Monday, December 19, 2016

කපුටන්ට කිරිබත්..!!


1 .
අඟහරුවල තව අවුරුදු 20 ක් ඇතුලත ඇමරිකාවෙන් ගෙවල් හදලා මිනිස්සුන්ව පදිංචි කරනවා..
සමහරවිට ඒ ජනපදවාසීන් අතර ඔබේ ළඟම හිතවතුන්ද ඉඳීවි..

 2.
ඔබේ ළඟම හිතවතෙක්ට,ඥාතියෙක්ට අසනීපයක් වෙනවා.. ඔබ යනවා ජ්‍යොතිෂඥයයා ළඟට හඳහනයි සල්ලියි  අරන්..
ඔබට කියනවා මේ දේ වෙලා තියෙන්නෙ මේ දවස් වල අඟහරු නීච වෙලා අපල කාලයක් ලබලා හින්දා කියලා කරන්න දේවල් දෙනවා..
 අඟහරුවාදා උදෙන්ම ඔබ නැගිටලා කිරිබත් හදලා අඟහරු ඉන්න පැත්තට වැඳලා කපුටන්ට කන්න කිරිබත් තියනවා අපලෙ නැති වෙන්න..

ඔබේ හිතවතුන් ඔබේම වර්ගයේ මනුෂ්‍යයන් ජීවත් වෙන ග්‍රහලෝකෙකට ඔබ වඳිනවා කිලෝමීටර් මිලියන ගණනක් මෙහා ලෝකෙක ඉන්න මිනිස්සු බිලියන හතක් අතරින් එක මනුස්සයෙක්ට බලපෑමක් කරන්න කියලා....



කාවද ඔබ රවට්ටන්නෙ..??
කාටද ඔබ වංචා කරන්නෙ..??

ඇයි ඔබ ඔබටම වංචා කරගන්නෙ.. ඇයි ඔබ ඔබේ මීළඟ පරම්පරාවටත් ඒ මිත්‍යාව උගන්නන්නෙ ??

අපි හිතමු එය නිවැරදි ශාස්ත්‍රයක් කියලා..
නමුත් ලෙඩක් සනීප කර ගැනීමට ජ්‍යොතිෂයට වඩා වෛද්‍ය විද්‍යාව දියුණුයි කියා තර්ක නොකර අපි පිළිගන්නවා..

එසේනම් වඩා හොඳ විසඳුමකට පහසුවෙන් ළඟා වීමට පුළුවන්කමක් තියෙද්දි ඇයි ඔබ අවිශ්වාස.. නිශ්චිත නැති.. තහවුරු නොවූ.. ගුප්ත ශාස්ත්‍රයක් පසුපස එළවන්නෙ...??

නැවත නැවතත් සිතන්න..

අතීතයේ මිනිස්සු ගුප්ත විද්‍යාවට යොමු වුනේ ඔවුන්ට තිබූ විකල්ප සීමා නිසා.. ඔවුන්ට තිබූ වෛද්‍ය දැනුම සීමිත නිසා ගුප්ත බලයන්ට නිරායාසයෙන් යොමු වුණා.. නමුත් දැන් එසේ නෑ.. හදවතක් පවා ගලවා බද්ධ කිරීමට දියුණුයි...

අපි ලෝකෙ එක්ක ඉදිරියට යන්න ඕනෙ
පරිණාමය වෙන්න ඕනෙ..
අඟහරු වල ජනපද පිහිටවනවා වගේ  අනිත් ජාතීන් අපිට හිතන්නවත් බැරි ඉලක්ක වලට ළඟා වෙලා ඒක ඔප්පු කරල තියනවා.. සමහරු සතුටින්ම ඉන්න සාමකාමීම ජාතීන් වෙලා...
හැබැයි අපි තාම අඟහරුට පහන් පත්තු කරනවා.. මිනි මරාගන්නවා.. සියදිවි නසාගන්නවා..

පම්පෝරි කතා බිමින් තියලා පොඩ්ඩකට හිතන්න ප්‍රාථමික නොදියුණු ජීවින් කවුද කියලා...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. //පම්පෝරි කතා බිමින් තියලා පොඩ්ඩකට හිතන්න ප්‍රාථමික නොදියුණු ජීවින් කවුද කියලා...//

    ප්‍රාථමික නොදියුණු ජීවින්? කවුද ඉතින්, ඔය සුද්දො මිසක්. අපි වැව්, දාගැබ් එහෙම හදනකොට උන් හිටියේ කොහෙද? අපේ වගේ මහාවංශයක් උන්ට තියනවාද, පම්පෝරි ගහන්නවත්? මේවා අහන්නත් ප්‍රශ්නද අම්මපා?

    ReplyDelete
  2. අපේ සමාජය ගෝත්‍රික ලක්ෂණ පිරිණු සමාජයක්. කොච්චර සංස්කෘතිය, ඉතිහාසය, සදාචාරය ගැන කථා කලත් ඒ බව පිලිගන්න වෙනවා.

    ReplyDelete