Saturday, January 28, 2017

එදා රෑ ගුවන් තොටුපලේදී මා...



===ගීතයක අරුත දැනගමු " ගීතයටාරුතක්"===

වෙබ් අඩවි කිහිපයකම ගීත වලට අරිසෙන් අහුබුදු පරදන අර්ත විවරණ දී තිබූ නිසා අද අකලංකාරයෙහි ගෙනෙන විශේෂාංගය වන්නේ "ගීතයටාරුතක්" වැඩසටහනයි..

ඒ සඳහා අද මා තෝරා ගන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ " එදා රෑ ගුවන් තොටුපලේදී මා " ගීතයයි..

ඔව් මේ ගීතය ගැන කියනවනම් මෙය තුල පිටින් පෙනෙනවාට වඩා බඹ ගණනක ඉතාමත් ගැඹුරු අර්ථයක් ගර්භාෂ ගත වී තිබෙනවා..

හොඳයි අපි එය විමසමු...

'"
එදා රෑ ගුවන් තොටුපොළේ දී මා
වෙන් වී ගියේ සිතකින් නොවේ...//

නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ....

එදා රෑ...

ඒ වන තුරු ‍රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතවුණේ....

එදා රෑ....
                      ""

මේ ගීතය ලියැවෙන්නේ තරුණයන් රට රැකියා වලට යාමට පටන් ගත් මුල් අවධිය තුලයි.. මේ ගීතයේ කියැවෙන තරුණයාද කොරියාවේ රට රැකියාවකට යාමට පෙරුම් පුරා සිටි අයෙක්..

 ඔහුට පෙම්වතියක් සිටි අතර සිටි  ඇගේ නිවසින් ඔහුට බලපෑම් කෙරුණේ රැකියාවක් නොමැති නිසා වහාම විවාහයට පෙර රැකියාවක් සොයා ගන්නා ලෙසයි.. නැතහොත් දුව කැන්දාගෙන යාමට ඉඩ නොදෙන බවයි..
මෙයින් බොහෝ සිත් තැවුලට පත් වී සිටි ඔහු රැකියාවක් සොයා වෙහෙසුනා..



ඔහුට රට රැකියාවකට යාමට සිතුනේ මේ අවස්ථාව තුළයි.. මේ සඳහා ඔහු වසර දෙක තුනක්ම වෙහෙසුන අතර ඒජන්සි කාරයන් සිය ගණනක් පසුපස ගියත් සාර්ථක වුණේ නෑ..

නමුත් අවසානයේ වෙනත් ක්‍රමයකින් කෙසේ හෝ ඔහුට රට රැකියාව ලැබෙන අතර වසර ගණනක් දිවා රෑ දැක සිටි පෙම්වතිය දමා කටුනායකින් පිටව යාමේදී ඇතිවන ශෝකබරිත මොහොත ගැනයි පළමු දෙපදයෙන් කියවෙන්නේ...

"එදා රෑ ගුවන් තොටුපොළේ දී මා
වෙන් වී ගියේ සිතකින් නොවේ..."

නමුත් ඔහුට රැකියාවක් සොයා ගැනීමට බොහෝ කලක් ගතවූ නිසා පෙම්වතිය වගේම පවුල් වල අයද ඔහු සමග අමනාපයෙන් සිටි නිසා එදා ඔවුන් පැමිණියේ නෑ...

නමුත් මෙහි විශේෂ පුද්ගලයෙක් ගැන කියවෙනවා
ඒ තමයි ආසිරි..

මේ තරුණයාට රට යාමට නොහැකිව සතර අත ඇවිදිමින් සිටින විට ඔහුට මිතුරෙකුගෙන් දැනගන්නට ලැබෙනවා ආසිරි මහතා ගැන.. ඒ කාලයේ ආසිරි මහතා ගණ දෙවියන් යහළු කරගෙන සිටියේ නැති අතර යහළු කරගෙන සිටියේ ක්‍රිෂ්ණා දෙවියන් පමණයි..
ක්‍රිෂ්ණා දෙවියන් යහළු කර දී කොරියාවට වීසා ලබා දෙන්නේ අවසානයේ ආසිරි මහතා විසින්..

"නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ...."

මේ පද වලින් ව්‍යංගාර්තෙන් කියැවෙන්නේ නෑයන් යහළුවන් හෝ පෙම්වතිය පවා අහක බැලූ විට ඔහුට පිහිට වූයේ ආසිරි මහතා බවයි.. නමුත් ඔහුට පෙම්වතිය මතක් වූ ඇතිවූ ශෝකයද යම් තාක් දුරකට ගැබ් වී තිබෙනවා..

"
ඒ වන තුරු ‍රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතවුණේ.... "

අවසාන පද පේලියෙන් කියැවෙන්නේ..
මේ පෙම්වතා සාමාන්‍යයෙන් සියලු දේ පෙම්වතියට කියන නිසා ආසිරි මහතා ක්‍රිෂ්ණා දෙවියන් යහළු කර වීසා ලබා දුන් කතාව කීමට සිටියද ඇය තරහවී සිටි නිසා එය කීමට නොහැකි වූ බවයි..

ගීතයටාරුතක් වැඩසටහන මෙතකින් නිමයි..
ස්තුතියි

#ගීතයටාරුතක්
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. ඒ කියන්නෙ ආසිරි මහතා ඒ කාලෙ ඉඳලම පොරක්. හැක්..

    ReplyDelete
  2. මේ ගීතයට මමනම් කැමතිම පුහු ආටෝප කතා නැතුව කෙලින්ම ගමන ගැන කියන නිසා. වෙන එකෙක් කිව්වනම් කියන්නෙ මම හිතින් ආයෙ මෙහේ එනව ගතින් පමනක් යනව වගේ මනෝ විකාර​.
    ඒත් මේ මනුස්සය කෙලින්ම කියනව මම ගියේ හිතකින් නොවේ කියල​. එයාපෝර්ට් යන්නෙ ප්ලේන් එකකින් යන්න මිසක් හිත දියුනු කරපු එර්දි බල ගමනක් යන්න නෙවෙයිනෙ.

    ReplyDelete
  3. නියමයි ... නෑ සිය මිතුරන් පැමිණීලා
    ආසිරි සුභ පැතුම් පැතුවා
    ඔබ නාවෙ ඇයි මිහිරියේ...." නෑදෑයින්ට නෑ කියලත් කියන්වනේ... නෑදෑයින් හිතමිතුරන් පැමිණිලා ආසිරි පැතුවට පෙම්වතිය ආවෙ නෑ වගේ එකක් මට හිතෙනවා... මට හිතෙම විදිහ වැරදි ඇති... මේ ගීත වල අරුත් එක්ක මුල් ගායකයන් පද රචකයන් ඒ ගීත ගැන දක්වපු අදහසත් දැම්මනන් වටිනවා...

    සදකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ අරුතත් ලියන්න කියලා යෝජනාවක් කරනවා... මොකද මාතර ආච්චි චිත්‍රපටය නොබලා මේ ගීතය ගැන අමු බොරු විචාර තියෙන හන්දා...

    ReplyDelete
    Replies
    1. හුකා.. මිතිලට හිතෙන විදිය වැරදියි .. මේ පොල්වත්තයා අලංකාරව ලියලා තියෙන විදිය තමයි හරි.. හැක් ..

      Delete
  4. මෙතැන "ලත" වුණ නිසා පොරට එයා කොරියා ෆ්ලයිට් එකත් තව පොඩ්ඩෙන් මිස් වෙනවලු නේද? ආසිරි කරපු උදව්ව ගැන නොකිව්වනම් කොහොමටත් මිහිරි තරහ වෙන්න තිබුණා මම හිතන්නේ ..

    ReplyDelete
  5. සිංහල ගීත සාහිත්‍යට වැරදි අර්ථකතනදීල, ඒවා බයිට් එකට ගන්න එපා යකෝ. උඹල වගේ උන්ට ලියන්න නිදහස තිබුණට, ඒක වල් බූරු නිදහසක් නෙවෙයි. බ්ලොග් කියන්නෙ ප්‍රසිද්ධ මාධ්‍ය, මේවා ඉස්කෝලෙ යන කොල්ලො කෙල්ලොත් බලන්න පුළුවන්. අනික ඔය ගීත පද රචකයන්ට උන්ගෙ ගීත දරුවො වගේ. උඹ කරන්නෙ උන්ගෙ දරුවන්ව අපචාරයට ලක් කිරීමක්. මට පුදුමෙ බ්ලොග් ලියන සමහරක් ඉහ නිකට පැහිච්ච එව්වොත් බුකියෙ ඉන්න පැඟිරි කොල්ලො වගේ මෙව්වට උඩගෙඩි දීමයි.

    ReplyDelete