ගෙනෙයි.. මේවා පාලනාධිකාරියෙන් නියාමනය නොවන අතරම පාසල් සිසුන්ද තම මිත්‍ර ශිෂ්‍ය නායකයන් හරහා මෙවැනි දේ සිදු කරයි..
බැජ් එකක් ගැසීම නිසා ඔවුන් විශේෂ වරප්‍රසාධිත පිරිසක් වූයේ කෙසේද..?

සැබැවින්ම මේ දරුවන් මේ තත්වයට වැටුනේ ඇයි...

ශිෂ්‍ය නායකයන් යනු ද දරුවන්ය.. ඔවුන්ට සිදුවී ඇත්තේ පාසල් පාලනාධිකාරියේ ඇති වැරදි පාලනය නිසා වඳුරාට දැලි පිහිය අහු වුණා වැනි දෙයකි.. එබැවින් මේ පිළිබඳ විදුහල්පතිවරුන් ඇතුළු බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මේ දරුවන් මානසික රෝගීන් වී සමාජයට පිළිළයක් වන තත්වයෙන් මුදවාගත යුතුය...
ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුය..

ඔවුන්ට අනුකම්පා කළ යුතුය..
ඔවුන් කරන්නේ ඔවුන්ට ලැබුණ වරප්‍රාසද උහුලා ගැනීමට නොහැකි වීම හා ඇතිවී තිබෙන පීඩනය පිට කිරීමයි...
නියමාකාර නියාමනයක් නැති තැන් වල ඔය තත්වය කාටත් පොදුය..

බලය අනිසි ලෙස භාවිතා කරන වුන්...
තම බලයෙන් මහජනයා පීඩාවට පත් කරන වුන්....
අනෙකා පීඩාවට පත් කර සතුටු වන තිරිසනුන්...

 වන්නේ කලක් දරුවන් වී සිටි අයය...
මේ දරුවන් වැරදි මගට වැටී තිබෙන්නේ වගකිවයුත්තන්ගගේ ක්‍රියාකලා
එබැවින් මේ දරුවන්ට නිවැරදිව නායකත්ව යනු කුමක්ද යන්න වටහා දීම හා මේ මාෆියාවෙන් අනෙක් අහිංසක දරුවන් ගලවා ගැනීම බලධාරීන්ගේ වගකීම වන අතර දෙමාපියන්ද අනෙක් සිසුන්ද මෙය වටහා ගත යුතුය...

දෙමාපියනි.. ඔබේ දරුවාට පහර දීමට හෝ කිසිදු කායික මානසික හිංසාවක් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ඒ නිසා පාසල් තුල සිදුවන මේ විකාර වලට විරුද්ධ වන්න...

නංගි මල්ලි..
ලංකා නීතිය මගින් සියලු ආකාරයේ කායික මානසික හිංසා වලින් වැළකීමට ඔබට අයිතියක් ඇත.. නීතියෙන් ඔබව සුරක්ෂිත කර ඇත.. එබැවින් එසේ ඔබේ අයිතිවාසිකම් කඩවීමට එරෙහිව හඬ නගන්න.... ඔබේ පාසලේ අනෙක් සිසුන් , බලධාරීන් දැනුවත් කරන්න.. එමෙන්ම ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට මානව හිමිකම් කොමිසම, ළමා ආරක්ෂක අධිකාරිය හා අධිකරණ පද්ධතිය ද පොලීසිය , සිවිල් සංවිධානද ඇත...

විනය යනු,  තවකෙක් පාගා ඇති කළ හැකි දෙයක් නොවේ.. එය ආදර්ශයෙන් , දියුණු මානසික ක්‍රියාවලියකින් ඇතිකළ යුත්තකි...

එබැවින් වැරදිපාරේ ගොස් මානසික රෝගීන් වී සමාජගත වීමට නියමිත ශිෂ්‍ය නායකයන් හා හිංසාවට ලක් වන දරුවන්ද අපේ රටේ දරුවන්ය,,
මේ තත්වය නිසා දුර්වල පෞරුෂ ඇති පුද්ගලයන් එක්වන්නේ අපේ සමාජයටයි....
එබැවින් මේ සියළු දරුවන් මෙයින් මුදවා ගැනීම බලධාරීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන අතර ඒ ගැන හඬ නැගීමට සමාජයම එක්විය යුතුය...

( මේ සියල්ල තවමත් සිදු වෙමින් පවතින ඔප්පු කළ හැකි සත්‍ය තොරතුරුය )

#අකලංකාරය
චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. monavata kiyanvad? ශිෂ්‍ය නායකයන්ට සිසුන්ට ගහන්න අවසරත් තියේද?

    ReplyDelete
  2. එහෙම තියනව කියලා හිතන් ඉන්නවා

    ReplyDelete