Friday, May 10, 2019

ඔබ දන්නවාද




මේ වන විට පළාත් ආරක්ෂාව පිළිබඳව පළාත් රජයේ නිලධාරීන්, දේශපාලන නායකයන් හා ආරක්ෂක අංශ එක්වී ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. ඒ රැස්වීම් වල ප්‍රධානත්වය උසුලන්නේ පළාත් රජයේ විධායකයේ ප්‍රධානියා වන පළාත් ආණ්ඩුකාරවරයා ය.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා අසාද් සාලි ය. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරයා හිස්බුල්ලා ය. ඔවුන් දෙදෙනාටම පසුගිය ප්‍රහාර හා තවුහිඩ් ජමාත් සම්බන්ධකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ කාර්‍යාලයේ ජීව උණ්ඩ හමුවීම, ඔහු යටතෙ සිටි අය අත්තඩංගුවට පත් වීම, ඔහු මීට පෙර සිදුකල ප්‍රකාශ ඇතුළුව ඔහු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත.


ඒ වගේම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා වන්නේ මෛත්‍රී ගුණරත්නය. ඔහු ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ නීතිඥවරයා ය.
චෝදනාවලට ලක්වී ඇති අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධතා පවත්වන ආණ්ඩුකාරවරුන් මුලසුනේ තබාගෙන පළාත් ආරක්ෂාව පිළිබඳව ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වීමට හේතු නොවන බවට විශ්වාස කල හැකි ද..?
රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන්ට සිය හෘදය සාක්ෂියට එකඟව එම රැස්වීම් වලට සහභාගී විය හැකිද..?
ආණ්ඩුකාරවරුන් පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය.
පුරවැසියනි බලකරන්න..
#Eastersundayattacklka - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. මල්ලි, සුදු වෑන් එකක ආපු තම්බිලා සෙට් එකක් මට පුකේ ඇරලා ගියා. මල්ලිටත් එහෙම උනාද?

    ReplyDelete