Saturday, December 3, 2016

තවත් ත්‍රීවිල් කාරයෙක්


අයියෙ කීයද ආයුර්වේදෙ ගාවට..
150ක් දෙන්න මල්ලි..
ආපෝ වැඩියිනෙ කිලෝමීටරයක්වත් නෑනෙ..
යන්න බෑ ට්‍රැෆික් මල්ලි මේ වෙලාවට... හරි 120ක් දෙන්න...
යං..

අයියලා ස්ට්‍රයික් නැද්ද..
දඩේ නං වැඩියි.. ඒ උනාට ගෙදර හිටියම පොඩි උන්ට කන්න දෙන්නෙ කවුද... ගුටි කෑවත් දුවන්නෙ ඒකයි..
හ්ම්..
............

අර ගවුම ලස්සනයි නේද මල්ලි..
කෝකද
අර කහපාට එක..
ආ..
කීයක් වෙයිද දන්නෑ...
අනේ මන්දා ටිකක් ගණං ඇති..
පොඩි එක්කෙනාට අරන් දෙන්න හැදුවෙ.. එයා ආසයි ගවුම් වලට..

අයියෙ අපිව ඉස්සරහින් දාන්න..
හරි..
ආ අයියෙ සල්ලි..
මාරු 20ක් නැද්ද මල්ලි...
නෑ කමක් නෑ 50 තියාගන්න...
.

.
.
ඊයෙ බොරැල්ලෙදි ත්‍රීව්ල් අයියා කෙනෙක් එක්ක කරපු කතාවක්..
අපි දකිනවට වැඩිය ලෝකෙ හරි වෙනස්.. හැම මනුස්සයෙක්ටම හීන තියනවා...
දුවනවා.. හීන එක්ක.... ඒව හැබෑ කරගන්න..
මිලක් නියමවෙනවා හීන වලට....  ගුටි කෑවත් දුවන්නෙ ඒක වෙන්නැති.... පුදුමයි..
ජීවත් වෙන්න උත්සහ කරනවා.. මැරෙනකන්ම.... මගේ රුපියල් 30න් ගවුම අරන් දෙන්න බෑ කියලා මම දන්නවා.. හැබැයි ඒ වෙලාවෙ ඊට වැඩිය දෙයක් මට කරන්න තිබ්බෙ නෑ.. බොරැල්ලෙ හිටපු මාව කිලෝමීටරයක් එද්දි පොඩි වචන ටිකකින් වෙනස් උනා..
හෙටත් බොරැල්ලෙ යද්දි කඩේ වීදුරුවෙන් ඩමියට අන්දපු කහපාට ගවුම පේද්දි තාත්තා කෙනෙක්ගෙ අහිංසක හීනෙ මතක් වෙයි...
ඔව් ඒ ත්‍රීවිල් කාරයෙක්...
 තාත්තා කෙනෙක්... ඒත් තව එක මනුස්සයෙක්.. ලෝකෙ එක්ක තරඟෙට දුවන.. හති වැටී වැටී දුවන.. මැරෙනකන්ම..
.
.
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. එළ....
    හැමෝම කියන එකේ අනිත් පැත්ත! ඒ කියන්නෙ නොකියන පැත්ත කියන්න ට්‍රයි කරපං...
    හැමෝම කියන එක කියන්න ඕන නෑනෙ
    ඒක කියන්න හැමෝම ඉන්නවනෙ

    ReplyDelete
  2. බොහෝ වෙලාවට ත්‍රීවීල් අයියල එක්ක යන නිසා බොහෝ කතා අහන්නත් ඒවාට යම් උදව්ද කරමින් යන්න මටත් පුලුවන් වෙලා තියෙන්නෙ වාහන කටුවක් නැති නිසාත් ඕව එලවන්න බැරි නිසාත් වෙන්නැති. සමහර කතා හරි පුදුමයි. යන කස්ටමර් එක්ක කතාවට වැටුනොත් බොහොම පුද්ගලික දේ පවා කියල යම් සැහැල්ලුවක් මේ ත්‍රීවිල් අයියල බලාපොරොත්තු වෙනව. ඒ කොහෙන්වත් කරුනාවක්, සහනයක් නැති නිසාත් වෙන්නැති.

    ReplyDelete
  3. හුඟක් තාත්තලා එහෙම තමයි. තමන්ගේ දරුවන්ට කැමති දේවල් අරන් දෙන්න බැරි උනාම හිතින් අඩනවා.

    ReplyDelete