Monday, March 14, 2016

අතිශයින්ම මාතෲ භූමියට ආදරය කරන්නන් සඳහා පමණයි...!!! ( save wilpattu )


.
අතිශයින්ම මාතෲ භූමියට ආදරය කරන්නන් සඳහා පමණයි...!!!
( ඔබේ ජීවිතෙන් තත්පර තිහක් දෙන්න.. මාතෲ භූමිය වෙනුවෙන් ) 
.
පාර මැද්දෙ ඔබ ගමනක් යනවා... ඔබ ඉස්සරහා මිනිහෙක් තවත් මිනිහෙක්ට බිම පෙරලගෙන පහර දෙනවා... ඔබ නොදැක්කා වගේ යනවා... පසුවදා පත්තරේ බලද්දි ඔබ දකිනවා ගුටි කාපු මනුස්සයා මැරිලා..
ඔව් අනිවාර්යයෙන් පහර දීපු එකා මිනිමරුවා.. ඒකෙ තර්කයක් නෑ..
නමුත් මම කියනව ඒ මිනීමැරුමට ඔබත් දායක උනා... ඔව් ඔබ අහක බලන් ගියා... නොදැක්කා වගේ.. ඔබ මැදිහත් උනානම්  අර අහිංසකයා බේරෙනව...
.
දැන් එන්න අපේ කතාවට...
.
ඔව් රිශාඩ් විල්පත්තුව කපනව..
සිංහරාජෙ ඇතුලෙ තව උන් බලාගාර හදනව..
අහිංසක සත්තු මැරෙනවා..
මහා ගංගා වලට වතුර දෙන දොළ පාරවල් හිඳිලා යනවා...
විපත්තුවට කුණු දාන්න ඉඩ නොදීපු අවංක නිලධාරීන්ට තර්ජන එනවා
රට කාන්තාරකරණය වෙනවා...




.

.
ඔව් අනිවාර්යයෙන් මේවා කරන උන් හැම දෙනාම 200% ක් වගකිවයුතුයි මේ හැමදේටම..
නමුත් උන් විතරක් නෙමෙයි...
මිහිමවගෙන් ජීවය ලබලා... නොමිලේ හුස්ම ටික අරන්.. කෑම ටික වතුර ටික අනිත් හැමදේම අරගෙන.., වෙන එකෙක් අම්මව දූෂණය කරලා ලෝකෙටම පෙන්න මරලා දාද්දි ඒකට ඇස් කන් වහගෙන හිටපු.. කතා නොකරපු උඹ මම හැම දෙනාම වැරදි කාරයො....
.
උඹට මට යුතුකමක් තියනව.. වගකීමක් තියනව අම්මා වෙනුවෙන් කතා කරන්න.. 
ඇය වෙනුවෙන් කළගුණ සළකන්න.. ඒ වගේම උඹ මම විශ්වීය බන්ධනයකින් බැඳිලා ඉන්නවා නූපන් දරුවො වෙනුවෙන් මේ ගහකොළ සතා සිව්පාවා ගංගා ඇළදොල කඳු පන්ති ටික ඉතුරු කරන්න...
ඉතින් දැන් ඒකට කාලය ඇවිල්ල තියනවා... 
එකතු වෙන්න.. ඔබේත් මගේත් අම්මා වෙනුවෙන්...
.
අම්මා අපිට හුස්ම දුන්නෙ ටොයියො බයියො ජෙප්පො කියලා නෙමෙයි...
අම්මා අපිට වතුර දුන්නෙ සිංහලේ දෙමළේ මරක්කලේ කියලා බෙදලා නෙමෙයි....
අම්මා අපේ බඩ පිරෙව්වෙ බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් කියලා නෙමෙයි....

.
අම්ම අපි හැමෝටම එක වගේ ආදරෙයි.. අපි හැමෝවම වෙනසක් නැතුව බලාගත්තා...
හැබැයි ඒ ආදරේට ද්‍රෝහි වෙච්ච ඇගේම දරුවො අම්මව දූෂණය කරලා මරලා දාද්දි උඹ මම කට වහන් හිටියා..
උඹ මම ඒක දේසපාලන නායකයන්ට බාර දුන්නා..
උඹ මම ඒක ජාති ආගම් වලට බාර දුන්නා..
.
හැබැයි කවදාවත් උඹට මට හිතුනෙ නෑ මේ අපරාදෙට උඹ මම අපි හැමෝම වගකියන්න ඕනෙ කියලා..
.
තාම පරක්කු නෑ..
දැන් එකතුවෙයන් භේද පැත්තකින් තියලා එකම අම්මගෙ දරුවො විදිහට..
හුස්ම ගත්ත.. වතුර බීපු බඩගින්න නිවා ගත්ත හැම ලාංකිකයෙක්ටම ශුද්ධවූ අයිතියක් තියනව තමන්ගෙ අම්ම වෙනුවෙන් කතා කරන්න.. හඬ නගන්න..
ඒකට ඔබේ ජාතිය ආගම දේශපාලනය අදාල නෑ... එකම සුදුසුකම ඔබ මනුස්සයෙක් වීම පමණයි.. ඔබ ඔබේ මවට ඔබේ මාතෲ භූමියට ආදරය කිරීම පමණයි...
දැනටමත් අපිත් එක්ක සිංහල දෙමළ මුස්ළිම් භේදයක් නැතුව විශාල පිරිසක් එක්වෙලා ඉන්නවා... එක්වෙමින් තිබෙනවා....
.
අපි ඒක විල්පත්තුවෙන් පටන් ගමු...
පටන් අරන් රටපුරාම ක්‍රියාත්මක කරමු...
වැරදි හදාගමු...
එක පවුලක් විදිහට එකතු වෙලා උඹේත් මගේත් මව්තුමියට කළගුණ සළකමු..
නූපන් පොඩි උන්ට ආදරේ පිරිච්ච ලස්සන රටක් ඉතුරු කරමු...
.
මේ ලින්ක් එකට ගිහින් අන්තර්ජාල පෙත්සමට ඔබේ දායකත්වයත් ලබා දෙන්න...
https://goo.gl/Pgjhnx
දෙවන පියවර ලෙස මේ සති දෙක ඇතුලත රටපුරා ක්‍රියාත්මක වන අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපෘතියට දායක වන්න...
මාර්තු 15 නුවදිත්
මාර්තු 19 කුරුණෑගලදිත් මුල් අදියර ලෙස ක්‍රියාත්මක වේ...
.
මීට කලින් මේ සම්බන්ධයෙන් ගොඩනැගුණු විවිධ ව්‍යාපාර අසාර්ථක වුණා විවිධ හේතූන් හින්දා.. මෙවර එසේ වීමට ඉඩ නොදී මේ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් අවසන් කරමු...
ඒ සඳහා අවශ්‍ය ජනතා සහභාගීත්වය දැනුවත් භාවය ඇති කරමු..
මේ හඬ සමාජ ජාල වලින් එළියට අරගෙන විල්පත්තුව් ඇතුලු වන සංහාරය නවතා දමන්න ප්‍රායෝගිකව එකතු වෙන්න....
සංවාද ගොඩනගමු..
බලධාරීන් අවධි කරමු..
කෙසේ හෝ විල්පත්තුව රැක ගනිමු..
ඒ ව්‍යාපාරය රටේම වනාන්තර වෙනුවෙන් ක්‍රියාත්මක කරමු..
.
ඔබේ අදහසුත් එකතු කරන්න... සංවාද ගොඩනගන්න..!!
ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන්න.. ඔබේත් මගේත් මව්තුමිය වෙනුවෙන්.. මාතෲ භූමිය වෙනුවෙන්.. නූපන් දරුවන් වෙනුවෙන්...!!! 
.
#Save_Wilpattu  #RiseForWilpattu #Protect_Wilpattu #PFPW
.

1 comment:

  1. කවුරු කරත් වැරැද්ද වැරද්දමයි. පෙත්සම අත්සන් කලා. සංවිදනත්මකව විරුද්දත්වය දැනෙන්න ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් ලැස්ති කරන්න. අනිවාර්යයෙන්ම උදව් වෙනවා.

    ReplyDelete