Wednesday, February 3, 2016

ලංකා මාතාව නමදිමි = ශ්‍රී ලංකා තායේ



.
දැං උඹලා හිතන් ඉන්නෙ ශ්‍රි ලංකා තායේ.. කියන්නෙ ඊළම් මාතාව වැජඹේවා කියලද.. හෙන පව් බන් උඹලා...
යකෝ උන් දෙමළෙන් කියන්නෙත් උඹලා අපි හැමෝගෙම මව් රට වෙච්ච '' ලංකා අම්මව නමදිනවා'' කියලා...
ඇයි උඹලා කැමති නැද්ද දෙමළ උන් ලංකා අම්ම වඳිනව කියනවට..
භාෂාව තියෙන්නෙ සන්නිවේදනයේ පහසුව සඳහා මිසක් වෙන මොන මගුලටවත් නෙමෙයි..
.
ඊළඟට ඉන්දියන් කතාව..
.
ඉන්දියාවෙ වැඩියෙන් ඉන්නෙ හින්දි භාසාව කතා කරන උන්..
හැබැයි තාගෝර්තුමා ලියපු ''ජන මන '' ගීතය කියන්නෙ බෙංගාලි වලින්...
බෙංගාලි කියන්නෙ ඉන්දියාවෙ සුළු ජාතියක්..
හින්දි, දේවනාගරී, පංජාබ්, මලයාලම්, තෙළිඟු, ගුජරාඕ, උර්දු, දෙමළ, කන්නඩ හා ඉංග්‍රීසි යනු එම භාෂා වලින් ඉන්දියාවෙ ජාතික ගීයෙ පරිවර්තන තියනව. මෙහි " සැලකිල්ල යොමු කළ යුතු සුවිශේෂ කාරණය වන්නේ, සමස්‌ත ජනගහනයෙන් 42% කට ආසන්න ජනතාවක්‌ හින්දි භාෂාව මව් භාෂාව වශයෙන් කතා කරන පසුබිමක්‌ තුළ සමස්‌ත ජනගහනයෙන් 8.11% ක ජන කොටසකගේ භාෂාව වන බෙංගාලි භාෂාවෙන් ජාතික ගීය රචනා කොට තිබීම යි
දැන් ඉන්දියාවට හැඳිගෑවිලා ගිහින්ද..
බෙල්ජියමෙ භාෂා 3 කින්, කැනඩාවෙ,ෆීජි,පින්ලන්තය,කෙන්යාව,මලාවි,මාෂල්,නවසීලන්තය භාෂා දෙකකින්, සිම්බාබ්වෙ භාෂා දෙකකින්.., ස්වට්සර්ලන්තය,දකුණු අප්‍රිකාව භාෂා හතරකින් ජාතික ගී කියනව..
..
අනික උඹලට ඉන්දියාවෙ ඔක්කොම නරකයි ජාතික ගීය විතරක් හොඳයි..
ජාතික ගීය හොඳයිනං ෆෙඩරල් වලටත් හා කියාන්කො ඉන්දියාවෙ තියන හින්දා..
පිරිත් පාලියෙන් කියන්න හොඳයි..
පාලියෙන් ලියපු බුද්ධාගම ඉගෙනගන්න හොඳයි..
දැන් පාලියෙන් ලියපු බුද්ධාගම සිංහලට පෙරලද්දි මොකක් හරි උනාද..
බුද්ධං සරණං ගච්ඡාමී කියලා පාලියෙන් කියන එක මම බුදුන් සරණ යමි කියලා සිංහලෙන් කියද්දි අව්ලක් නෑ..

හැබැයි නමෝ නමෝ මාතා කියලා දෙමලෙන් ලංකා අම්මට වඳිනව කියද්දි උඹලට රිදෙනව..
ඇයි රිදෙන්නෙ.. උඹල හිතන් ඉන්නව මේකෙ ඉන්න ඕනෙ සිංහල උන් විතරයි කියලා..
උඹලා හිතන් ඉන්නව සිංහල භාෂාව තමයි මෙහෙ කතා කරන්න ඕනෙ කියලා..
සරලවම කියනවනං උඹලා හිතන් ඉන්නව අපි තමයි මෙහෙ චන්ඩි අනිත් උන් ඉන්නවනං බල්ලො වගේ හිටපන් කියලා..
උඹලා බෞද්ධද..??


කම්මනා වසලෝ හෝතී කම්මනා හෝතී බ්‍රාහ්මණෝ උඹලට අමතකද..
සැඩොල් උන් රහතුන් උනා කියලා උඹලට අමතකද..
සියලු ගංගා මුහුදට වැටුනට පස්සෙ එකම මුහුදක් ලෙස පේනව වගේ මගේ සාසනේ ඇතුලෙත් ජාති භේද කුල භේද නෑ කියලා බුදුන් කියපුවා උඹලා දන්නවද..??
මතකද සිංහල රාජ්‍ය භාෂාව කරලා ගොන් ආතල් එකක් අරං අවුරුදු ගාණක් මරා ගත්තා.. ආයෙ ඕනෙද මරා ගන්න..??
යුද්ධෙ නැතුව පාලුද..??
.
දෙමළ උන්ටත් අපිට වගේ මෙහෙ අවුරුදු දාහක විතර ඉතිහාසයක් තියනව..
අපිත් ඇත්තටම සංක්‍රමණික ජාතියක් විජයගෙන් එන.. සිංහල කියලා කියෙව්වට..
එහෙනං ජාතික ගීය වැදි භාෂාවෙන් කියමු..
උන් අපිට වැඩිය කල් හිටියනෙ..
.
"නමෝ නමෝ මාතා" ජාතික ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ, 1949 නිදහස්‌ උත්සවය වෙනුවෙනි. එහිදී අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ජාතික ගීය දෙමළ බසින් ද, සරඹ පෙළපාලියෙන් අනතුරුව ජාතික ගීය සිංහල බසින් ද ගායනා කළ බව සඳහන් වේ.
.
‪#‎ජාතිවාදියො‬ උන පළියට කුහකයො වෙන්න එපා .... අපි සිංහල කතා කරනවා.. අපේ උන් වැඩියෙන් ලංකාවෙ ඉන්නවා.. උන් දෙමළ කතා කරනවා... උන් ඉන්නෙ ටික දෙනයි... උන් ටිකක් ඉන්න හිංදනේ උඹලා කියන්නෙ උන්ගේ භාෂාවෙන් ජාතික ගීය කියන්න දෙන්න එපා කියලා... යකෝ රටකට ජතික ගීයක් තියෙන්නෙ මොකටද..?? රටේ මිනිස්සුන්ගේ ‪#‎අනන්‬‍යතාවය පෙන්නන්න... මිනිස්සුන්ගෙ හිතේ තමන්ගෙ රට ගැන ‪#‎අභිමානයක්‬ ඇති කරන්න.. මං දන්න විදිහටනම් ජාතික ගීය කියද්දි සිංහල අයට අභිමානයක් ඇති වෙනවා.. ඒ අපි ඒකේ තේරුම දන්න හිංදා... දැන් සිංහලෙන් ''ඔව්'' ''නෑ'' කිව්වත් නොතේරෙන දෙමළ මිනිස්සුන්ට තමන් තේරුම නොදන්න ජාතික ගීයක් කියනකොට තමන්ගෙ රට ගැන අභිමානයක් තියා මොන ලබ්බක්වත් ඇති වෙන්නෑ ඕයි.... ඒක හරියට අපි ඉංග්‍රීසි සිංදුවක් කියනවා වගෙනේ.. අනික මොනව හරි දෙයක් තෙරුම් කරන්න වැදගත්ම දේ වෙන්නේ ඒ දේ ඒ කෙනාගෙ මව් භාශාවෙන් කියලා දෙන එක... අනික උන් කියන්නේ වෙන මගුල් සිංදුවක් නෙමෙය් යකෝ ‪#‎සිංහල_එකේම_පරිවර්තනය‬.. එකම තෙරුම තියෙන්නෙ..
දැං ''සිංහල නොදන්නකමට වෙනදට ජාතික ගීය නොකියා හිටපු දෙමළ සහෝදරවරු වගේම,අපිට ෆන් එකක් වෙන විදිහට කැඩිච්ච සිංහලෙන් ජාතික ගීය කියපු දෙමළ සහෝදරවරුත් අභිමානෙන් අපේ රට ගැන උදේ හවස කියයි බං...'' ඒක තමයි අපිටත් ඕනේ.. ඒකට කුහකකම් කරන්න එපා... අපි බුද්ධාගම සිංහලට පරිවර්තනය කරලා ඉගෙන ගත්ත හිංදා තමයි අපිට එක තේරුනේ... තේරුම් ගනිං... භාශා දෙකක්.. එකම අර්ථයක්... එක අභිමානයක්... එක රටක්... ඒකට කුහකකම් කරන්න එපා.. තව අව්. ගානක් ලේ හලන්න බෑ.....
.
කුහක කම පැත්තකින් තියලා තමන්ගෙ යුතුකම ඉටු කරපන් රට වෙනුවෙන්.. භාෂාවෙන්, ජාතික ගීයෙන් රටේ අභිමානෙ ඇතිවෙන්නෙ නෑ.. ජාති ආගම් භේද අතෑරලා රට සංවර්ධනේ කරපන්.. එතකොටයි නියම අභිමානෙ ඇතිවෙන්නෙ.
මේක සිංහල දෙමළ මුස්ළිම් හැමෝටම පොදු පරම සත්‍යක්.. මොන ජාතියෙන් මොන ආගමෙන් ආවත් අන්තවාදෙට ජාතිවාදෙට විරුද්ධ වෙයන්..
මුලින් මනුස්ස වෙයං..
.
කම්මනා වසලෝඅ හෝතී - කම්මනා හෝතී බ්‍රාහ්මණෝ..
( වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින් නොව.. ක්‍රියාවෙනි - බුදුන් වහන්සේ )
( යුනිකෝඩ් ප්‍රශ්ණය නිසා ඇතිවන අපහසුතාවයන්ට කණගාටුව )

8 comments: