Thursday, September 8, 2016

දුමින්ද පෝරකේට - සතුටු වෙන්න පුළුවන් ද ?


දුමින්ද ට මරණ දඬුවම ලැබීම පිළිබඳ ඔබත් ප්‍රීතියෙන් පිනා ගියේද...?  සතුටු වීමට දෙයක් නැත.. ඇත්තේ අධිකරණය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක් පමණි.. එයත් සියුම් ය...
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආණ්ඩුවේ මන්ත්‍රීවරියකි... ඇය ආණ්ඩුවේ නොසිටියා නම් තත්වය මීට වෙනස් වන්නට තිබුණා යැයි උපකල්පනය කළ හැක..දුමින්ද ලෙසම මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නිමල් ලන්සා , කුඩු කන්ටේනර් සිද්ධියට චෝදනා ලැබූ අනුරාධ ජයරත්න වැන්නවුන් යහපාලනය රජයේ තනතරු වරප්‍රසාද දරමින් තවමත් නිදැල්ලේ පසුවෙයි... පරීක්ෂණ ද චෝදනා ද නැත..
සමහරවිට වෙඩි තැබීමෙන් දුමින්ද මියගොස් භාරත ජීවත් වූවානම්ද තත්වට මීට වෙනස් වන්නට තිබුණි...
එම නිසා මේ සිදුවීම බලාපොරොත්තු සහගත එකක් වුවද


"අම්මෝ යහපාලනෙන් රටේ නීතිය ආයෙ ආවා දෙයියනේ......"

කියා සතුටු වීමට දෙයක් සිදුවී නැත...

වසීම් තජුඩින් , ලසන්ත වික්‍රමතුංග , ලලිත් ,කුගන් , කටුනායක රොසේන් චානක , හලාවත ඇන්ටනී , රතුපස්වල දරුවන් , 88/89 භීෂන සමයේ බටලන්දේ ඝාතනය වූවන් ඇතුළු පසුගිය සමයේ, යුද්ධයේදී ද උතුරේත් දකුණේත් සිදුවූ සියළු ම්ලෙච්ඡ ඝාතන වල වැරදිකරුවන් නිදැල්ලේය....



එක්නැලිගොඩ ,මදුෂ්ක හරිෂ් , ඇතුළු සියළු උතුරේ දකුණේ අතුරුදන් වූවන්ට යුක්තිය ඉටුවී නැත...

අරන්තලාවෙ භික්ෂු ඝාතනය , දළදා මාළිගා පහර දීම ඇතුළු සිය ගණන් මිනිසුන් ඝාතනය කළ පිල්ලෙයාන්ට, කරුණාට තනතුරු දුන්නෙමු... දහස් ගණනක් අහිංසකයන් ඝාතනය කරන්නට ආයුධ ගෙනා කේපී නිදැල්ලේ හැරියෙමු... ඔවුන්ට විරුද්ධව නඩු පැවරුවත් තවමත් යුක්තිය ඉටු වේ යැයි විශ්වාස කළ නොහැකි තැනක අපි සිටින්නෙමු....!!

සුදු වෑන් වලින් අහිංසක මිනිසුන් පැහැරගෙන මරා දැමූ තිරිසනුන් තවමත් නිදැල්ලේය...

මාධ්‍යායතන ගිනිතැබූ මාධ්‍යවේදීන් මරාදැමූ උන් නිදැල්ලේය....

මහදවල් ඩිෆෙන්ඩරයකින් තරුණයෙක් පැහැරගෙන පහරදුන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නීතිය නැමූ හැටි අපට මතකය...

පසුගිය භීෂන කාලය, රාජපක්ස රාජාණ්ඩුව හා යහපාලන ආණ්ඩුව සමයේදී ද සිදුවූ අපරාධ වලට වගකිවයුතු උන් තවමත් ජනතාවට සිනාසෙයි...

මිනීමරුවන් අපරාධකාරයන් කුඩු කාරයන් සමග ඩීල් දමමින් , දේසපාලනය කරමින් ජනතාවට කොකා පෙන්වයි...

නීතියෙන් මිනීමැරීමට වරදකරු වූ දුමින්ද  පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකි... ඔහුගේ සමීපතමයන් වූයේ දෙමටගොඩ චමින්ද වැනි පාතාල මිනීමරුවන්ය...

මිනීමරුවන් රටේ ජාතික ආරක්ෂාව මෙහෙයවූ රටක ජනතාවගේ හෙට දවස ගැන අප කෙසේ විශ්වාස කරන්නද...?

මාධ්‍ය නිදහස ඉල්ලූ ජනමාධ්‍ය ද ජනතාව වෙනුවෙන් උවමනා තරමින් තම වගකීම ඉටු කරමින් කතා කරන බව පෙනෙන්නට නැත...
සරලවම කියතොත් දුමින්ගේ නඩු නීන්දුව දුමින්ගේ සහෝදරයාගේ නාලිකාව වන හිරු ආයතනය ප්‍රකාශ කරන්නෙ නැත... එය නම් නොකියා තත්පර ගණනක ප්‍රවෘත්තියක් ලෙස විකාශ වෙයි.. වෙබ් අඩවිය දන්නේවත් නැති ගාණය... සමාජජාල පිටු ජනතාවගේ අදහස් ( comments ) මකා දමයි...

වගකීම් සහගත මාධ්‍යයක හැසිරීම තම පවුල් සබඳතා මත වෙනස් වේ නම් ජනතාවට මාධ්‍ය පිළිබඳ විශ්වාස කළ හැකිද....

එබැවින් දුමින්ද ට දුන් තීන්දුව ගැන සතුටු නොවන්න....
අපරාධයකට එරෙහිව නීතියෙන් යුක්තිය ඉටු වීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවට සතුටුවිය හැකි කරුණක් වුවද එය තවත් සියුම් සිදුවීමක් පමණි...
රාජපක්ස ආණ්ඩුව පෙරළා දමා ජනතාව මේ ආණ්ඩුව පත් කර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය යුක්තිගරුක සමාජයක් පිහිටුවීමේ අරමුණින්ය..
එම නිසා කළින් එකට වඩා මේක හොඳයි කියා සතුටු වීම ඉතියෝපියාවට වඩා උගන්ඩාව හොඳයි කීමක් වැනිය..
ජනතාවගේ ඉලක්කය විය යුත්තේ මුලින් වූ බලාපොරොත්තු ඉටු කරගැනීම විනා රාජපක්සට වඩා හොඳ පාලනයක් දිනා ගැනීම නොවේ...

එම නිසා ඒ උතුම් අරමුණ වෙනුවෙන් පෙනීසිටින්න.. යුක්තිගරුක , ආදරණීය , සාමකාමී සමාජයක් වෙනුවෙන්....!!

(මරණ දඬුවමට මා පෞද්ගලිකව විරුද්ධය..)


-චමල් අකලංක පොල්වත්තගේ


11 comments:

  1. පුක තමයි. බලාගෙන හිටපන් මරාටයි උගේ හැත්තටයි කෙළවෙන හැටි.

    ReplyDelete
    Replies
    1. යුක්තිය ඉෂ්ඨ වෙනවනං සතුටුයි...!!
      ඒක වෙනුවෙන්නෙ මේ ලියන්නෙ

      Delete
    2. යුක්තිය ඉෂ්ඨ වෙනවනං සතුටුයි...!!
      ඒක වෙනුවෙන්නෙ මේ ලියන්නෙ

      Delete
  2. මේ යුක්තිය තාවකාලික එකක් නොවේවා!

    ReplyDelete
  3. උඹේ ඇස් පෙනීම බොහොම හොඳයි . මේක හිරුනිකා සතුටු කරන්න කළ වැඩක්. ටික දොහකිං මොනව හරි වෙයි.

    ReplyDelete
  4. අනේ කෙහෙල්මල් දේසපාලනේ..ඔක්කොම පැලැස්තර ඇලවිලි හා මාද්දිය සංදර්ශන

    ReplyDelete