Monday, September 11, 2017

#මහින්දබුද්ධාගම



රහසින්වත් පවු නොකලායැයි කියන , අන්සතු දෙයක් සොරකම් කිරීමට සිතෙහි ඇති වන සිතුවිල්ලම වැරද්දක් බව දේශනා කල, බොරුව වංචාව ප්‍රතික්ෂේප කල බුදුන් හැඳ සිටි චීවරය දරා සිටින මේ මහින්දසංගයා විසින් රකින්නට උත්සහ කරන්නේ ජනාධිපතිවරණයක් අවස්ථාවකදී එවකට ජනාධිපති මහින්ද රාජපක්සගේ නියෝගයකට අනුව තම මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතා මුදල් මිලියන 600ක් අයතා ලෙස යොදවා මැතිවරණ අල්ලසක් ලෙස සිල් රෙදි බෙදා දී මැතිවරණ දූෂණ සිදුකළ , රාජ්‍ය නිලධාරීන් ලෙස පක්ෂග්‍රාහී ලෙස හැසිරුණ කුප්‍රකට රාජ්‍ය සේවකයන් දෙදෙනෙක්ව ය.

ඒ අනුව මේ මහින්දසංගරත්නේ විසින් remix කරන ලද  "මහින්දබුද්ධාගමේ" නව සික්ෂාපද..

1)
මහින්ද හිතවත්තෝ අදින්නාදානා කප්පති

(යමෙක් මහින්ද රාජපක්සට හිතවත් නම් ඔහුට සොරකම් කිරීමට කැපය)



2)
රාජ පුරිසං මහින්දේන මැතිවරණං අල්ලසං කප්පති
(රාජ්‍ය නිලධාරීන් මහින්ද රාජපක්සගේ මැතිවරණ ව්‍යයාපාරය සඳහා පමණක් ඡන්ද අල්ලස් ලබා දීම කැපය)

3)
අදින්නාදානා සීල රෙද්දං බුද්ධ දර්මේන පුනර්ජීවනං කප්පති

( සොරකම් කරන ලද යමක් වේ නම් එය සිල් රෙදි බෙදාදීමට හෝ බෞද්ධ පුනර්ජීවනය පිණිස යොදවන්නේනම් එය කැපය )

( මේ සික්ෂාපදයට අනුව බැසිල් රාජපක්ස , මහින්දානන්ද අලුත්ගමගේ, අර්ජුන් ඇලෝසියස් රවී කරුණානායක හෝ වෙන ඕනෑම මහජන මුදල් සොරකම් කළා යැයි චෝදනා ලැබ සිටින්නෙකු ඒ මුදල් සිල් රෙදි හෝ බුද්ධාගමේ උන්නතිය වෙනුවෙන් යොදවා ඔහුට මහින්දබුද්ධාගමේ ආශිර්වාදය ලබාගත හැක. වෙලේ සුදාට, සක්විති රණසිංහට ද මෙයු උත්සහ කර බැලිය හැක )

4)
අදින්නාදානා සීල රෙද්දං
බුද්ධ දර්මේන පුනර්ජීවනෝ
රාජ දණ්ඩස්සේ සත්තා
උට්ඨානවතෝ සතිමතෝ
පිණ්ඩපාතං කහාවණු..

( යමෙක් සොරකම් කළ දෙයක් බෞද්ධ පුනර්ජීවනයට යෙදූ කල්හී ඔහු රජයේ දඬුවමට ලක්වේනම් ඔහු බේරා ගැනීමට උත්සාහයෙන් සිහියෙන් කටයුතු කරන්න. මුදල් එකතු කරන්න ( දඩ මුදල් ගෙවීමට ) )

5)
මහින්දෝත්තමේනේන පූජිතං
බුද්ධාගමං බාරකාර
සබ්බේ සත්තා සන්ත්‍රින්ද්‍රියෝ
මහින්දං සාසනස්ස ආයුං..!!

පූජනීය මහින්ද රාජපක්ස උතුමාණන් බුද්දාගමේ භාරකරු ය. සියලු සත්වයන් සියළු ඉන්ද්‍රියන් මෙහෙයවා දැනගත යුතු කරුණ වන්නේ ශාසනයේ ආයුෂය මහින්ද රාජපක්ස බවයි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. නොදකින් පෝස්ටරේ දැක්කම හිරිකිතයි

    ReplyDelete
  2. දෙයියම්පල්ල මේ ගණගෙඩියො රැල ලැජ්ජ නැතුව ඉඳගෙන ඉන්න හැටි රෙද්දකුත් ඇඳගෙන...

    ReplyDelete
  3. මේ කහකඩයොන්ට දවස් තුනක් දානෙ නොදී හිටියනම් බලාගන්න තිවුන දැන් ෂැප.. ද.. කියල

    ReplyDelete