Sunday, October 6, 2019

හරිතැන හිටගන්න.!


මැතිවරණ සටනේ ගෝටාබය රාජපක්ස සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන ධාරාවන් ද්විත්වයම මේ මොහොතේ..

රාජ්‍ය ත්‍රස්තවාදය,
මිනීමැරුම් සංස්කෘතිය,
භීෂණය , මැරකම උත්කර්ෂයට ලක්කරමින් සිටියි. ප්‍රතිඵලයට පෙර සිටම භීතිය වපුරමින් සිටියි.

හොරකම , වංචාව, දූෂණය, මහජන මුදල් අවභාවිතය සාමාන්‍යකරණය කරමින් සිටියි.

ජාතිය, ආගම, වාර්ගිකත්වය මත පුරවැසියන් බෙදා වෙන් කරමින් අන්තවාදය   ව්කුණමින්, ජාතිවාදීන් අන්තවාදීන් හා ඩීල් දමමින් සිටියි.



ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, මූලික මිනිස් අයිතිවාසිකම්, ව්‍යවස්ථාවට ගරු කිරීම පසෙකලා ඒකාධිපතිත්වය හා වැඩවසම් වහල් ගෝත්‍රික රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පස නිර්මාණය කරමින් සිටියි.

මළ මිනී මතින් හෝ කොන්ක්‍රීට් නිර්මාණය කිරීම, බලහත්කාරයෙන් හික්මවීම, නිර්මාණශීලී ආර්ථිකයක් වෙනුවට සහනාධාර ලබා දෙන හිඟන ප්‍රවේණි දාසයන් බිහිකරන භයානක නොදියුණු දේසපාලන සංස්කෘතියක් කරා සියලු දේශපාලන ප්‍රතිසංස්කරණ ආපස්සට හරවමින් සිටියි.

එයට අවිහිංසාවාදි යැයි ලේබල් ගැසූ ආගමික සංස්ථාව ද, අපක්ෂපාති යැයි කියා සිටින ජනමාධ්‍යය ද සියළු වගකීම් සහ කාර්‍ය්යභාරය පසෙකලා උපරිම සහයෝගය දක්වමින් සිටියි.

මෙය අවසන් අවස්ථාව වන්නේ ඉහත කී පාදඩකරණයට ඉඩ දීම හෝ නොවීම මතයි.
එක් පාර්ශ්වයකට බලය නොදීමට දෙපාර්ශවයෙන් අඩු නපුර තෝරා ගැනීම මේ මොහොතේ ප්‍රභාකරන් හෝ බින්ලාඩන් දෙදෙනාගෙන් අඩු නපුර තෝරාගන්නවාක් වැනිම වූ කාරණාවකි.

ඒ මේ කවුරුන් බලයට පත් වුවත් ඔවුන් සමග බලය හිමිකරගන්නේ එකම කණ්ඩායමක් වීමත්, වේදිකාවල සිදුකරන චෝදනා එකකටවත් ඒවාට සම්බන්ධ කිසිවකුටත් නීතිය ක්‍රියාත්මක නොවීමත් නිසාය.
වැඩ විතරයි පෙර දේ හොයන්නෑ තර්කය අදාල නොවන්නේ පෙර දෑ නොසෙවීම නිසාම පෙර දේ නැවතත් සිදුවීමට අනුබල ලැබීමයි. එය පහුගිය විසි වසර පුරා එක ලෙසම සිදුවිය.

ඉතින්..

ජයගන්නා බව පෙනෙන නිසා ජයගත නොයුත්තන් ජයගත යුතු නැත. !
ජයගන්නා බව පෙනෙන නිසා ජයගත නොයුත්තන්ට ජයගැනීමට ඉඩදීමම ජයගත යුත්තන්ට ජයගැනීමට ඉඩ නොදීමට සමානය.

එනිසා
හරිතැන හිටගන්න.

  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. uba kiyanakam thama hitiye. paduwe wedak bala ganin modayo.

    ReplyDelete
    Replies
    1. මං වැඩක් බලමින් සිටිම්. ඔබද අනුන්ගේ අකමැති බ්ලොග් නොබලා වැඩක් බලා ගන්න.

      Delete