Wednesday, January 24, 2018

නන්දා

කයිසාරුවත්තේ මුහන්දිරම් රාලහාමිය. මාතර හාමිනේ යැ. නන්දායැ.. නන්දගෙ අක්කායැ. මල්ලී යැ.
ඔය කවුරු කවුරුත් හිටියේ වංසේ කබල් ගාමින් යැ. ගමේ හිඟන්නන්නං මොක්කුද නේ.. අපි එහෙමද.. අපේ පරම්පරාවම ලොකු යැ. අපිට නැත්තේ මොනාද නේ.. පොල් නං පොල් යැ. සල්ලි නං සල්ලියැ. ඉඩං නං ඉඩං.. ගොඩින් ඕන්නං ගොඩින් මඩින් ඕන්නං මඩිං..
ගමේ හිඟන්නා පියල් යැ. ඌට මෙලෝ බඩකඩිත්තුවක් තිබ්බේම නැතියැ. ඌට කබල් ගාන්න වංසයක් තිබ්බේද නැති යැ. උන්ගේ ගෙවල් වලට පෙරදිග ධාන්‍යාගාරෙන් බාස්මතී යැව්වලු නේ නේද අවුරුදු බර ගාණකට කලින්..
ම්ම්ම්ම්
වහලේ හිල් වලින් වතුර බේරෙනවා. මාතර හාමිනේ බැරිමරගාතෙ ඇවිල්ලා බේසමක් තියනව. වැස්සට කුස්සිය පැත්ත පතබෑවුනාලු නේ..


පියලයා අන්තිමේ ගමට ආවෙ කාර් එකකින්ලු. කොළඹින් ඌට ගේකුත් තියනවලු. සුද්දො ගාවලු වැඩ. දැන් අර හිඟන්නා කියලා කෝචොක් කරපු උන් ඉස්තෝප්පුවෙ දිරච්ච කණු බදාගෙන හූල්ලනවලු මෙහෙම..
අනී අපිට ඉඩම් තිබ්බා..
අනී අපිට ෂල්ලි ටිබ්බා
අවුරුද්දට ගමේ ගෑනු ඔක්කොම අපේ ගෙදෙට්ට එන්නෙ සතයක් ඉල්ලන් යන්න.
හම්මෝ අපේ අප්පගෙ අම්මගෙ වංසෙ නේද ඒයි..
ඔය හිඟන්නො ඔක්කොම රාලහාමි කියල දෙකට නැවෙන්නෙ තාත්තා දැක්කම..
අපේ ගෙවල් නේද.. සීයලා ඒකාලේ කළු ගල් උණු කරලනෙ මේව හදලා තියෙන්නෙ. මාර තාක්සනේ ඒයි..
                              ----------
පියල් ගෙදර ඉඳන් මේ වෙලාවෙ LED TV එකෙන් මහා සිංහලේ වංසකතාව බලනවලු ජැක්සන් ඇන්තනී රස කර කර කියන..
නන්දා එනවා තේකක් අරන්..
පියල් මේ බලන්නකො..
මොකෝ නන්දා..
බලන්නකො අනේ මේ facebook එකේ කරලා තියන එක..
මොකක්ද සුදූ...
ලංකාවෙ ගංගා 103 ක් බහිනවලු මේම මේම..
රටවට මහ සාගරේලු ඒයි
නිල්ල නගන ස්වර්ණ කිකිලි මධ්‍යම කඳුකරේ බටහිර බෑවුමලු..
හඳේ පස් බලපු විද්‍යාඥයාත් මෙහෙ කියන්නෙ..
බලන්නකො ඒයි හෙළු වාරි සිස්ටාචාරෙ
නන්දා.. මේ අරක බලන්නකො බබා..
මොකක්ද..
අර ටීවි එකේ යටින් යන ඇඩ් එක..
සිංගප්පූර් වීසා අදම ලියාපදිංචි වන්න..
ඩුබායි ගෘහ සේවිකා ඇබෑර්තු..
හ්ම්ම්ම් ඉතින්..
ඉතින් පැත්තකට වෙලා ඉඳින් ගෑණියෙ මං ඕක පොලේ ගහන්න ඉස්සෙල්ලා.... මාතර හාමිනේට හාල් ගරන්න.. ආවා මෙතන පම්පෝරි ගහන්න.. @$@&@*@&$@@%@**#....
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

No comments:

Post a Comment