Thursday, November 2, 2017

දෙමළාට දෙමළ වීම නිසා....

දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්ණය වන්නේ දෙමළට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්ද කියා සිංහලෙන් ඇසීම කියා ද කිව හැකිය. ඒ උන්ට සිංහල නොතේරීම හා වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන තවත් උන් වාද කිරීමය.

නමුත් දෙමළාට දෙමළ වීම නිසාම ඇතිවී ඇති ප්‍රශ්ණය කුමක්ද කියා දෙමළාගෙන් දෙමළෙන්ම ඇසුවොත් දෙමළා දෙමළෙන් දෙන උත්තරේකුත් නැත..
ඒ උන්ට දෙමළ ද නොතේරීම නිසා ය..

 සිංහලයාට සිංහල වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්ණය වන්නේ සිංහලයාට සිංහල වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්ණය කුමක්ද කියා දෙමළෙන් ඇහුවොත් උත්තර දෙන්න දෙමළ දන්නේ නැත.

නමුත් සිංහලයාට සිංහල වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්නය කුමක්ද කියා සිංහලයාගෙන් සිංහලෙන් ඇසුවොත් සිංහලයා සිංහලෙන් දෙන උත්තරේකුත් නැත..
ඒ දෙමළාට දෙමළ නොතේරෙනවා මෙන් සිංහල උන්ට සිංහල නොතේරීමයි..

මුං දෙගොල්ලෝම දන්නා බම්බුවක් නැත.



ඒ මුං දෙගොල්ලෝම තමන්ගේ ප්‍රශ්ණ කියා හිතාගෙන සිටින්නේ විග්නේෂ්වරන් , මහින්ද රාජපක්ස හෝ ජාතිය ඉස්සරහට දමනා ඡන්ද හිඟන්නෙක් තොපිලෑ ප්‍රශ්න මේවාය කියා කියනා උන්ගේ ප්‍රස්ණය.

ඉතින් හත්ඉලව්වේ වෙන හිඟන්නන්ගේ ප්‍රශ්න තොපේ ප්‍රස්න කියලා හිතාගෙන සුපර් මෑන්ට සුපර් මෑන් වීම නිසාම ඇතිවී ඇති ප්‍රස්ණය කුමක්ද කියා... පොලොව කොටන තැන පාර හදන තැන ගිනියං අව්වේ මහ වරුසාවේ කඩේ බස් හෝල්ට් එකේ ලොතරැයි කූඩුවෙ හෑන්ඩ් ලෑන්ඩ් පෝන් වලට කෝල් කර කර ෆේස්බුක් එකේ කොට කොට තොපිට එක එකාගෙන් අහ අහා සිටීම ඇරෙන්න ඕවාට කවදාවත් උත්තර ලැබෙන්නේ නැත..

ඒ තොපි ප්‍රස්න කියා හිතන් ඉන්නා එක බඩකඩිත්තුවක්වත් තොපිට ඒවා කියන උන්ගේ ප්‍රස්න මිස තොපේ ප්‍රස්න නොවන නිසාය..

දැන් හිතනවා..

සිංහල පොලිස් නිලධාරීන් ඉන්න හින්ද දෙමළ උන්ට එහෙ පොලීසිවල ප්‍රස්ණ ය.. ආත්මාභිමානය නැතිවෙනවාය..
ඉතින් ඕක වැරදිද.. .හරිනෙ
අපිත් කැමති නෑනෙ මෙහෙ සිංහල දන්නැති උන්ට ගිහින් පැමිණිලි කියන්න..

ඉතින් ඕයි එහෙමයි කියලා මෙහෙ පොලීසිවල සිංහල උන් ඉඳලා උන් සිංහල උන්ට ගෞරවාන්විතව සලකනවද..
නෑනෙ නෑනෙ..

පොලීසිය ගියාම ඕඅයිසීගෙන් ණයක් ඉල්ලන්න ආවා වගේ අත්දෙක බැඳන් කොන්ද නවාගෙන ඔලුව කස කස ඉන්නෙ ගොඩක් උන්.. පොලීසි මොකක්ද බං බුද්දසාසන අමාත්‍යාංසෙට ගියත් ඔච්චරනෙ.

දැන් රතුපස්වල වෙඩි තිබ්බෙ දෙමළ හමුදාවද..
ප්‍රභාකරන් ගැහුවා වගේම කැරළි දෙකක්ම කෙළලා ඇරිය විජේවීර දෙමළද..

නෑනෙ..

මට පේන විදිහට ඒ දවස්වල මොන මොන ප්‍රස්න තිබ්බත් දැන් උතුරට විශේෂයෙන් තියෙන්නෙ එක ප්‍රස්නයයි..
ඒක තමයි යුද්ධෙ ප්‍රශ්නෙ..
අතුරුදන් වෙච්ච මිනිස්සු ගැන හොයන එක.
පාරම්පරික ඉඩං ටික බෙදලා දෙන එක වගේ උදාහරණ..
ඒ දේවල් ටික අනිවාර්‍යයෙන් වෙන්න ඕනෙ කියලා ඔලුවක් තියන ඕන එකෙක්ට තේරෙන්න ඕනෙ..
( සිරිසේන ඉඩං ටික කොටියට දෙනවා කිව්වට බැසිල් ලොක්කා ලඟදි උතුරට ගිහිනුත් කිව්වනෙ ඉඩං ටික බෙදලා දෙන්න ඕනෙ කියල. ඉතින් බයියන්ට නටන්න හේතුවකුත් නෑ )

 ඔය විශේෂ ප්‍රස්ණ වලට ඉක්මන්ට විසඳුම් දෙනවනං කල්පනා කරලා බලන්න උන්ටයි දකුණටයි ඒ ඇරෙන්න දෙමළ හෝ සිංහල වීම නිසාම ඇති ප්‍රස්නෙ මොකක්ද කියල..

ඔක්කොම ඇන්දිලා ඉන්නෙ එක එකාට
දකුණෙ සිංහල බිල්ලා නොපෙන්නා විග්නේෂ්වරන් ට සිවාජිලිංගම්ට ඡන්ද දිනන්න බෑ.. ඒකයි අර දේවානම්පියතිස්ස දෙමළ වගේ ගොං කතාවක් කියලා දකුණෙ හරක් ටිකව අවුස්සන්නෙ. උන් අවුස්සලා ටෝක්ස් දීලා දැඟලුවම උතුරෙ බූරුවො ටිකත් ඒක දැකලා කඩවුලේ ඇත්ත නේද කියලා අරුන්ට කතිරෙ ගහනව..

උතුරෙ කොටියා පෙන්නලා ඔය වැඩේම කරලා කොටි නැගිටිනෝ කියලා දකුණෙ ඉන්න උන් ටිකත් ඡන්ද කඩාගන්නවා..

හැමදාම ඕක කර කර උන් සැපේ ඉන්නවා.

සිංහල දෙමළ මහජනතා කැන්ද හැලපයො ටික වත රතු මල් කොහාට වත රතු මල් කොහා වීම නිසා ඇතිවූ ප්‍රශ්නය කුමක්ද කියා ටෝක්ස් දීදී සංවර්ධනේ වෙමින් පවතින රටකට වෙලා ආච්චිට ප්ලාස්ටික් හාල් ගර ගර තව අවුරුදු පන්සීයක් විතර ඉන්නවා..

දෙමළාට ප්‍රස්න ඇත.
සිංහලයාටද ප්‍රස්න ඇත..

දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්ණය කුමක්ද කියා සිංහලෙන් ඇසීමම ප්‍රශ්ණයකි..
තවත් ජාතියක් තවත් ජාතියක ප්‍රස්න විසඳීමට හැක්කේ තමන්ට යැයි සිතීමමද අධිකාරීත්වය නිරූපණයකි.
නමුත් මෙය විසඳාගත යුත්තේ දෙමළ සිංහල සියළු ජනතා ඒකාරාශියකින් , හඳුනාගැනීමකින් මිස ජාතිවාදී හිඟන දේසපාලුවන්ගේ නිර්වචන අනුව නොවේ..
දෙමළ සිවිල් සමාජයේ සක්‍රීය දායකත්වයක් නොමැතිව දෙමළාගේ ප්‍රශ්ණ ගැන කතා කිරීමම විහිලුවකි..
ප්‍රශ්ණ තියනවාද නැද්ද කියා තීරණය කළ යුත්තේ උන් ය.

අලුත් ව්‍යවස්ථාවක් දේසපාලන විසඳුමකුත් ඕනෑ නම් එය ජනතාවගේ කැමැත්ත අනුව විනා දේසපාලන හිඟන්නන්ගේ ඒකල කැමැත්ත අනුව සිදුවිය යුතු නැත.

සෝල්බරි හැදුවේ උන්ට ඕන එකය..
මැතිනි හැදුවේ එයාට ඕන එකය..
ජේ ආර් හැදුවේ එයාට ඕන එකය..

කොටින්ම කියනවානං ලංකාවේ රට කරවන මූලික නීතිය ඇතුලේ ජනතා පරමාධිපත්‍යයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.
මිලියන විසි එකම නටන්නේ එකෙක්ගේ දෙන්නෙක්ගේ ආතල් එකකටය..

ෆෙඩරල් බැරිනං ඕන මගුලක් කමක් නෑ ගංගා මෑණියනේ මේ වතාවෙවත් රටේ මිනිස්සු කැමති එකක් නං...
උන්ගෙ ඇත්තම ප්‍රස්ණ වලට උත්තර තියන එකක්නං..

මේ පාරත් සිරිසේනට විග්නේස්වරන්ට මහින්දට රනිල්ට හෝ අනුරට විතරක් ඕනෑ එකක් හැදුනොත් කලින් වගේම සංවර්ධනය වෙමින් පවතින රාජ්ජයක සිට  දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්ණය කුමක්ද කියා අස අසා මේ සිටියා වාගේම තව අවුරුදු පන්සීයක් හෝ සිටිය හැක..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ



No comments:

Post a Comment