Friday, September 29, 2017

සරණාගතයා

මේ දවස්වල වැඩරාජකාරි අස්සේ සොයා බැලූවිට දැනගන්නට ලැබුනේ....

ඉරාජ්ගේ ගෙදරට ආව රොහින්ගියා සරණාගතයොයි  ඒකාබද්ධ විපක්සෙ සෙට් එකයි අතර තිබ්බ සුහද හමුවකට ආව පියුමි හංසමාලිගෙ දිග සාරි පොට ටීබී ඒකනායකගේ සරමේ පැටලිලා හදිස්සියේ කඩන් වැටුන හින්දා භික්සූන් වහන්සේලාට වෙච්ච අගෞරවය නැතිවීමට සිංහලේ මහසෝං සංග බ්‍රිගේඩ් එක විසින් රුපියල් 90 කට පොල් ගෙඩියක් ගෙන ගසා විභීසන දෙවියන්ට කන්න ලව්වක් සිදු කල බවයි..
..
ඇත්‍තටම කියනවානං ඔය සරණාගත කේස්සෙක ගැන මුකුත් කීමට නොහැකි වී ඇත්තේ අපේ ගෙදර මම සිටින්නේද  සරණාගතයෙක්ට අන්ත තත්වයක නිසාය..
 රොහින්ගියා උන් කොහෙන් ගිහින් හෝ වීසා

 ලබා ගෙන මේ බඩකඩිත්තුවෙන් මකබෑවී කැනඩාව වගේ පුල් මාවලස් රටකට ගියාට මට එහෙම කරන්නට බැරිය.  ( ඔය දැන් රොහින්ගියා උන්ගෙ අම්මා තාත්තා මතක් කරනා එකෙක්ගෙන් නිකමට කැනඩාවට වීසා අරන් දෙන්නද කියා අහනා එක වෙනම සීන්නෙකක් ය..)

  මගේ කාමරේ අතුගා සුද්ද කර දැමුවේ නැත්තං මට පවුල් සංස්ථාවෙන් ඉල්ලා අස්වීමට සිදුවන බව අම්මා නිතරම තර්ජනය කරයි. අන්තිනට කාමරේ අතුගානා විට කිම් ජොන් උන් ඉස්කෝලෙත් යනවාය.  කාමරේ ඇතුලේ කාලයේ වැලිතලාවෙන් වැසීගිය අබිරහස් සවලෙන් ගොඩදැමීම කල යුතු අතර ඩයිනෝසර් පොසිල වල සිට තාජුඩීන්ගේ ඇටකටු දක්වා ඒවා මේවා හමුවිය හැකි නිසා හොරෙන්ම ඕවා කල යුතුය..

මා ගැන බොරු ගොත ගොතා කියනා  cctv ඇන්ටිලාගේ කුණු කතා නිසා මාගේ සරණාගත තත්වය තවදුරටත් දිනෙන් දින වර්දනේ වේ..
අනේ හොඳට හිටිය කොලුවාට මොකක් හෝ වේලා දෙයිහාන්දුරුවනේ කියා පිරිත් ටිකක් කීමට අම්මා මාව පන්සලට ඇදන් යාමට හැදූවිට දැනගන්න ලැබුනේ දැන් හාන්දුර්වන්වාන්සේලාට බුද්දාගම දේසනා කිරීමට අමතරව..

සරණාගතයන් බාබකිව් කිරීම
අංගං පුහුණුව
පොලිස් විමර්සන
සිංහල ජාතිය බෝ කිරීමට ළමයි හැදීම
ත්‍රස්ත විමර්සන කටයුතු
දිගු දුර විහිදුම් මෙහෙයුම්
සල්ලිපාතේ යාම
කඩේ යාම හා ගොට්ට ඇල්ලීම
ඒකාබද්ධ විපක්සෙට පොල් ගැසීම
දෙයියන්ට ටෙලිග්‍රෑම් ගැසීම
සයිටම් වැසීම හා විප්පව කිරීම
හොරු බලාගැනීම

ආදී සයිඩ් බිස්නස් ද ඇති නිසා කාර්‍යබහුල වී ඇති බවයි..

එහෙම වී ඇති එක එක අතකට හොඳවන අතර නැත්තං මටත් සිද්දවන්නේ කොණ්ඩෙත් තියන නිසා ඒක බැඳගෙන පත සන්ග්ලාස් එකක් දමා සරමක් හා සර්ට් එකක් හැඳ මහසෝං බලකායේ යකෙක් කියා ඩෑන් ද මොකාද කියනා පිංගුත්තරයා  සමග හෝ යක්කු බොලව් ඩේසිගෙ පුතෙක් සමග සිංහල ජාතිය බේරා ගැනීමට යාමටය..

කොටි ඉන්න කාලේ දෙහි කප කපා තොවිල් නට නට සිට දැන් සිංහල ජාතිය මතක් වී කිරි විකුණන ගෑනියෙක්ට හෝ වැලේ වැල් නැති සරණාගතයෙක්ට සද්දයක් දමා පොර වෙන කැන්ද හැලපයෙක් හෝ සිවුරුකාරයෙක් කියා එක එකාගෙන් කතා අහගන්නවාට වඩා අමාරුවෙන් උදැල්ලක් සවලක් හොයාගෙන කාමරේ සුද්ද කරගැනීම යහපත් නිසා දැන් මේ බඩු ටික හොයන්න යන ගමන් ෆ්‍රෙන්ස්....

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments: