Tuesday, March 8, 2016

බයියා සංධානය හා ජාතිමාමක තරුණ පිරිසේ ඒකාබද්ධ නිවේදනය...!!!

                                 


උද්ඝෝෂණ සම්බන්ධවයි....!!!
.
.
ඔබේ ගමට අලි ගහනව...
ඔබේ සමීපතමයකු රිය අනතුරකට පත් වෙනවා... නීතිය වැරදි කරුවන්ට ක්‍රියාත්මක වෙන්නෙ නෑ..
මහමගදී හෝ වෙන යම් පොදු ස්ථානයකදී ඔබේ මානව අයිතීන් උල්ලංඝණය වෙනවා...
විදුහල්පතිතුමා ඔබේ දරුවා පාසලට ඇතුලත් කරගන්නේ නෑ..
.
ඔබට මෙවැනි කිසිදු කරුණකදී පාරට බැසීමට.. හෝ උද්ඝෝෂණය කිරීමට අයිතියක් නැත...
.
ඔබ ඊට ප්‍රථම මේ දේවල් කළ යුතුය...
.
1) රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පදුවට එරෙහිව ඔබ උද්ඝෝෂණය  කර තිබිය යුතුය..

2) වැඩිවන ළමා හා ස්ත්‍රී දූෂණ රැල්ලට විරුද්ධව ඔබ උද්ඝෝෂණය කර තිබිය යුතුය..
3) අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව අන්තරේ සමග ඔබ පාරට බැස තිබිය යුතුය..
4) කුලියාපිටියට ගොස් දරුවාගේ සුවදුක් බලා තිබිය යුතුය..
5) විල්පත්තුව රැකීමට ඔබ පාරට බැස පරිසර අමාත්‍යාංස වටලා තිබිය යුතුය
6) රටේ ඇතිවී තිබෙන දරුණු ආර්ථික අවපාතයන්ට හා කොටස් වෙළෙඳපොළ කඩා වැටීම් සම්බන්ධයෙන්          ඔබ කොටුව ස්ටේසම වටලා තිබිය යුතුය....
7) නැසනල් ටීම් එකෙන් සිංහයා අයින් කිරීමට විරුධව ක්‍රිකට් බෝඩ් ප්‍රධාන කාර්යාලයට ගල් ගසා තිබිය යුතුය.. ( අපට ( බයි සංධානෙට)  අනුව ජර්සියේ ඇති ජාතික කොඩියේ සිටින්නෙ බල්ලෙකි )
.
මෙවැනි ජාතික ප්‍රශ්ණ වලට සාධනීයව පාරට බහින ලද උන් පමණක් මින් පසු තම තමන්ගේ ප්‍රස්ණවලදී උද්ඝෝසණ කරන මෙන් එක්සත් බයියාවරුන්ගේ සංවිධානය තවදුරටත් කියා සිටිමු..
.
එමෙන්ම මේ තර්කය ගොඩනගන බයියා වරුන් ඇතුලු සියලු දෑ හිතකාමී ජාතිමාමක පුරවැසියන් ඉහත සියලු සිදුවීම් වලදී හා 

රතුපස්වල.. 
සුදුවෑන්..
 සාරුව සුනිල්.. 
විල්පත්තු ලියා දීම.. 
කොටින්ට ඇමතිකම් දීම 
ආදී සියලු ජාතික ප්‍රශ්ණ වලදී තම හඬ අවධිකර පාරට බැස ඒකාධිපතිත්වයට විරුද්ධව සටන් කරන ලද උතුම් පුරවැසියන් බව තවදුරටත් දන්වා සිටිමු..
.
එමෙන්ම හොඳින් මතක තබා ගත යුතු කරුණ වන්නේ ඔබ කිසියම් දේකට උද්ඝෝසණයක් කරන්නේනම් ඉහත සියලු කරුණු ඇතුලු ජාතික ගැටළු සියල්ලටමඔබ හඬ නගා තිබිය යුතුය..
.
ඒකාබද්ධ විපක්සය පොල් ගහන්නේ හා රැලි පවත්වන්නේ ඉහත සියලු ප්‍රස්ණවලදී තම හඬ අවධිකර අවසානයේ බවත් ඔවුන්ව ආදර්සයට ගන්නා ලෙසත් එක්සත් බයි පෙරමුණ දන්වා සිටියි..
.
සික්කා සුළඟ.. සික්කා සමග නැගිටිමු
.
ස්තුතියි
සුභ අනාතයක්
සීනිගම දෙවි සරණයි

No comments:

Post a Comment