Tuesday, February 28, 2017

ඊනියා කේක් විරෝධය හා සමන්තභද්‍ර




රහත් බව මැනීමට මීටරයක් නැති නිසා සමන්තභද්‍ර රහත්ද නැත්ද කියා මම දන්නේ නැත. ඔහු රහත් වුණත් නැතත් මට ගානක්  නැත.
නමුත් සමන්තභද්‍ර ට ඇතිවන විරෝධය පොඩ්ඩක් බැලුවොත් එහි වෙනසක් ඇත.
එය ඊනියා විරෝධයකි..!!

පොඩ්ඩකට හිතමු සමන්තභද්‍ර දැන් ඉන්නවා වගේ ඉන්නෙ නැතුව..

ජාතිය ආගම රැකපන්ඩෝ..
මේක අපේ රට ඩෝ..
නජජ්ජා වසලෝ හෝතී අදාල නෑ ඩෝ.. සිංහලයා විතරයි යකෝව්.. කියා පාරක් ගානේ දෙමල්ලු තම්බි කපන්න ගියානං..
සිවුර උස්සාගෙන රෙදි කඩයක් ගිනි තියන්න වැඩියනං...
අහවල් එකා ඇමති කරව් ජනාධිපති කරව්. අගමැති කරපියෝ.. අරක සැපද මේක සැපද අසමින් හංදියක් ගානේ මීටින් වල බෙරිහන් දෙමින් පක්සෙකට හෝ මොකෙක් හෝ දේසපාලුවෙකුට කඩේ ගියානං..
හොර උපාධි කඩේ වහපිය ඩෝ..
නිදහස් මෙව්වා එක රැකපන් යකෝව් ගා උද්ඝෝෂණ වල කඳුළු ගෑස් කෑන් පොලීසියට විසි කලානං..
උසාවි වල තාප්පවල් උඩ නැගගෙන බැරියර් පෙරලා දැඟළුවානං..



අහවල් ජෝතිස කාර්‍යාලය කියා කාමරයක් කුලියට ගෙන හඳහන් බැලුවනං..
දේවාරූඩයෙන් සාත්තර කීම.. කල්ලු මලයාලම් ස්ත්‍රී පුරුස වසී ගුරුකම්..  දරුඵල ලබා දීම් කියා පත්තරේ ඇඩ් එකක් දමා තිස්තුන් කෝටිය විකුණං කෑවනං..
ඒවට විරුද්ධ වෙද්දි අපේ අක්මුල් යකෝ.. රූපවාහිනීය වහනවා හු&@%# කියා දැඟළුවනං.........

අනී අපේ රහතන් වහන්සේ..
අපේ සඟරජතුමා...
සංස්කෘතිය රකින්න ආ මුර දෙයියා...
රට ජාතිය ආගම නිදහස් මෙව්වා එක වෙනුවෙන් පෙනී ඉන්නවා දෙයියනේ අර බලන්න සාධු සා..ධු සා....ධු...!!!

කියා ඔය බනින අයියලා.. උපාසක අම්මලා හැමෝම පෙරළි පෙරලී වඳින හැටි බලන්න තිබුණාය...

සිංහලේ රහත් රජු..
කෙළක් පරයන් නැසීමට පැමිණි අපේ සමන්තභද්‍ර..
සයිටම් සටනට රහතන් වහන්සේත් ධනපති රජයට එරෙහිව බැරියර් පෙරලයි..

ආඩම්බරයි නං සෙයා කරන්න කියා දඟලනවා බලන්න තිබුණාය...

ඒ මුකුත් දැන් නැත..

කේක් ගෙඩියක් කැපුවා කියා කුණු බිත්තර ගසා ඇත..

ලංකාවේ දායක සබා ලොජික් වලට අනුව මස් මාළු දැල්ලො කකුළුවො බිත්තර ඉස්සො මුලින්ම වළඳා ඇති හිමිනම සමන්තභද්‍ර ය..
ලස්සන උපාසක අම්මලාට කියා මුලින්ම දානෙ බෙදාගෙන ඇත්තේ සමන්තභද්‍ර ය.
බුද්ධාගම රැකගන්න අනිත් උන් මරපන් කී උන්ටත් වඩා ලංකාවෙ ධර්මය විකෘති කර ඇත්තේ සමන්තභද්‍ර ය..

ඕනතරං මස් මාළු දානෙට ඉල්ලා වළඳන  හාන්දුරුවො ඉද්දි..
මිනී මරන්න, කපන්න කොටන්න කැති ගාන්න කතා කරන හාන්දුරුවො ඉද්දි..
සිවුර ආයුධයක් කරගෙන කඩවල් වලට පැනලා රටේ නීති කඩලා තග දාන හාන්දුරුවො ඉද්දි..
අම්මා මරලා අලි පැටියව ගෙනල්ලා පන්සල ඇතුලෙ හංගගෙන ඉන්න මහානායකලා ඉද්දි..
මිලියන ගණන් වියදම් කරලා සමන්තභද්‍ර බර්ත්ඩේ පාටිය දානව වගේම පෙරහැරවල් කරන හාමුදුරුවෝ ඉද්දි. ( පෙරහැරට කැමති අය පෙරහැර හොඳයි කියනව වගේම සමන්තභද්‍රගෙ අනුගාමිකයොත් බර්ත්ඩේ පාටිය හොඳයි කියනවා )

ඇයි මේ සමන්තභද්‍ර කේක් ගෙඩියක් කැපුවම දායක සබාවට රිදෙන්නෙ..

සමන්තභද්‍ර කෙරෙහි ලංකාවෙ සමාජෙ ඇතුලෙ තියෙන්නෙ ඊනියා විරෝධයක්...!!

ඒ කියන්නෙ ලංකාවෙ දායක සබාව බලාපොරොත්තු වෙන සාම්ප්‍රදායික හාමුදුරුවො භූමිකාව සමන්තභද්‍ර රඟපාන්නෙ නෑ.. ඒක හින්දා ගොඩක් දෙනෙක්ගෙ ආතල් කුඩු වෙනවා..
ඒ ඇරියස් එක තමයි කේක් ගෙඩියක් පිට දාලා අල්ලන්නෙ...

ඒකයි සමන්තභද්‍ර කරන හැමදේම කරන හා ඊට වැඩි අපරාධ කරන අය ඉද්දි සමන්තභද්‍ර ව විතරක් පේන්නෙ..

විරෝධය නිවැරදියි නං ඒක එල්ල වෙන්න ඕනෙ බුද්ධ දේශනාව කියන තර්කය මත..
ඒ කියන්නෙ සමන්තභද්‍ර දේශනා කරන ධර්මය හා බුද්ධ දේශනාවයි හප්පන්න ඕනෙ..
හැබැයි අපේ අය හප්පන්නෙ කේක් ගෙඩියයි මාළු ඔලුවයි..

එහෙම ලොජික් දානවනං අනිත් හාන්දුරුවොන්ටත් දාන්න ඕනෙ..
ඇයි එහෙම නොවෙන්නෙ. අර මම කලින් කියපු අපේ අය බලාපොරොත්තු වෙන රාමුව ඇතුලෙ එයාලා හැසිරෙන හින්දා..

උදාහරණයක් විදිහට හිතන්න සමන්තභද්‍ර මාලිගාවත්තට ඇවිල්ලා මුස්ලිම් එකෙක්ට සද්දයක් දැම්මා කියලා..
එහෙනං ඔය කෑගහන කස්ටිය මොකක්ද කියන්නෙ..

"මස් මාළු ටිකක් කෑවට මොකද රට ජාතිය වෙනුවෙන් කතා කරනවනෙ.."

කියලා..

අන්න ඒකයි කිව්වෙ අපේ දායක සබාව කරන්නෙ බොරු විරෝධයක් කියලා..

සරලවම කියනවනං අපේ අය බලාපොරොත්තු වෙන සම්ප්‍රදායික හාමුදුරුවෝ චරිතය සමන්තභද්‍ර රඟපාන්නෙ නෑ... ඒක වෙනුවෙන් කරන විරෝධයක් මිසක් ධර්මය රැකගන්න කරන සැබෑ විරෝධතාවයක් නෙමෙයි..
ධර්මය රැකගන්න කරනවනං අර කලින් කියපු ජාතියෙ හාමුදුරුවෝ ඕන තරන් ඉද්දි සමන්තභද්‍රව විතරක් පේනව කියන්නෙ ලෙඩක්..

ලංකාවෙ සිංහලබෞද්ධ ( තනිවචනයකි ) සංස්කෘතිය ඇතුලෙ හාමුදුරුවෝ කියන උපසංස්කෘතියක් හැදිලා තියනවා.. ඒකට උචිත නිර්ණායක ගොඩනැගිලා තියනවා.. රට ජාතිය ආගම අක්මුල් සංස්කෘතිය අපේකම වගේ තව දේවල්..

තව තව විවිද සංස්කෘති තියනවා..
විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු වගේ..

ඒ දේවල් ටික ඇතුලේ මොන විදිහට හැසිරුණත් ප්‍රශ්ණයක් නෑ... මොන වරද කරලා හෝ අර රාමුව ඇතුලෙ හැසිරෙනවනං සමාජ විරෝධයෙන් ගැලවිලා ඉන්න පුළුවන්..
හැබැයි සමන්තභද්‍රත් අර රාමුව ඇතුලෙ ඉන්න හාමුදුරුවෝ කරන වැරදි කරනවා.. හැබැයි එයා ඉන්නෙ ඒ රාමුවෙන් පිට..
ඒකයි වැරැද්ද එකම උනාට විරෝධය දෙවිදියක් වෙන්නෙ..

ඒ හින්දයි මේ එල්ලවෙන්නෙ ඊනියා විරෝධතාවයක් කියලා කිව්වෙ..

සමහරුන්ට රට ජාතිය රකින්න කඩු පොලු ගන්න අය හොඳයි අනිත් අය නරකයි.. රට ජාතිය රකින්න කඩු පොලු ගන්න අයට විරුද්ධ වෙන සමහරු පාරවල් වල බැරියර් පෙරලගෙන පොලීසිය එක්ක මරාගන්න හාමුදුරුවන්ට හොඳයි කියනවා..
ඔය ඔක්කොම සමන්තභද්‍ර ට බනිනවා..
සමන්තභද්‍ර ට හොඳ කියන අය මස්මාළු කන අනිත් අයට බනිනවා...

ඇත්තටම හාමුදුරුවෝ මනින නිර්ණායකය වෙන්න ඕනෙ බුදුන් දේශනා කරපු ධර්මය..
එහෙම මනිද්දි ලංකාවෙ ඔය කියන බොහෝ හාමුදුරුවෝ වැරදිකාරයො වෙනවා සමන්තභද්‍රත් එක්කම..

නමුත් අපේ අය මනින්නෙ අර මම කලින් කියපු දෘෂ්ටිවාදී තැනින්..
ඒකයි සමන්තභද්‍රට  මෙහෙම විරෝධයක් ඇතිවෙලා අයට මුකුත් නොකියන්නෙ..

ඕක තමයි දායක සබාවෙ ඊනියා කේක් විරෝධය..


ප.ලි..

මම සමන්තභද්‍ර රසිකයෙක් හෝ අනුගාමිකයෙක් නොවෙමි.. ඔහුගේ බණ අසා නැත..  සමන්තභද්‍ර රහත් වුවත් නැතත් මට ගාණක් නැත..  සමන්තභද්‍ර කරන්නේද බිස්නස් එකකි.. ඔහු එය සූක්ෂම ලෙස යම් සමාජ පන්තියක් ඉලක්ක කර සිදු කරයි..
 ඔහුගේ ක්‍රියාපිළිවෙලට මගේ විවේචනයක් ඇත..නමුත් ඒවා සිදු කරන හැම කෙනාටම එක සේම විරුද්ධ වනවා විනා සමන්තභද්‍ර කියා විශේෂ ඊනියා කේක් විරෝධයක් මට නැත..
මම භික්ෂුව මනින්නේ බුද්ධ දේසනාවට අනුව විනා එක එකා හදාගන්නා දෘෂ්ටිවාදී තැනින් නොවේ..
ඒ නිසා වැරදි කොනින් අල්ලා ගැනීමෙන් වළකින්න..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ


15 comments:

  1. ම්ම් ඒකත් එහෙමද

    ReplyDelete
  2. එකඟයි.... හැබැයි ප්‍රශ්න ඇත. ඒවා නොගිනිය හැකි තරම් කුඩාය

    ReplyDelete
  3. ගොඩක් චීවරධාරීන් කරන්නෙ බෞද්ධයින් තුල චීවරයට සංඝරත්නයට තියන ගෞරවය පාවිච්චි කරල තමන්ගෙ බිස්නස් එක කරගන්න එක.
    දායක සභාව කරන්නෙ තමන්ගෙ මානසික මට්ටමට සෙට්වෙන දේවල් කරන එකාට හුරේ දාන එකයි අනිත් එවුන්ව (සිංහල බෞද්ධයන් විදිහට එහෙම කරන්නම ඕන නැත්තං ජාතිය ආගම සගිරිස්කුතිය ඕව රැකගන්න බෑ )ශුද්ධ සිංහලෙන් පට්ට ගැහීමයි

    ReplyDelete
  4. //ලංකාවෙ සිංහලබෞද්ධ ( තනිවචනයකි ) සංස්කෘතිය ඇතුලෙ හාමුදුරුවෝ කියන උපසංස්කෘතියක් හැදිලා තියනවා.. ඒකට උචිත නිර්ණායක ගොඩනැගිලා තියනවා.. රට ජාතිය ආගම අක්මුල් සංස්කෘතිය අපේකම වගේ තව දේවල්..

    තව තව විවිද සංස්කෘති තියනවා..
    විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂු වගේ..// එකඟයි..

    මටනම් ඔවුන් ඔක්කොම තිත්තයි.. :(

    ReplyDelete
    Replies
    1. හරි හරි... ඔක්කොම තියෙනවා.... එකක් විතරයි නැත්තේ - බුදුන් වදාළ ධර්මය

      Delete
  5. රහත් වුනාම සැප සම්පත් ගැන තියෙන ආශාව අඩුවෙනවයි කියලා තමයි මම නම් අහලා තියෙන්නේ..එත් මේක ?

    ReplyDelete
  6. ඔය වැඩියෙන් කතාකරන මීඩියා වලට කැමති හාමුදුරුවරුන්ගෙන් අඩුවෙන්ම හානිදායක සමන්තබද්‍ර මං හිතන්නෙ. එයාට පිස්සු කියල අපිට ප්‍රශ්නයක් නෑනෙ. අනිත් අයත් ඕනෙ තරම් බුද්ධාගම තමන්ට ඕනෙ විදිහට දෙසා බාන්නෙ

    ReplyDelete
  7. සමන්ත භද්‍ර හාමුදුරුවෝ හොන්ඩ අදෙෂනාවක් කරලා තියනවා මම දැක්ක. මම එකේ ෆේස් බුක් එකෙත් ෂෙයාර් කලා. ගොඩක් හමුදුරුවරුනට අඩිය කියවල් තියෙන වග පේනවා. නමුත් සමහර ඒවා - අර මල් අතුරාගෙන යන ඒවා නම් මට දිරවන්නේ නැහැ. හැබැයි එත් ඉතින් එයාගේ වැඩක්නේ.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න වැරදියට ටයිප් වෙලා. සමන්ත භද්‍ර හාමුදුරුවෝ හොඳ දේශනාවක් කරලා තියනවා මම දැක්ක. මම ඒක ෆේස් බුක් එකෙත් ෂෙයාර් කලා. ගොඩක් හාමුදුරුවරුන් ට වැඩිය කියවල තියෙන වග පේනවා. නමුත් සමහර ඒවා - අර මල් අතුරාගෙන යන ඒවා නම් මට වැඩිය දිරවන්නේ නැහැ. හැබැයි එත් ඉතින් එයාගේ වැඩක්නේ.
      https://www.youtube.com/watch?v=QEWrKLbzERc

      Delete
    2. දුපතේ හිර වුණා ඇති. එලියට යන්න. ගවේෂණ කරන්න - වගේ දෙයක් කියනවා.

      Delete
  8. //ඇත්තටම හාමුදුරුවෝ මනින නිර්ණායකය වෙන්න ඕනෙ බුදුන් දේශනා කරපු ධර්මය..//

    ඔන්න ඔන්න කොලුවෝ උඹත් GMOA වෙන්ඩ යනවා.
    ඊළඟට කියයි Sri Lanka Bhikku Council එකක් දාල, 'ප්‍රමිතිය'ක් හෙම හදල හාන්දුරුවෝ ගොල්ල රිජිස්ටර් කොරන්ඩ කියල හිටන්.
    හැබැයි ඉතින් සයිටම් වගේ ප්‍රයිවෙට් පන්සල් ඔක්කොම හදල... නඩු ගිහිල්ල.... GBhiA ඉට්ටයික් කොරල, දාන වලට වඩින්නේ නැතුව, පාන්සුකුල දෙන්නේ නැතුව. නෑ නෑ ඔව්ව දැන්ම කතාකරලා වැඩක් නෑ

    ReplyDelete