Monday, December 17, 2018

රනිල්..!! යූඇන්පියන්ස්..!!




රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..

 විජයග්‍රහණයේ අම්මටහුඩු පෙළපාලිය ය, පරමාධිපත්‍යය දිනාගත්තය, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත්තේ රනිල් ය , අරකය මේකය කියා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරමින් සිදුකරනා ගොං ආතල් එක දෙස බලාසිටින අතර මෙසේ ලියමි.

ජනවාරි 8, සිරිසේනව ජනාධිපති කලේ ද, මහමැතිවරණයෙන් රාජපක්සලා පරදවා  ආණ්ඩුව පිහිටුවාලූයේ ද රාජපක්ස රජ සමයේ සිදුවූ මනුස්‍ය ඝාතන , රාජ්‍ය ත්‍රස්තවාදය, භීෂණය, බිලියන ගණනින් සිදුවූ මහජන මුදල් මංකොල්ලය, මාධ්‍ය මර්ධනය , නීතියේ ආධිපත්‍යයට, අධිකරණ පද්ධතියට එල්ලව රාජාණ්ඩු මැදිහත්වීම්, ජාතිවාදය ආගම්වාදය , වළක්වා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත කිරීමට ය.  රටේ බහුතර මහජන විශ්වාසය වූයේ එයය.




නමුත් ඒ පොරොන්දු සියල්ල බල්ලට දමමින් ඔබත් ඔබේ එජාපය ප්‍රමුඛ ආණ්ඩුවත් සිදුකලේ රාජපක්සලා ප්‍රමුඛ ඝාතන චෝදනා එල්ලවී සිටින්නන් සමග ඩීල් දමමින් නඩු ප්‍රමාද කිරීම,  යහපාලන පොරොන්දු කඩකරමින් ජනතා පරමාධිපත්‍යය ජෝක් එකක් කිරීම, පෙර සිටි හොරු තක්කඩින්ට නැවත තනතුරු වරප්‍රසාද ලබා දීමය.  අවසානයේ දී දින සීය යන්නටත් කලින් මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකර සියළු ජනතා බලාපොරොත්තු බිඳ දැම්මේ ඔබත් ඔබේ පක්ෂයත් ය. මහබැංකු අධිපති පත් කිරීමේ සිට බැංකු මංකොල්ලය වන තෙක් සියල්ල  සඳහා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු වුවත් , ඊට අදාල විමර්ශනයට ප්‍රකාශයක් දීමට පැමිණීමට කී විට බය නැති අගමැති කියා පෝස්ටර් ගැහුව ආකාරය අපිට මතකය.

ජනවාරි 8 ජනතා බලාපොරොත්තු ඉටු කර, නීතිය යහපාලනය ස්ථාපිත කර පොරොන්දු වූ පරිදි කලින් අපරාධ කරුවන්ට දඬුවම් කිරීම වෙනුවට ඔබ කලේ උන්ව හුරතල් කිරීම ඩීල් දැමීම සහ ඔබත් උන්ට සමාන ලෙසම හොරකං කිරීමය.

ඉතින් ඔබත් රාජපක්සලා සේම කුණු කූඩයට යා යුත්තෙක් වුවත් අද, ඔබ ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ අම්මටහුඩු මුරදේවතාවා ලෙස පෙනී සිටින්නේ   ඔක්තෝබර් 26 ජනාධිපති සිරිසේන සහ මහින්දගේ ව්‍යවස්ථා විරෝධී , අනීතික කුමණ්ත්‍රණය නිසා බව මතක තියා ගන්න.

එයට විරුද්ධව රටේ ජනතාව විරුද්ධ උනේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම නැතිවීමේ විප්‍රලම්භ සෘංගාරය නිසා හෝ එජාපයේ බලය නැතිවීමේ සෝකෙන් නිසා නොව රටේ ජනතා පරමාධිපත්‍යයත් , නීතියේ ආධිපත්‍යයත් සුරක්ෂිත කිරීමට නිසා බවත් සිහිකර ගන්න.

ඒ වගේම දැන් ඔබ අගමැති නොව ජනාධිපති වුවත්, එජාපයට 2/3 ක බලයක් ලැබුනත්, රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැරගත් ව්‍යවස්ථා කුමණ්ත්‍රණකරුවන්ව නීතිය ඉදිරියට ගෙන එනවා වෙනුවට, පෙර නඩු සේම ඔවුන් සමග ඩීල් දමා එකට නිදාගන්නා බව අපි හොඳටම දන්නෙමු.

ඒ නිසා ගරු රනිල් අගමැතිතුමනි,  එජාප පාක්ෂිකයනි..

මහින්දව එලවීම එජාපයේ හෝ රනිල්ගේ ජයග්‍රහණයක් නොවේ. ඔබ ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු කලානං මහ රෑක ඔබට නොදැනිම ඔබේ ආණ්ඩුව හොරකං කිරීමක් වෙන්නේ නැත.
ඒ නිසා උඹලා ඔය උඩ පැනීම ඇතුලේ තියෙන්නේ උඹලා ජනවාරි 8 දුන් පොරොන්දු ඉටු නොකර, ජනතා පරමාධිපත්‍යය බල්ලට දැමූ ශාපයේ අඳෝනාවයි.

කරුණාකර මීට දෙදිනකට පෙර කී මාධ්‍ය ස්වාධීන කිරීමේ කතා නැවත අහන්න.
රාජ්‍ය උත්සවයක් නොවන එකක් අපේ බදු මුදලින් නඩත්තු වන ස්වාධීන රූපවාහිනියේ හා ජාතික රූපවාහිනියේ සජීවීව විකාසය කිරීම ඔබ පැවසූ මාධ්‍ය ස්වාධීන කිරීමද..?
රැලියට කලින් දේසාබිමානී ගීත දමා ඔබ ලබනා ආතල් එක කුමක්ද ?
මහජන සංඛ්‍යාත අවභාවිත කිරීමට ඔබට අවසර දුන්නේ කවුද ?

කරුණාකර ඇහැරෙන්න.
ඔබ ගෙව්වේ ඔබ කෙරූ පව් ය. ජනතා පොරොන්දු බල්ලට දැමීමේ ශාපයය. තක්කඩින්ව හුරතල් නොකර , ඩීල් නොදමා, උඹලාද ඒ අයුරින්ම දූෂණ වංචා නොකර, පොරොන්දු ඉටුකලානං රාජපක්සලා ආණ්ඩු බලෙන් පැහැරගන්නේ නැත.
තවමත් විශ්වාසය තැබිය හැකි අධිකරණයයත්, ව්‍යවස්ථා කුමණ්ත්‍රණයට එරෙහිව නැගිටින ලද මහජන බලවේගයත් නැත්නම් , සිරිසේන කියන කියන වෙලාවට කකුල් දෙක ළඟට රැස්වීම් වලට ගිය එජාපයත් ඔබත් ආණ්ඩුව නැවත ගන්නා ආකාරය සිහිකර ගන්න.

ඒ නිසා ඇහැරෙන්න.
ඕවාට පුරවැසියන්ට හිනායනවා මිස ඊට එහා දෙයක් වෙන්නේ නැත.
රාජපක්සලා, සිරිසේනලා සේම ඔබද ගෙදර යා යුතු ය.

අගමැති උනාට පසු ඔබටත් එජාපටත් සටන අවසන් උනාට අපට එහෙම නැත.
ලොක්කා මරණාධාර සමිතියේ සබාපති උනත් හුරේ දාන වහල්ලුන් ඔබටත් , මහින්දටත් සිරිසේනටත් ඉන්න බව අපි දනිමු. නමුත් ආණ්ඩු පත් කරන්නේ පුරවැසියන් බව සිහිපත් කරගන්න.

සටන අවසන් නැත..!

  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. 100% correct machang, Mr Sirisena inadvertently given lot of oxygen to dying Ranil+UNP. Oxygen will only give bit of time, not fix the disease. Time is running out for UNP, people will fix the disease in next election.

    ReplyDelete
  2. me yaka hadanna baa.. muge upan geyi waradak..

    ReplyDelete
  3. අපේ ගොංකං වලට අපිටම හරක් 'පසිම්බුවකිං' අපිම ගුටි ගහගන්න ඕන මෙව්වට. උං ස්ටේජ් එකේ ඉඳං අපිව ගොනාට අන්දනව. අපි උන්ට ඡන්දෙ දෙනව.

    ReplyDelete