Monday, January 29, 2018

වෙනස


වෙනස
වෙනස  අලුතෙන් හිතන එක., බය නැතුව වෙනසට මූණ දෙනව කියන එකට අපේ උන් තරං බය ජාතියක් තවත් නෑ..
මාමෙ හැමදාම වක්කඩෙන් නාන එකේ ගෙදරට ටැප් දාලා සවර් එකක් හයිකර ගමුකො කිව්වම..
තොට පිස්සුද යකෝ තොගෙ තාත්තා නෑවෙත් මේ වක්කඩෙන්
උඹලෑ නැන්දා මේ වක්කඩෙන් නානවෙලාවක දැකල තමයි මං වචනෙ දාලා බැලුවෙ
තෝව අම්මා පොඩි කාලෙ නෑව්වෙත් මේ වක්කඩෙන්
අපෙ සීයා නෑවෙත් මේ වක්කඩෙන්
උන්දැගෙ තාත්තා නෑවෙත් මේ වක්කඩෙන්
එහෙම එකේ තෝ මට කියන්නෙ මේ වක්කඩේ දාලා සවර් එකෙන් නාන්න කියලද.. කවදහරි මගෙ කොලුවගෙ පොඩි එකාව නාවන්නෙත් මේ වක්කඩෙන්ම තමයි.
මේ අපේ පරම්පරාවේ වක්කඩේ යකෝ.
ඔන්න ඔහොමයි ලංකාවේ උන්..
නිකමට මෙහෙම හිතන්න.
සඳහිරු සෑය කියල එකක් හැදුවා. හඳට යන්න තාක්සනේ තිබ්බට ඒකෙ උස රුවන්වැලි සෑයට වැඩිය අඩුවෙන්ලු තිබ්බෙ ගරු කිරීමක් විදිහට. 

දැන් මුලින්ම දේවානම්පියතිස්ස හැදුවනෙ ථූපාරාමය.. එතකොට ඊට පස්සෙ ආපු උන් හිතුවනං එහෙම අනී ථූපාරාමෙ මුලින්ම හදපු චෛත්තියය.. අකුදා නිධන් කරලා තියනවාය.. ඊට වැඩිය උස ඒවා හදන්න බැරිය කියල. අද අපේ උන්ට වඳින්න වෙන්නෙ මේසෙ උඩ තියන චෛත්‍ය වලට.
ආගමික කතා පැත්තකින් තිබ්බම වෙහෙරක් කියන්නෙ සුපිරි ඉංජිනේරු නිර්මාණයක්.
ඉතින් ඒ කාලෙ හිටපු උන් වෙනසට බය නැතුව  මූණ දීපු හින්දා තමයි ලෝකෙ ගඩොල් වලින් කරපු ලොකුම නිර්මාණය වෙච්ච ජේතවනාරාමය හැදුනෙ..
හැබැයි දැන් මේකෙ ඉන්න උන් බයයි.. උන් වෙනස් වෙන්න බයයි. උන්ට ඊට වැඩිය උස නිර්මාණයක් කරගන්න හයියක් නෑ.. උන් දන්නෙ අනේ අපේ ඉතිහාසෙ කියල පම්පෝරිය ගහ ගහ බඩ උලන් ඉන්න විතරයි.
හැබැයි වෙනසට බය නැතුව මූණ දෙන ආදර්සය ඉතිහාසෙන් ගන්න එකෙක්ටවත් ඕනකමක් නෑ..
කොන්ස්තන්තිනෝපල් වැහුවට පස්සෙ අනේ දෙයියනේ දැන් මොකද අපි කරන්නෙ අලයක් කොලයක් කාලා ජීවත් වෙනවා කියලා යුරෝප් උන් ගොටුකොළ වව වව හිටියනං අලුත් ලෝකයක් ගොඩනැගෙන්නෙ නෑ.
උන් මැරෙන්න බය නැතුව නැව් හදලා ජීවිතේට ගිහින් නැති තියනව කියල හිතාගන්නවත් බැරි ලෝකයක් හොයාගෙන රුවල් නැව්වල මුහුදට බැස්සා.. ඒ බය නැතිකමේ ප්‍රථිඵල.. ඒ වෙනසට මූණ දීමට තියන හැකියාව.. වෙනස් වෙන්න අලුත් වෙන්න තියන ආසාව තමයි උන් අද ඉන්න තැන තීරණය කරල තියෙන්නෙ.
මේ අනිත් උනුත් ටොපිකොල දාල තියෙන්නෙ. ඉතින් අපි දැම්මම මොකෝ..
අපේ අහවල් මෙව්වා එකේ සහෝදරයලා එදා පටන් දිග කලිසම ඇන්දෙ. දැන් තොපි කියන්නෙ සෝට් ඇඳන් ඇවිල්ලා මේ සුද්ද බූමිය කෙලෙසන්න දෙන්න කියලද.. බෑ.
අනේ කාලයක් තිස්සෙ මෙහෙ අය මුලින් ආවම කලිසම ගලෝලා දණගස්සනවා. ඩෙනිම් ගලෝනව.. ඉතින් කෝමද අනේ ඒකට එපා කියන්නෙ. ඔන්න ඔහෙ රේප් කලත් කටවහන් ඉමු ඒයි.. මාස දෙක තුනයිනෙ.
දහතුන උනාට හැමදාම බස් එකේ පහළවක් ගන්නව... ඉතින් අපි ඕකට කතා කරන්නෙ මොකටද..
ගෑනු බොන්න බෑ.වෙස් නැටුන් නටන්න බෑ.. ලව් කරන්නත් බැස්..ලිවින් ටුගෙදර් බෑ.. බැඳලා ආස්සරේ කරපන්.රන්ඩු වෙනවනං දත විකාගෙන මැරියන්. ඩිවෝස් වෙන්නත් බෑ..
.. අපේ අප්පොච්චි කලානං ඒක අපිත් කරන්න ඕනෙ.. අපේ දාර්සනික අහවල් උත්තමයා කියපු හින්දා ඒක අපිත් කරන්න ඔනෙ.
අම්මෝ අවුරුදු දෙදාහක් තිස්සෙ අපේ ආච්චිලා හාල් ගැරුවෙ ඔය නෑඹිලියෙන්.. ඒක හින්දා ගල් වැලි නැති සම්බා ගේන්න බෑ..
අපේ අහවල් ශුද්ධවූ බම්බුවට අගෞරවක් වෙන හින්දා අපිට ඔය සින්දුව කියන්න බෑ..
අපේ අහවල් මෙව්වා එක කෙලෙසෙන හින්දා බෑ..
අපි අවුරුදු දහ අට කෝටියක ඉඳන් ගොටුකොල වැව්වා.. මේක ගොටුකොල පොළොව.. දැන් අපිට කොම්පියුටර් හදන්න බෑ..
අපේ අහවල් පූර්වජ ආදි මානවයගෙ ඉඳන් එක්සත් බඩකඩිත්තුව පෙරමුණට ඡන්දෙ දුන්නෙ ඒක හින්දා දැන් තොපිට දෙන්න බෑ..
අපේ දේසපාලන වියාපාරෙ අහවල් උත්තමයා අවුරුදු පන්දහකට කලිම් ලියපු පොතේ තියෙන්නෙ එහෙම.. ඒක හින්දා උඹලා වැරදියි.. උ තමයි හරි. ඒක හින්දා අපි හැමදාම මෙහෙම තමයි..
අපි අවුරුදු අහවල් ගාණක ඉඳන් රජතුමා එක්ක හිටියෙ. ඌට අපේ ගෑනු පූජ කර කර. වංගෙඩියෙ දාලා කෙටුවත් අපිට ඕනෙ මහරජතුමා.. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අපිට එපා.. බ්ලා බ්ලා බ්ලා..
ඔන්න ඕකයි මෙහෙ උන්ගෙ තත්වෙ.
වෙනස් වෙන්න බය උන් ඉන්න ලෝකයක්.. අලුත් ලෝකයක් ගැන හිතන්න බැරි උන් ඉන්න ලෝකයක්.. කවදාවත් දියුණු වෙන්නෑ..
ලී ක්වාන් යූව ජනාධිපති කරලා බිල් ගේට්ස්ව මුදල් ඇමති කලත් මේක තුන්වෙනි ලෝකෙ බම්බුව වෙන එක නවත්තන්න බෑ ඔය බයගුලු බහුබූතයො ඉන්නකන්..
# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. කකුල් දෙකෙන් ඇවිදින එකත් වැරදියි.
    කොටින්ම ගොඩට ආව එකම වැරදියි

    ReplyDelete