Monday, September 11, 2017

නූපා ප්‍රමිලා

නූපා ලා කොතෙකුත් ඇත. අයාලේ ගිය එකියක් කියා කීවාට නූපාගේ හිතේ තියෙන්නේ මොකක්ද කියා දන්නේ නූපා ය. ආදරය අහිමි වීමේ වේදනාව දන්නේ නූපාලා ය. එය හුදු අත්සනකින් කරන්නට හැකිනං කුමක් කල හැකිද.

හහ්.

ඉතින් නීතියට අනුව නූපා ලා වැරදිය. ඔව් ඇය වැරදි බව නූපලාත් දනී. ඒත් හදවත් ආදරය හොයනා ආකාරය පුදුමාකාරය. ඉතින් මට ආදරය දීපන් යකෝ කියා කෑගසා කියන්නට බැරි නූපාලා කුමක් කරන්නද. පිරිමියෙක් හෝදා ගෙට ගත්තාට කිලි දාට පන්සලකටවත් පස් පාගන්නට නොදෙනා නූපලා කුමක් කරන්නද..

ආදරය හොයා නොලැබී බැරිම තැන දික්කසාදය මරණයට සමාන වූ රටක නූපලා ජීවිතය උකසට තබා එවැනි තීරණ ගන්නවා විය හැක..

නෑ නෑ..




නූපාලා හරිද වැරදිද කියන්නට මම දන්නේ නැත.. එය දන්නේ නූපාලාම පමණි.

මට ඇත්තේ එක ගැටළුවකි.

දස්කොන් ප්‍රමිලා කතාව මහා ආදර කාව්‍යක් වෙලා කවි සින්දු ලියද්දී නූපා වගේ වෙන ගෑනියෙක් ප්‍රමිලා කල දේම කළ විට වේසියක් වන්නේ ඇයි කියා පමණි.

රජවරු කලාට කමක් නැද්ද.?
නූප යි ප්‍රමිලයි දෙන්නෙක් උනේ කොහොමද..?
ප්‍රමිලා මහා ආදර කාව්‍යයක වීරවරිය වෙලා නූපාලා වේසියො උනේ කොහොමද..?


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

5 comments:

  1. ආගිය අතක් නැති අයගෙ පෝස්ට් පේස්ට් කරන්නෙ ඇයි.

    ReplyDelete
  2. ඇනොගේ මලගිය XXXටෞකන්නා, ඉයන් ඇයි මොකද ලොක්කා ඔහේ බ්ලොග් පොලිසියද / සිංහල බ්ලොග් ඇඩ්මින් ?
    ඔහෙට එහෙම අහන්න කිව්වේ කවුද ? ඇඩ්වාන්ස් සල්ලි දුන්නේ නෙලුම් යායේ එවුන්ද ?
    කියන්න ලොක්කා ඔයා එනකම් ෆුල් ෆේස් හෙල්මට් දාගත්ත අය මල් මාල තියාගෙන බලන් ඉන්නවා රජිව් අන්තිමට දාගත්ත මල් මාල වගේඒවා
    පාරේ යනකොට..... සුභ ගමන් ලොක්කා...

    ReplyDelete
  3. Ian : මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නේ????

    ReplyDelete
  4. චන්චලාගේ වැඩ බලා ගන්න පුළුවන් ඉයන්ව හමුවුවිට ,ලිඛිතා ඔයාගේ රෙද්ද උස්සන්නේ නැතිව නිහඬව බලා ඉන්න අත්‍යාවශ්‍යම නම්පමණක් ඔයත් එයා එක්කම එන්න .හොඳේ ...වදේ නොවී.

    ReplyDelete